Sinhala: Finance-Subunits-EngineeringAccounts


ඉංජිනේරු ගිණුම් අංශය

අපගේ ප්‍රධාන වගකීම් වනුයේ ප්‍රධාන ඉංජිනේරු අංශයට හා එහි විෂය පථයට අයත් සියලුම ඒකකවලට අදාළ පුනරාවර්තන ගෙවීම් කිරීම, විශේෂ ව්‍යාපෘති සඳහා ගෙවීම් කිරීම සහ දෙපාර්තමේන්තුවේ විගණන විමසුම් සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය කිරීමයි.

මෙහෙවර

“ඉංජිනේරු ක්‍ෂේත්‍රයට අදාල ගෙවීම් ඵලදායී ලෙස සිදුකිරීම, විවිධ විදේශ ව්‍යාපෘති වල ගෙවීම් කළමනාකරණය කිරීම සහ තැම්පතු ගෙවීම් කළමනාකරණය කිරීම මගින් මුල්‍ය අංශයේ සමස්ත අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා දායක වීම”

සේවාවන්

  • ප්‍රධාන ඉංජිනේරු අංශයට හා එහි විෂය පථයට අයත් සියළු ඒකකවලට අදාළ පුනරාවර්තන වියදම් සඳහා ගෙවීම් කිරීම.
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලනයට අදාළ සියළු ගෙවීම් කිරීම.
තව දුරටත් .....
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ මිලදී ගැනීම් හා ගොවීන් සඳහා කෘෂි ව්‍යාපාර සහය යෝජනා ක්‍රමය යටතේ වන  ගෙවීම් කිරීම.
  • විශේෂ ව්‍යාපෘති සඳහා වන ගෙවීම් කිරීම
    1. IPPC ව්‍යාපෘතිය.
    2. තරුණ සමිති පිහිටුවීම මගින් මී පැණි නිෂ්පාදනය ඉහල නැංවීමේ ව්‍යාපෘතිය.
    3. කෘෂි සංචාරක ව්‍යාපෘතිය.
    4. සේනා දළඹු පාලනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් පවත්වන ව්‍යාපෘතිය.
    5. 2020 තිරසාර පොකුරු ගම්මාන වැඩසටහන.
    6. තිරසාර බෝග නිෂ්පාදනය සඳහා ස්ථානීය පොහොර කළමනාකරණ පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය.
    7. දේශගුණික විපර්යාසයන්ට අනුහුරු කරවීමේ ව්‍යාපෘතිය (C –CAP / UNDP).
    8. SAARC ව්‍යාපෘතිය.
  • රජයේ විගණන කාර්යාලය විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත යොමු කරන විගණන විමසුම් හා අමාත්‍යංශය විසින් යොමු කරන විගණන විමසුම් සඳහා අදාළ අංශ සම්බන්ධීකරණය කරමින් පිළිතුරු සැපයීම හා ඊට අදාළ පසු විපරම් කිරීම.
  • විගණකාධිපති වාර්තා , කළමනාකරණ විගණන වාර්තා, රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තා සඳහා අදාළ අංශ සම්බන්ධීකරණය කරමින් පිළිතුරු සැපයීම.

ඉංජිනේරු ගිණුම් අංශය - කාර්ය මණ්ඩලය

user

ආර්.එම්.ජී.වී.එන්. අමරසේන මිය

ගණකාධිකාරී (ශ්‍රී.ලං.ග.සේ - II)



අප අමතන්න