Sinhala: HORDI variety – Okra

HORDI - LOGO

බණ්ඩක්කා

නිකුත් කරන ලද ප්‍රභේද

නිකුත් කල වර්ෂය – 2011 අස්වැන්න – හෙක්ටයාරයකට ටොන්  30 කි දෙමුහුම් ප්‍රභේදයකි. තෙත් සහ අතරමැදි කලාපයේදී පත්‍ර විචිත්‍ර වෛරස් රෝගයට ඔරොත්තු දේ. ලා කොළ පැහැති මධ්‍යම ප්‍රමාණයේ කරල් හටගනී. දින 50 – 60 දී පළමු අස්වැන්න නෙළාගත හැක.

නිකුත් කල වර්ෂය – 1975

වියළි කලාපයේ මාස් කන්නය සඳහා ද අනෙක් කලාපවල යල මහ දෙකන්නයටම ද යෝග්‍ය වේ. කරල් ලා කොල පැහැයට හුරුය. පත්‍ර විචිත්‍ර වෛරස් රෝගයට පාත්‍ර වේ. දින 55-60 කදී පළමු අස්වැන්න නෙලා ගත හැක.

නිකුත් කල වර්ෂය – 1975

වියළි කලාපයේ යල් කන්නය සඳහා ද අනෙකුත් කලාපවල යල, මහ දෙකන්නයටම ද යෝග්‍ය වේ. ලා කහ පැහැති කොළ පාට කරල් හට ගනී. පත්‍ර විචිත්‍ර වෛරස් රෝගයට පාත්‍ර වේ. දින 55 – 60 කදී පළමු අස්වැන්න නෙලා ගත හැක.

 

නිකුත් කල වර්ෂය – 1993

තෙත් කලාපයට වඩා වියළි කලාපයේදී වඩාත් හොඳ වර්ධනයක් පෙන්වයි. යල මහ දෙකන්නයටම යෝග්‍ය වේ. කරල් කොල පැහැතිය. පත්‍ර විචිත්‍ර වෛරස් රෝගයට ඔරොත්තු දේ. දින 50 කදී පමණ පළමු අස්වැන්න නෙලා ගත හැකිය.