Sinhala: InternalAudit-Activites

internalaudit

ක්‍රියාකාරකම් හා කාර්යභාරය

අප ගැන....

මු.රේ.134 ප්‍රකාරව අභ්‍යන්තර විගණන ඒකකය දෙපාර්තමේන්තුවේ මුදල් හා ගිණුම් කටයුතු නියම වශයෙන් කර ගන්නා කරගෙන යන්නා වූ නොහොත් ඒ කටයුතු සඳහා වගකීමට බැදී ඇත්තා වූ අයගේ මෙන්ම යෝජනා ක්‍රමවල හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හෝ දෙපාර්තමේන්තුවෙන් කෙරෙන වැඩ හා සේවාවන් ඉටුකිරීමෙහි හෝ නියුක්ත වන්නා වූ අයගේද පාලනයෙන් නිදහස්ව තිබිය යුතුය

  • ඒ අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විසින් පහත සඳහන් පරිදි බලය පවරා ඇත.

“Whose specimen signature is appended,is an Internal audit Officer of this department and is authorized to examine on my behalf all records, documents,verify cash,inventory and stores in all department units and to check labor and field operations of machinery and vehicles and to record statement where necessary”

කාර්යභාරය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඇති ආයතන වල අභ්‍යන්තර විගණන කටයුතු සිදු කිරීමේදී පහත කාර්යන් කෙරෙහි අවධානය යොමු කෙරේ.

  • මූල්‍ය රෙගුලාසි 133 ප්‍රකාරව සමස්ථ දෙපාර්තමේන්තුව, මූල්‍ය හා පරිපාලනමය ක්‍රියාකාරකම් රජයේ ආයතන සංග්‍රහයේ, මුදල් රෙගුලාසියේ, රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යංශය, භාණ්ඩාගාරය විසින් හා කලමණාකරන විගණන දෙපාර්තමේන්තුව විසින් වරින් වර නිකුත් කරනු ලබන චක්‍රලේක හා උපදෙස් වලට අනුකූලව කටයුතු කරන්නේදැයි බැලීම, ව්නිවිදභාවයන් යුතුව අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රමයක් ඇති බවට සෑහීමකට පත්වීම හා නිවැරදි දිශානතියට යොමු කිරීම.
  • වැරදි හා වංචා වැළැක්වීම සදහා දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රමය සැළැස්ම අතින් මෙන්ම තත්‍ය ක්‍රියාකාරීත්වය අතින් සාර්ථකදැයි සොයා බැලීම.
  • දෙපාර්තමේන්තුව සතු වත්කම්,සියළුම ආකාරයේ අලාභ හානි වලින් කොතරම් දුරකට ආරක්ෂා කර ඇත්දැයි සොයාබැලීම.
  • නාස්තිය, නිශ්කාර්ය සහ පමණ ඉක්මවා කෙරෙන වියදම් වැළැක්වීම මෙන්ම , ඒවා අනාවරණය කර ගැනීමට යොදන අභ්‍යන්තර පාලන ක්‍රමයේ ප්‍රමාණාත්මකභාවය සොයා බැලීම.
  • දෙපාර්තමේන්තුවේ ගිණුම් පටිපාටිය හා කිසියම් මුදල් වැයවීමට තුඩුදෙන එකී මෙහෙයුම් පරීක්ෂා කිරීම සහ දෙපාර්තමේන්තුවේ දේපල හා වත්කම් ආරක්ෂාකාරී ලෙස අරපිරිමැස්මෙන් යුතුව විධිමත් ලෙස පරිහරණය කරන්නේදැයි සොයා බැලීම.
කාර්යභාරය
  • එක් එක් වර්ෂයට අනුමත කරන ලද විගණන සැලැස්ම ක්‍රියාත්මක කිරීම. එහිදී සෝදිසි පරීක්ෂණ, විගණන පරීක්ෂණ විමර්ශනය කර ගණන් දීමේ නිලධාරියාට, ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට සහ විගණනාධිපතිට වාර්තා කිරීම.
  • කෘ.අ.ජ. මගින් හෝ අභ්‍යන්තර විගණනයට සෘජුවම ලැබෙන පෙත්සම් වලට අදාල කරුණු විමර්ශනය කර ගණන් දීමේ නිලධාරියාට, ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට සහ විගණනාධිපතිට වාර්තා කිරීම.
  • දෙපාර්තමේන්තුවට අයත් සියළුම අධ්‍යක්ෂ කාර්යාල, දීප ව්‍යාප්ත උප කාර්යාල, ආදී සියළුම කාර්යාලවල ගෙවීම් ලියවිලි, ආදායම් වාර්තා, ධාවන සටහන් පරීක්ෂණ කිරීම, ඒවාගේ අඩුපාඩු හඳුනාගෙන අධිභාර තිරීමට ඇත්නම් අධිභාර කිරීම, වැරදි නිවැරදි කිරීමට කටයුතු කිරීම සහ පරීක්ෂා කර අවසන් ලියවිලි රජයේ විගණනයට බාරදීම.
  • සෑම වර්ෂයක් ආරම්භයේදී මු.රේ. 135 බලය පැවරීමේ චක්‍රලේක නිකුත් කිරීම.
  • මුදල් අංශයෙන් නිකුත් කරන චක්‍රලේඛ සඳහා උපදෙස් ලබාදීම සහ ඒවා නිකුත් කිරීම.
  • ඒ ඒ වර්ෂයේ සෑම කාර්තුවකටම වරක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විගණන හා කලමණාකරන කමිටු රැස්වීම් සම්බන්ධීකරණය කිරීමත්, එම කමිටු රැස්වීම් වලදී ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබදව පසු විපරම් කිරීම.
  • ඒ ඒ වර්ෂයේ සෑම කාර්තුවකටම වරක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ විගණන හා කලමණාකරන කමිටු රැස්වීම් සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කිරීම.
  • කලමණාකරන විගණන දෙපාර්තමේන්තුව විසින් විටින් විට නිකුත් කරනු ලබන උපදෙස් හා මග පෙන්වීම් අනුව ක්‍රියාකිරීම හා කලමණාකරන විගණන දෙපාර්තමේන්තුවට අවශ්‍ය මාසිකමය, කාර්තුමය සහ වාර්ෂිකමය වාර්තා  සකස් කර ඉදිරිපත් කිරීම.
  • අවශ්‍ය අවස්ථාවලදී විමර්ශන පැවැත්වීම.