Sinhala: HORDI Crop – Bitter gourd

HORDI - LOGO

කරවිල

Momordica Charantia

කරවිල යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය එළවළු වලින් එකකි. මෙම බෝගයට ප්‍රති- දියවැඩියා හා ප්‍රති පිළිකා නාශකක් ලෙස ඖෂදීය අගයක් ඇත. ඉතා පෝෂදයි  හා ඖෂදීය වටිනාකමක් ඇති බැවින් මෙය වැඩි ඉල්ලුමක් ඇති බෝගයක් බවට පත්වෙමින් තිබේ

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

මුහුදු මට්ටමේ සිට මීටර් 1200 පමණ උස් වූ ප්‍රදේශ දක්වා මෙය සාර්ථකව වගාකළ හැකිය.

පස

කාබනික ද්‍රව්‍ය බහුල, හොඳින් ජලය බැසයන පස් වඩා සුදුසුය. පසෙහි තිබිය යුතු පී.එච්.අගය 5.5 – 7.5 කි.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 6 කි.

තවාන් කළමනාකරණය

තවාන් වැලි තැටි හෝ පාත්ති වලින් සකස් කළ හැකිය. හොඳින් ජලය හා හිරු එළිය ලැබෙන පරිදි බීජ කෙලින්ම තවාන් වල තැබිය හැකිය. පැළ දින 10 ක් තුළ කෙලින්ම තවානෙන් කෙතට මාරු කළ හැකිය. තවත් දින ගණනක් අවශ්‍ය නම් තවත් සති දෙකක් සඳහා පැල භාජන/ පෝච්චි  වලට මාරු කළ හැකිය.

බිම් සැකසීම

සෙන්ටිමීටර් 20-30 ක් පමණ ගැඹුරට පස පෙරළා කැට පොඩිකර ගන්න. සෙන්ටිමීටර් 30 x 30 x 30 ප්‍රමාණයේ වළවල් නිසි පරතරයට සකසා දිරාපත් වූ කාබනික පොහොර හා මතුපිට පස් වලින් පුරවන්න.

පැළසිටුවීම

සෙන්ටිමීටර් 20-30 ක් පමණ ගැඹුරට පස පෙරළා කැට පොඩිකර ගන්න. සෙන්ටිමීටර් 30 x 30 x30  ප්‍රමාණයේ වළවල් නිසි පරතරයට සකසා දිරාපත් වූ කාබනික පොහොර හා මතුපිට පස් වලින් පුරවන්න.

බීජ සිටුවා සති 3 පමණ ගතවූ පසුව මීටර් 2 ක් පමණ උස ශක්තිමත් මැස්සක් (පන්දලමක්) වෙත වැල් යොමු කරන්න. පන්දලමට පහළින් වැලෙහි හට ගන්නා පාර්ශ්වික අංකුර ඉවත් කරන්න.

පරතරය

මීටර් 1.5 x මීටර් 1

පොහොර

යෙදිය යුතු කාලය

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර

75

200

60

මතු පිට පොහොර (සති 04 කට පසු)

75

60

මතු පිට පොහොර (සති 08 කට පසු)

75

60

ජල සම්පාදනය

වගාවට ප්‍රමාණවත් වන පරිදි පසෙහි තෙතමනය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවස්ථවාලදී ජල සම්පාදනය කරන්න. පසෙහි අනවශ්‍ය පරිදි ජලය එක් රැස්වීම වගාවට අහිතකරය. වියළි කාලවලදී වැල් අවට වසුනක් යෙදීමෙන් පස ඉක්මණින් වියළී යාම වළකී.

පළිබෝධ කළමනාකරණය

රෝග කළමනාකරණය

  • දිලීර රෝග
රෝග කාරකය: Podosphaera xanthii රෝග ලක්ෂණ:
  • පළමුව පරිණත පත්‍රවල ලා කහ පැහැති ලප ලෙස දිස්වේ
  • පත්‍ර මතුපිට සුදු පැහැති සුදුමැලි mycelium වර්ධනය වන විට මෙම ලප විශාල වේ
  • දැඩි හානියට ලක් වූ පත්‍ර දුඹුරු පැහැවීම හා හැකිලීම සහ පත්‍ර පතනය සිදුවේ.
පාලනය:
  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
  • අස්වනු ලබාගැනීමෙන් පසු ආසාදිත බෝග අවශේෂ  ඉවත්කිරීම.

