SCPPC Programs – Sinhala

scppc_logo

වැඩසටහන් හා ක්‍රියාකාරකම්

  • උසස් ගුණාත්මයෙන් යුත් රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අදාළ නියෝග හා ප්‍රමිති ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සහ බීජ හා රෝපණ ද්‍රව්‍ය සහතික කිරීම සඳහා අදාළ සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීම.
  • බීජ, ශාක හා ශාක නිෂ්පාදන ආනයනය සහ අපනයනය සඳහා ඇති නිල පාලන ක්‍රමවේදය අධීක්ෂණය.
  • ඵලදායී පළිබෝධ කළමනාකරණ උපාය මාර්ග තුළින් ජාතික ශාක සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම.
  • පළිබෝධනාශක ආරක්ෂිතව හා ඵලදායී ලෙස භාවිතා කිරීමට පහසුකම් සැපසීම සඳහා පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ නියෝග ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය.
  • ආහාර බෝගවල ශාක ජාන සම්පත් කළමනාකරණය අධීක්ෂණය.
  • බීජ පනත, ශාක ආරක්ෂක පනත සහ පළිබෝධනාශක පාලනය කිරීමේ පනතට අදාළ නියාමන කාර්යයන් බලාත්මක කිරීම.
  • බීජ සහතික කිරීම හා පැළෑටි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පරිපාලනය යටතේ පවතින ආයතනවල තාක්ෂණික හා මූල්‍ය ප්‍රගතිය අධීක්ෂණය හා ඇගයීම.