ETC-HOME-SINHALA

222 Extention & training Centre

ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථ‍ානයට සාදරයෙන් පිළිගනිමු

ව්‍යාප්ති වැඩසටහන්

ජාතික ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වන්නා වු ගොවි මහතුන්ගේ දැනුම,කුසලතාව සහ ආකල්ප ප්‍රවර්ධනය කිරීමෙහිලා ඔවුනට අවශ්‍ය උපදේශක සේවා ලබා දීම ව්‍යාප්ති වැඩසටහන් යටතේ සිදු කෙරේ.

කාෂි ව්‍යාපාර සංවර්ධනය

දිවයින තුළ වාණිජ කෘෂි ව්‍යාපාර ප්‍රවර්ධනය කීරීම සහ ශ්‍රි ලංකාව තුල යහපත් කෘෂිකාර්මික පිළිවෙත්(SL-GAP) අනුගමනය කරමින් ආහාර බෝග නිෂ්පාදනය සිදු කිරීමට මඟ පෙන්වීම කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සිදු කරනු ලැබේ.

විභාග

කෘෂිකර්ම විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම අභ්‍යාසලාභී සිසුන්ගේ ඇගයීම් කටයුතු සහ දෙපාර්තමේන්තු කාර්යය මණ්ඩලවල කාර්යක්ෂමතා කඩඉම් විභාග යන විභාග සම්බන්ධව කටයුතු කිරීමේ පුර්ණ වගකීම විභාග අංශයට පැවරී ඇත.

කෘෂිකාර්මික අධ්‍යාපනික වැඩසටහන්

අප මධ්‍යස්ථානය යටතේ කෘෂිකර්ම විද්‍යාල එකොළහක් ක්‍රියාත්මක වන අතර ඉන් පහක ජාතික වෘත්තීය සුදුසුකම් -6 වන මට්ටමේ( NVQ 6) කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවද හයක ජාතික වෘත්තීය සුදුසුකම් -5 වන මට්ටමේ( NVQ 5) කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවද පවත්වනු ලැබේ.

කෘෂිකාර්මික පුහුණු වැඩසටහන්

ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ සෘජු පාලනය යටතේ දිවයින පුරා කෘෂිකර්මාන්තයේ නියලුණු මානව සම්පතේ දැනුම කුසලතාවය සහ ආකල්ප සංවර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහන් පවත්වනු ලබයි.මේ සඳහා දිවයින පුරා විසුරුණු සේවා සංස්කරණ අභ්‍යාස ආයතන දෙකක් සහ දිස්ත්‍රික් ගොවි පුහුණු මධ්‍යාස්ථාන හතරක් පිහිටුවා ඇත. .

ප්‍රකාශන

කෘෂිකර්මාන්තයට අදාල සඟරා, අත් පත්‍රිකා ,පොත් සහ පෝස්ටර් සැකසීම

ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ අපි,

රටේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට මෙන්ම ගොවි ජනතාවගේ ජීවන මට්ටම නඟා සිටුවීම පිණිස අවශ්‍ය වන්නා වු ආහාර බෝග නිෂ්පාදන අංශයේ  ඉහළ කාර්යක්ෂමතාව සාක්ෂාත් කර ගැනීමෙහිලා සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කරන්නෙමු

අපේ මෙහෙවර

ආහාර ,පා්‍ෙෂණ ,  ආර්ථික හා පාරිසරික සුරක්ෂිතතාව සහතික කරනු පිණස   ව්‍යාප්ති, පුහුණු සහ  අධ්‍යපන ක්‍රියාවලිය තුළින් කෘෂිකර්මාන්තය හා සම්බන්ධ සියලුම පාර්ශවකරුවන් සවිබල ගැන්වීම.

අරමුණු

වී,වෙනත් ක්ෂේත්‍ර බෝග , එළවළු, පළතුරු,අල බෝග නිෂ්පාදනයේ සහ ඒ හා සම්බන්ධ අනෙකුත් පාරිභෝගික සේවාවන්හි ඵලදායිතාව ඉහළ නැංවීම අප අංශයේ ප්‍රධාන අරමුණ වේ.

ප්‍රධාන අංශ

  • ව්‍යාප්ති අංශය
  • පුහුණු අංශය
  • අධ්‍යාපන අංශය
  • විභාග අංශය
  • කෘෂි ව්‍යාපාර සංවර්ධන  අංශය
 
 
 
 

විශ‍ේෂඥ උපදේශ සේවා

 විශේෂඥ උපදේශ සේවා සැපයීම සඳහා එළවළු , පළතුරු සහ ධාන්‍ය පිලිබඳ ප්‍රධාන කෘෂි  විශේෂඥ නිලධාරින්   අප ආයතනය සතුව ඇත.

  • විශේෂිත ආහාර බෝග 
  • විශේෂඥ උපදේශකවරු සමග සම්බන්ධ වීමට

අප අමතන්න