රෝග කාරකය : Pseudoperonospora cubensis 

රෝග ලක්ෂණ:

  • පත්‍රවල ඉහළ පෘෂ්ඨයේ පත්‍ර නාරටි මගින් සීමා වූ කෝණාකාර කහ පැහැති ලප.
  • පත්‍ර හරිතක්ෂය බවට පත් වන අතර අවසානයේ නික්‍රෝටික් සහ ධාරක ශාක සෛල මිය යයි.

පාලනය:

  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
  • අස්වනු ලබාගැනීමෙන් පසු ආසාදිත ශාක කොටස්  ඉවත්කිරීම.

රෝග කාරකය :  Sclerotium spp., Fusarium spp.

රෝග ලක්ෂණ:

  • මුල් අවස්ථාවේදී ශාක තාවකාලික මැලවීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි
  • පත්‍ර කහ පැහැ වීම, මැලවීම සහ එල්ලා වැටීම පෙන්නුම් කරයි
  • අවසානයේදී, ශාකය මිය යයි.
  • පාමුල ප්‍රදේශයේ පිහිටි සනාල ගොණු කහ හෝ දුඹුරු බවට පත් වේ.
  • ශාකයේ පාදස්ථයේ සුදු පැහැ දිලීර ජාල දක්නට ලැබේ.

පාලනය:

  • ආසාදිත ශාක පස සමග විනාශ කරන්න
  • ජලවහනය වැඩිදියුණු කිරීම
  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)

රෝග කාරකය : Didymella bryoniae

රෝග ලක්ෂණ:

  • සාමාන්‍යයෙන් ජලයෙන් තෙත් වූ ප්‍රදේශ වල පැතිරීමෙන් පත්‍ර වල සහ පලතුරු වල තුවාල සැදීම ආරම්භවේ
  • මුල් අවස්ථාවේදී හරික්ෂය වූ සිදුරු තිබිය හැක,ඉන්පසු ලා දුඹුරු බවට පත් වි අක්‍රමවත්  හැඩති  විය හැකිය
  • ඵල මත තද පැහැති පැලුණු ගිලුණු ලප ඇති වේ.
  • ගිලුණු, පොතු වලයේ පිළිකා ඇති ස්ථානවල පැල කඩා වැටීම
  • කඳේ ඇති ලප බොහෝ විට ඉරි මෙන් දික් වන අතර ඉරිතැලීම් වලින් මැලියම්  පිටවීම් ඇති විය හැක.
  • පළතුරු, කඳ හෝ පත්‍ර මත තද දුඹුරු පැහැයට හුරු කළු පැහැති බිජාණුධානී (pycnidia) දැකිය හැක.

පාලනය:

