Sinhala: HORDI Sub Institute12- FRU

HORDI - LOGO

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ උප ආයතන

ආහාර පර්යේෂණ ඒකකය - ගන්නෝරුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අංශයක් ලෙස  මෙම ඒකකය ක්‍රියාත්මක වේ. ආහාර  පර්යේෂණ ඒකකය, ආහාර බෝග වල පසු අස්වනු තාක්ෂණය  සහ නිෂ්පාදන වැඩි දියුණු කිරිම සදහා පර්යේෂණ පැවැත්විම සම්බන්ධයෙන් මුලික වශයෙන් වගකීම දරයි. බෝග වැඩි දියුණු කිරීමේ වැඩසටහනින් ලබා ගත නියැදි වල ගුණාත්මක තත්ත්වය ඇගයීමද එහි තවත් වගකීමකි. තවද මෙම ආයතනය, තාක්ෂණය  වැඩි දියුණු කිරීම, එම තාක්ෂණය  බෙදා හැරීම සහ යන්ත්‍ර සුත්‍රු භාවිතයෙන්, රාජ්‍ය නොවන සහ පෞද්ගලික අංශයේ සංවිධාන සමග එක්ව සහයොගීතා වැඩසටහන් පවත්වනු ලබයි. එම කාර්යන්ට අමතරව, පසු අස්වනු සහ සැකසුම් කිරීමේ තාක්ෂණික ක්‍රම වල විවිධ අංශ සම්බන්ධයෙන් උපාධි අපේක්ෂක සහ පශ්චාත් උපාධිය හදාරන සිසුන් සිදු කරන පර්යේෂණ කටයුතු වලට අවශ්‍ය පහසුකම් සහ උපදේශ ලබා දිම සිදු කරයි.  

මෙහෙවර

පසු අස්වනු තාක්ෂණය සහ ආහාර සංරක්ෂණ ක්‍රියාදාම වල පර්යේෂණ හා සංවර්ධන කාර්යන් ඉහල නැවිම තුලින් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම. ආහාර සුරක්ෂිතතාවය, තත්ත්ව, පෝෂණය හා ආහාර ස්වස්ථාවය.

සේවාවන්

  • පුහුණු වැඩසටහන්
  • තත්ත්ව විශ්ලේෂණය
  • පර්යේෂණ පහසුකම්
  • උපදෙස් හා උපදේශනය
  • දැනුවත් කිරීමේ වැඩසටහන්

වැඩි විස්තර >>

ක්‍රියාකාරකම්

  • ආයතනයේ පුහුණුව ලබාගන්නා නිෂ්පාදකයින්ගේ ආහාර නිෂ්පාදන වල තත්ත්ව විශ්ලේෂණය සහ ශ්‍රී  ලංකා ප්‍රමිති ආයතනයේ පිරිවිතරයන් පාදක කොට ගත් විද්‍යාගාර  පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම
  • අවශ්‍යතාවයන්ට අනුව, එකතු කල අගය මත ආහාර නිෂ්පාදන,ආහාර ඇසුරුම් ,නිෂ්පාදන කර්මාන්තශාලා ගොඩ නැගීම සදහා ආධුනිකයන්ට ,ආහාර නිෂ්පාදකයින්ට අවශ්‍ය තාක්ෂණික උපදෙස් පුහුණු වැඩසටහන් මගින් ලබා දීම.
  • උපාධිධාරීන්ට , පශ්චාත් උපාධිධාරීන්ට හා ඩිප්ලෝමාධාරීන්ට ආහාර පර්යේෂණ කටයුතු සදහා පහසුකම් සැපයීම.
  • ආහාර සම්බන්ධයෙන් වූ පර්යේෂණ පත්‍රිකා නිකුත් කිරීම.
  • පසු අස්වනු තාක්ෂණ හා අහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ පර්යේෂණ සිදුකිරීම
  • නවීන තාක්ෂණික සහ සාම්ප්‍රදායික ක්‍රම යොදා ගනිමින් නව ආහාර නිෂ්පාදන වල තත්ත්ව විශ්ලේෂණය.
  • එළවලු පළතුරු අපනයනය සදහා ශීත දාම (cold chain) කළමනාකරණ තාක්ෂණය සහ පසු අස්වනු තාක්ෂණය ව්‍යාපාරිකයන්ට ලබා දීම.
  • ආහාර සැකසුම් ක්‍රියාවලි හදුන්වා දීම.

පර්යේෂණ හා ප්‍රකාශන

ගන්නෝරුව ආහාර පර්යේෂණ ඒකකය විසින් කරනු ලබන පර්යේෂණ සහ ප්‍රකාශන

වැඩි විස්තර  >>

තාක්ෂණය

  1. පේර ( guav.apple) සදහා ප්‍රශස්ත ගබඩා තත්ත්ව හදුනා ගැනීම.
  2. මිරිස් කුඩු සදහා ප්‍රශස්ත ගබඩා තත්ත්ව හදුනා ගැනීම
  3. බෙල් පේපර් සදහා ස්භාවික ඉටි තැවරුම් මගින් කාමර උෂ්ණත්වයේ ගබඩා කාලය දීර්ඝ කිරීම
  4. කොස් ඇට පිටි මගින් අගය එකතු කල නිෂ්පාදන වැඩි දියුණු කිරීම.
  5. තක්කාලි ( Solanum lycopersicum Mill) පවුඩර්,නැවුම් තක්කාලි පල්පය යොදා ගන්නා සෝස් කර්මාන්තය සදහා ආදේශකයක් භාවිතා කිරීම.
  6. පසු අස්වනු නාස්තිය අවම කිරීම හා ගොවීන්ගේ ආදායම් තත්ත්වය  ඉහළ නැන්වීමට වට්ටක්කා ආශ්‍රිත අගය එකතු නිෂ්පාදන හඳුන්වා දීම
  7. සුදුසු විජලන ක්‍රමවේදයන් යොදා ගනිමින් කෙසෙල් snacks නිෂ්පාදනය සදහා කෙසෙල් ප්‍රභේද දෙකක් යොදා ගැනීම.

  වැඩි විස්තර >>

උප ඒකකයේ නිළධාරින් - ආහාර පර්යේෂණ ඒකකය

ආචාර්ය එච්.ආර්.පි.ප්‍රනාන්දු

නියෝජ්‍ය අධ්‍යක්ෂ (ආහාර පර්යේෂණ)

එස්.එම්.ඒ.සි.යු.සේනාරත්න මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ඩි.එන්.හෙට්ටිආරච්චි මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

එස්.පි.රිබෙරා මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ආචාර්ය සි.කේ.ඩි.වෙල්ලාල

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (සංවර්ධන)

ආචාර්ය ආර්.ඒ.ඒ.රණතුංග මයා

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

අප අමතන්න