Sinhala: SCS Services & Programs

TP : +94 812 388217        E-Mail : scs@doa.gov.lk

වැඩසටහන් හා සේවාවන්

සේවාවන්

  • ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික ජනතාවට වී, අතිරේක ආහාර බෝග, එළවළු, පලතුරු හා අර්තාපල් බෝග වල බීජ හා රෝපණ ද්‍රව්‍ය වල ගුණාත්මය සහතික කර ලබාදීම.
  • බීජ පනත ක්‍රියාත්මක කිරීම
  • බීජ පනතට අදාලව ගුණාත්මීය බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය පිළිබඳව පුහුණුවීම් හා දැනුවත් වීමේ වැඩසටහන්, බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදකයින්, හසුරුවන්නන් බීජ නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ රජයේ හා පෞද්ගලික අංශයේ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වීම.
  • අළුත් ප්‍රභේද නිදහස් කිරීමේදි DUS පරීක්ෂාව (විශේෂියතාවය, ඒකීයතාවය, ස්ථායිතාවය) මෙහෙයවීම.‍
  • අභිජනන බීජ සහතික කිරීම.
  • ආනයනික හා දේශීය නිෂ්පාදන බීජ වල පශ්චාත් පාලන ‍කේෂ්ත්‍ර පරීක්ෂා සිදුකිරීම
  • රජයේ හා පෞද්ගලික අංශවල තවාන් සදහා මව්ශාක තෝරාදීම.
  • පලතුරු පැල තවාන් ලියාපදිංචි කිරීම.
  • ආනයනික හා දේශීය නිෂ්පාදන බීජ වල ප්‍රරෝහනය, ජීව්‍යතාවය, පාරිශුද්ධතාවය හා තෙතමනය බීජ පරීක්ෂනාගාරයේදීම ISTA නිතී රීති වලට අනුකුලව සිදුකිරීම.
  • බීජ සෞඛ්‍ය පරීක්ෂා කිරීම.
  • ගුණාත්මීය බීජ හා රෝපණද්‍රව්‍ය නිෂ්පාදනයේදී පැන නැගෙන කේෂ්ත්‍ර ගැටළු ආදිය පිළිබඳව බීජ පර්යේෂණ පැවැත්වීම.
  • සහතික බීජ නිෂ්පාදනය පිළිබඳව සහතික බීජ නිෂ්පාදකයින්ගේ නාමාවලිය සෑම කන්නයකට වරක් ද පලතුරු පැල නිෂ්පාදකයින්ගේ නාමාවලිය වසරකට වරක් බැගින් ප්‍රකාශයට පත් කිරීම.
  • ආනයනයනය කල බීජ මෙරටට වෙළදපල තුල අලෙවියේදී ඒ සඳහා අවශ්‍ය නාමකරණය ලබාදීම.

වැඩසටහන්

  • බීජ වී සහතික කිරීම..
  • එළවළු බීජ සහතික කිරීම.
  • වෙනත් ක්ෂේත්‍ර භෝග සහතික කිරීම.
  • බීජ අර්තාපල් සහතික කිරීම.
  • පලතුරු පැල සහතික කිරීම.
  • මව් පැල ලියාපදිංචි කිරීම.
  • අභිජනන බීජ සහතික කිරීම.
  • DUS (වෙනස, ඒකාකාරිත්වය, ස්ථාවරත්වය) පරීක්ෂා කිරීම.
  • බීජ පරීක්ෂා කිරීම (දේශීය හා ආනයනික බීජ).
  • බීජ පනත ක්‍රියාත්මක කිරීම.
  • බීජ සෞඛ්‍ය පරීක්ෂණ සහ බීජ පර්යේෂණ.
  • බීජ සහතික කිරීමේ ක්‍රියා පටිපාටිය සහ බීජ පනත පිළිබඳ මාර්ගෝපදේශ සහ අදාළ පොත් පිංච ප්‍රකාශයට පත් කිරීම.