  • දිලීර පැවැත්ම අවම කිරීම සඳහා අස්වැන්න නෙලීමෙන් පසු වහාම බෝග අවශේෂ ගැඹුරට සීසෑම කල යුතුය.
  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
  • බැක්ටීරියා රෝග
රෝග කාරකය : Ralstonia solanacearum රෝග ලක්ෂණ:
  • පත්‍ර හදිසි මැලවීම දක්නට ලැබීම
  • අවසානයේදී සම්පුර්ණ ශාකයම මැලවී යයි
  • පත්‍ර දුඹුරු පැහැ වීම සහ , වියලීම
  • සනාල දුර්වර්ණ වීම (දුඹුරු පැහැ වීම)
  • ස්ථිරවම මැලවීම
රෝගකාරක පැතිරීම;
  • ආසාදිත පස, ජලය, බෝග අවශේෂ , නෙමටෝඩාවන් සහ කෘමීන්, කප්පාදු කිරීම, ධාරක ශාක ලෙස වල් පැලෑටි
රෝග විනිශ්චය: ආසාදනයට ලක්වූ ශාකයක කඳ කාපු කෙලවර පැහැදිලි ජලයේ ගිල්වූ විට සුදු පැහැති දුමාරයක් වෑස්සිම පාලනය:
  • ආසාදිත ශාක පස සමග විනාශ කරන්න
  • ප්‍රතිරෝධී ප්‍රභේද (බණ්ඩක්කා, බඩ ඉරිඟු) සමඟ බෝග මාරුව
  • Cruciferae කුලයේ බෝග සමඟ මිශ්‍ර වගාව
  • ආසාදිත ක්ෂේත්‍රවල සිට ආසාදනය නොවූ ක්ෂේත්‍ර වෙත උපකරණ ගෙන යාමෙන් වැලකීම
  • වෛරස් රෝග
සුදු මැස්සා  (Bemicia tabaci) මගින් සම්ප්‍රේෂණය වේ. රෝග ලක්ෂණ:
  • පත්‍ර උඩු අතට රැලිවීම, පර්ව  කෙටි කිරීම සහ විකෘති වීම
  • පැල කුරුවීම් සහ ඵල විකෘති වීම.
කුඩිත්තන් මගින් සම්ප්‍රේෂණය වේ. රෝග ලක්ෂණ:
  • විචිත්‍ර වූ පුල්ලි සහිත ලප පත්‍ර මත දක්නට ලැබීම.
  • පත්‍ර විකෘති වීම්
  • ඵල විකෘති වීම සහ ගෙඩිවල ප්‍රමාණය කුඩා වීම
  • දරුණු ආසාදනවලදී, ඵල මතුපිට තෙල් සහිත පැල්ලම් දක්නට ලැබේ

බීජ සහ යුෂ මගින් සම්ප්‍රේෂණය සිදුවේ.

රෝග ලක්ෂණ:

  • කොළ පැහැති පුල්ලි ඇතිවීම හා පත්‍ර විකෘති වීම
  • ඵල මත කොළ පැහැති ලප, දීප්තිමත් කහ සහ දිරාපත් වූ ඵල බවට පත් වේ
  • ඵල විකෘති වීම.

රෝග ලක්ෂණ:

  • ශාක කුරු වීම, කහ වීම, හරිතක්ෂය (අවස්ථානුකුලව) , විචිත්‍ර විකෘති පත්‍ර (බිබිලි)
  • ඵල දුර්වර්ණ වීම සහ විකෘති වීම
  • පයිටොප්ලාස්මා  රෝගය / කුඩා පත්‍ර රෝගය
රෝග ලක්ෂණ
  • කුඩා , ඝනකම් වූ සහ කහ පැහැති කොළ පාට වූ පත්‍ර ,
  • පර්ව කෙටිවීම හා ශාක කුරුවීම,
  • සෙව්වන්දි ආකාර වීම,
  • මල් කොළ පැහැයට හැරීම.
ආසාධිත බීජ හරහා සහ පත්‍ර කී කීඩෑවන් මගින් සම්ප්‍රේෂණය වේ රෝග පාලනය ආසාදිත ශාක ඉවත් කිරීම හා නිර්දේශිත කෘමිනාශකයක් භාවිතයෙන් වාහකයන් (පත්‍ර කීඩෑවන් ) පාලනය කරන්න

අස්වැන්න නෙළීම

හොඳින් වැඩී මෝරා ඇති අවස්ථාවේ කරල් නෙළාගන්න. වගාවට දින 60 – 75 වූ විට පළමු අස්වැන්න ලැබේ. ඉන්පසු දින 4 කට පමණ වරක් බැගින් අස්වනු වාර 10 – 14 පමණ ලබාගත හැකිය.

අස්වැන්න

OP ප්‍රභේද -හෙක්ටයාරයකට ටොන් 20 කි.

දෙමුහුන් ප්‍රභේද – හෙක්ටයාරයකට ටොන් 20-30  කි.