Sinhala: HORDI Crop – Thumba Karawila

HORDI - LOGO

තුඹකරවිල

Momordica dioica ex Roxb.Willd

හේන් වගා ආශ්‍රිතව වැවෙන ද්විගෘහි තුඹ කරවිල වැල්වල හටගන්නා බදරි සහිත, දුර්ලභ එළවළු විශේෂයකි. එය කරවිල පවුලට අයත් වුවද මේවායෙහි තිත්ත රස නොමැති වීමත්, දියවැඩියාව හා ආමාශ රෝග සුව කිරිමේ හැකියාව තිබෙන ආහාරයකි.

නිකුත් කරන ලද ප්‍රභේද

ගෙඩිවල හැඩය අනුව අණ්ඩාකාර, සිලින්ඩරාකාර සහ ගෝලාකාර.

ඡායාංගි ප්‍රභේද – තුම්බිකා / ගොලිකා / විසල් / කේසර / චන්දු

පුමාංගි ප්‍රභේද – පැරකුම්, විශ්ම

දෙමුහුම් ප්‍රභේද:  ඡායාංගි ප්‍රභේදය චන්දු   පුමාංගි ප්‍රභේදය – විශ්ම

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

පහතරට වියළි කලාපය වඩාත් සුදුසුය.

පස

චුර්ණමය  නොවන රතු දුඹුරු පස් කාණ්ඩ වල හොඳින් වැඩෙන අතර කාබනික ද්‍රව්‍ය බහුල හොඳින් ජලය බැස යන පසෙහි හොඳින් වගා කළහැක.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයක් සඳහා  6: 1 අනුපාතයෙන් නම් නිරෝගී ගැහැණු පැල 6000 ක් හා පිරිමි පැල 1111 ක් ද 10: 1 අනුපාතයෙන් නම් නිරෝගී ගැහැණු පැල 6000 ක් සහ පිරිමි පැල 600 ක් අවශ්‍ය වේ. ගෙඩි හට ගැනීමට නම් ඡයාංගි හා පුමාංගී පුෂ්ප දරන වැල් දෙවර්ගයම අවශ්‍යෙව්.

බිම් සැකසීම

සෙන්ටිමීටර 20-30 ක් පමණ ගැඹුරට පස පෙරළා කැට පොඩි කරන්න. සෙ.මී. 30x30x30 ගැඹුරු වලවල් සකසා කාබනික පොහොර සහ මතුපිට පස්  මිශ්‍ර කර පුරවා ගන්න.

වගා කාලය

මහ කන්නයේදී – සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදිද යල කන්නයේදී – මාර්තු – අප්‍රේල් මාසවලදීද බීඡ සිටුවීම ආරම්භ කිරීම සුදුසුය. අමතර ජල පහසුකම් තිබේ නම්, මහාකන්නයේ අධික වර්ෂාව අවසන් වීමෙන් පසු දෙසැම්බර් මැද භාගයේ සිටුවීම සුදුසුය. ජලය තිබේ නම් වසරේ ඕනෑම වේලාවක සිටුවීම කළ හැකිය.

රෝපණ ද්‍රව්‍ය සකස් කිරීම

වැල් කැබලි මුල් ඇදීමෙන් පැල පහසුවෙන් ලබා ගත හැකිය. අග්‍රස්ථයේ ඇති කොළ පාටින් යුත් වැල් කැබලි පුරුක්  2-4 ක් සිටින සේ කපා එම කැබලි රෝපණ මාධ්‍යය සමඟ භාජන වල සිටුවන්න .

අල මගින් ප්‍රචාරණය කරන විට, පෙර කන්නයේ වැලකින් මාස 4 ක් පමණ පවතින සුප්ත  කාලයෙන් පසු ඇස් කිහිපයක් සහිත බීජ අල ලබා ගන්න. එම අල ග්‍රෑම් .40 බර කැබලි වලට කපා වැලි තවානක සිටුවන්න. බීජ සිටුවන්නේ නම්, පෙර කන්නයේ වගාවකින් ලබාගත් බීජ සාමාන්‍ය තත්වයන් යටතේ මාස 9 ක් පමණ ගබඩා කර එක් ස්ථානයක බීජ 4 ක්  බැගින් සිටුවා ඡයාංගි හා පුමාංගී අනුපාතය 6:1 – 10:1 පමණ සිටින සේ අනෙකුත් පුමාංගී පැළ ඉවත් කරන්න.

