Sinhala: HORDI Sub Institute12- FRU-Technologies

HORDI - LOGO

ආහාර පර්යේෂණ ඒකකය - තාක්ෂණය

ප්‍රශස්ත උෂ්ණත්වය සෙල්සියස් (10-13) , ආර්ද්‍රතාවය (75-85)  % යටතේ සති 4-5 සාර්ථක ලෙස ගබඩා කල හැක.

සුපිරි වෙළද සැල් වල උෂ්ණත්වය සෙල්සියස් (22-24),අඳුරු තත්ත්වය මිරිස් කුඩු ගබඩා කිරීම සදහා වඩාත්ම සුදුසු තත්ත්වය වේ. තෙතමන , ඇස්කෝබික් අම්ල ප්‍රමාණය, මුළු පීනොලික් අම්ල ප්‍රමාණය සහ වර්ණය මාස 4 ක් සදහා වඩාත්ම හොදින් පරිරක්ෂණය වේ. ඇෆ්ලටෝක්සින් නිෂ්පාදනයද ඉහත තත්ත්ව යටතේ උත්තේජනය  නොවේ.

කෝමාරිකා ජෙල් 100% තැවරුම මගින් වඩාත් සාර්ථක ලෙස කාමර උෂ්ණත්වයේ දින 9-12 පමණ කාලයක් ගබඩා කර ගත හැක indra බෙල් පේපර් ප්‍රභේදයේ පසු අස්වනු බර අඩුවීම හා පෝෂණ ගුණය අඩු වීම මෙම තැවරුම් ක්‍රියාවලිය මගින් වලක්වා ගත හැකි විය.

වෙළදපොළ තුල පවතින තිරිගු පිටි පදනම් කරගත් නිෂ්පාදන සදහා වඩාත් සුදුසු ආදේශකයක් ලෙස කොස් පිටි යොදා ගත හැක.කොස් ඇට පිටි වල ප්‍රෝටීන, තන්තු, කාබෝහයිඩ්‍රේට බහුලව අඩංගු වේ.විවිධ අනුපාත වලින් පිටි වර්ග මිශ්‍ර කිරීමෙන් කොස් විස්කෝතු නිෂ්පාදන සිදු කෙරිණි. තිරිගු පිටි-55% , කොස් මදුළු පිටි-40 %, කොස් ඇට පිටි-5 % අඩංගු කරන ලද  විස්කෝතු මාස 3 ක කාලයක් කල් තබා ගත හැකි විණි.

වර්ෂය පුරාවටම තක්කාලි නොමැති විමෙන් සෝස් නිෂ්පාදකයින් තක්කාලි පල්පය ආනයනය සිදු කරයි

තක්කාලි පිටි යොදාගෙන සෝස් නිෂ්පාදනය කිරීමෙන් මෙම තත්ත්වය වලක්වා ගත හැකිය.

  1. ආහාර කර්මාන්තය සදහා වට්ටක්කා විජලන තාක්ෂණය වැඩි දියුණු කිරීම හා ව්‍යාපාරිකයන්ට හදුන්වා දීම.
  2. විජලිත වට්ටක්කා මගින් වට්ටක්කා පිටි නිෂ්පාදනයට තාක්ෂණය හදුන්වා දීම.
  3. වට්ටක්කා පිටි යොදා ගනිමින් පාන් නිෂ්පාදනය සදහා තාක්‍ෂණය වැඩි දියුණු කිරීමට පර්යේෂණ මෙහෙය වීම.
  4. නැවුම් වට්ටක්කා යොදා ගනිමින් අගය එකතු කල නිෂ්පාදන හදුන්වා දීම.

ඇඹුල් සහ සීනි කෙසෙල් යොදාගෙන මෙම පර්යේෂණය සිදු කෙරිණි රික්ත් විජලිත ඇඹුල් කෙසෙල් snacks සදහා වඩාත් උචිත වේ.කාමර උෂ්ණත්වයේ මාස 2 ක පමණ කාලයක් කල් තබා ගත හැක.

red lady පැපොල් ප්‍රභේදය සාන්ද්‍ර සීනි ද්‍රවන වල ගිල්වා රික්ත විජලනය මගින් පැපොල් snacks නිෂ්පාදනය කරයි.

බිම්මල් සොසේජස් ,සැන්විච් බිම්මල් තැවරුම් සදහා සුදුසු ප්‍රභේද හදුනා ගැණුනි , බිම්මල් සොසේජස්-ඔයිස්ටර් බිම්මල්, සැන්විච් බිම්මල් තැවරුම්- ඇබ්ලෝනි බිම්මල්.

විසිර විජලිත ක්‍රමය මගින් පෝෂණ ගුණය ඉතා ඉහල පවුඩර් නිෂ්පාදනයක් වේ.කාමර උෂ්ණත්වයේ සති 8 ක් පමණ කල් තබා ගත හැක.

විසිර විජලිත ක්‍රමය මගින් පෝෂණ ගුණය ඉතා ඉහල පවුඩර් නිෂ්පාදනයක් වේ.කාමර උෂ්ණත්වයේ සති 8 ක් පමණ කල් තබා ගත හැක.

බේකරි නිෂ්පාදන සදහා වට්ටකකා පිටි යොදා ගැනිම සිදු කර ඇත, මුලික අමුද්‍රව්‍ය වලට අමතරව විවිධ අනුපාත වලින් පිටි මිශ්‍ර කිරිමෙන් බේකරි නිෂ්පාදන සාදා ගනී.

ලොකු ළූණු යොදා ගනිමින් අගය එකතු කල නිෂ්පාදන හදුන්වා දිම සදහා පර්යේෂණ කටයුතු මෙහෙය වේ.

සැර බව තත්ත්ව පරාමිතියක් බව සලකමින් රතු ළූණු ප්‍රභේද 9 ක් හා බී ළූණු ප්‍රභේද  2 ක් අධ්‍යයනය කරන ලදී . ඒවායේ පැහැදිලි වෙනස්කම් දක්නට හැකිවිය . රතු ළූණු වල – 7-11 µmol/g , බී ළූණු වල – 4-7  µmol/g ලෙස පයිරුවික් අම්ලය අඩංගු වේ. .

කෙසෙල් චිප්ස් නිෂ්පාදනය සදහා  Xanthum gum, guar gum යොදා ගැනිම සදහා පර්යේෂණ කටයුතු මෙහෙයවයි.