දෙමුහුම් ප්‍රභේද වැල් කැබලි මුල් ඇදීමෙන් පැල ලබා ගත යුතුය, බිජ මගින් පැල  ලබා ගැනීම සුදුසු නොවේ

වැල් පුහුණු කිරීම

සිටුවීමෙන් සති 2 ක් පමණ වන විට, පහුරු ආධාරයෙන් ඉහලට නැගිය හැකි මීටර් 2 ක් පමණ උස් වූ ආධාරක වලට වැල් යොමු කරන්න

පරතරය

පරතරය පේළි අතර මීටර් 1.5 ක් සහ ශාක අතර මීටර් 1.0 කි.

පොහොර

වලවල් සැකසීමේදී කාබනික පොහොරවලට අමතරව පහත සඳහන් අන්දමට රසායනික පොහොර යොදන්න.

යෙදිය යුතු  අවස්තාව

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට්

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර – සිටුවන විට

75

200

65

මතුපිට පොහොර ( වැල් කප්පාදු කිරීමෙන් පසු)-සති 03

75

200

65

මතුපිට පොහොර (වගාවට සති 4-8 දී)

75

65

සටහන 1: පාංශු පරීක්ෂණයකින් පසු පොස්පරස් සහ පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම වඩාත් සුදුසුය.

ජල සම්පාදනය

වගාව සඳහා ප්‍රමාණවත් පාංශු තෙතමනයක් පවත්වා ගැනීමට ප්‍රමාණවත් ජලය සැපයීම.

වල් පැළෑටි පාලනය

තරුණ වයසේදී, බීජ පැල අසල වල් පැලෑටි ගලවා දමා පාදයට හානි නොවන පරිදි උදළු ගා දමන්න.

පළිබෝධ කළමනාකරණය

එපිලැක්නා කීටයින් පත්‍රවලට හානි කිරීමෙන් පත්‍ර තැනින් තැන දැල් ආකාරයෙන් දිස්වී වියළී යයි. පාලනය සඳහා සුළු වශයෙන් කීටයින් ඇති විට අතින් ඉවත් කර විනාශ කළ හැකිය. එසේ කළ නොහැකි විට ට්‍රයික්ලෝර්ෆොන් මිලි ලීටර් 30-40 ක් ජලය ලීටර් 10ක මිශ්‍ර කර පත්‍ර හොඳින් තෙමෙන සේ යොදන්න. මීට අමතරව ඉල් මැස්සන් සහ ගෙඩි කන දළඹුවන්ගෙන්(Diaphania indica) හානි සිදුවිය හැකිය.

පාලනය කිරීමට කරවිල සඳහා නිර්දේශිත විධි භාවිතා කළ හැකිය.

රෝග කළමනාකරණය

පාදස්ථ කුණුවීම ඕනෑම වර්ධන අවධියකදී වැළඳිය හැකිය. මෙය දිලීර හෝ බැක්ටීරියා නිසා ඇතිවන රෝගී තත්වයකි. ක්ෂේත්‍රයේ හොඳින් ජලවහනය පවත්වා ගැනීම වැදගත් වන අතර රෝගී වැල් ඉවත් කර පැතිරීම වැළැක්වීම සඳහා දිලීරනාශකයක් (තයෝෆනේට් මෙතිල් 85% + තිරාම් 35% හෝ කාබෙන්ඩසිම්) වැල් අවට පස හොඳින් තෙමෙන සේ යොදන්න

එහිදී පත්‍ර මත කහ පැහැති කෝණාකාර පුල්ලි හට ගනී. පසුව මෙම පුල්ලි දුඹුරු පැහැ වේ. අළු සුදුපැහැති දිලීර බීජාණු පත්‍රවල යට පැත්තේ හටගනී. රෝගී පත්‍ර වියළී යයි. මැන්කොසෙබ් 64% +, මෙටලැක්සිල් 18% (රිඩොමිල්) දිලීර නාශකයෙන් ග්‍රෑම් 12 ක් ජලය ලීටර් 10 ක දියකර පත්‍ර යටි පැත්ත හොඳින් තෙමෙන සේ යොදන්න.

අස්වනු නෙළීම

බීජ සිටවු විට මාස 3 කදී පමණ ද අල හෝ වැල් සිටවු විට මාස 2 1/2  ක දීද මල් පිපීම ඇරඹේ.වැල්  කැබලි රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කරන විට, මාස 2 ½ වන තුරු ඇති වන මල් ඉවත් කරන්න. පරාගණයෙන් සති 2 – 3 අතර අස්වනු නෙලිය යුතුය.

අස්වැන්න

එක් ඡායාංගි වැලකින් වර්ෂයකට කි.ග්‍රෑ 6.0 – 8.0 දක්වා ගෙඩි අස්වැන්නක් ලබා ගත හැකිය. මල් පිපීම සිදුවන්නේ ප.ව. 7.00 සිට පසුදා පෙ.ව 8.00 පමණ වේ.