RRDI_Cropestablishment_Sowing_Directsowing_DrySeeding_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ වී - බෝග ස්ථාපිත කිරීම

බීජ වැපිරීම සඳහා භාවිතා කරනු ලබන විවිධ ක්‍රම

තෙත් බීජ වැපිරීම

සිදුකරනු ලබන ආකාරය 
  • හොඳින් බිම් සකසා, පෝරු ගා මට්ටම් කරගත් ක්ෂේත්‍රයට ප්‍රරෝහණය කළ බීජ වපුරනු ලැබේ.
  • බීජ අහඹු ලෙස හෝ පේලි (යන්ත්‍ර හෝ මිනිස් ශ්‍රමය භාවිතයෙන්) වශයෙන් වැපිරීම  සිදු කෙරේ.
    • වර්ග මීටරයකට බීජ 400 
  • වැපිරීමෙන් පසු,  බීජ පැළ වියළීම වළක්වා ගැනීමට වරින් වර ක්ෂේත්‍රය තෙත් කළ යුතුය.
  • වල් පැලෑටි පාලනය කිරීම සඳහා වැපිරීමෙන් සතියකට පසු (බීජ පැල සෙ.මී. 5 ක්)  සෙ. මී. 2ක් පමණ උසට වතුර බැඳීම සිදු කෙරේ.
අවධානය යොමු විය යුතු කරුණු
  • වගාව ක්ෂේත්‍රය තුල හොඳින් ස්ථාපනය වීම විවිධ කරුණු මත පදනම් වන අතර ඒ අනුව ක්ෂේත්‍රය තුල පැල ගහනයේ අඩු වැඩි වීම් සිදු විය හැකිය.
    • ගුණාත්මක බීජ (සහ බීජ දිරිය)
    • බිම්සැකසීමේ ගුණාත්මකභාවය
    • වල් පැල මඟින් ඇති කරනු ලබන තරඟකාරීත්වය
    • ජල කළමනාකරණය
    • අහිතකර පාරිසරික තත්ත්වයන් (උ.දා.  වැපිරීමෙන් පසු ආරම්භක කාල පරිච්ඡේදයේ වර්ෂාපතනය) සහ
    • භෞතික හානි 
  • දිරිමත් බීජ භාවිතය මඟින් මෙම ගැටළු මග හරවා ගත හැක.
  • බීජ පේළි වශයෙන් වැපිරීමෙන්
    • යාන්ත්‍රික වල් පැලෑටි වල පාලනය
    • බෝගය පහසුවෙන් කළමනාකරණය කිරීම
    • බීජ පැලවල ප්‍රශස්ථ ඝනත්වය පවත්වා ගැනීමට හැකිවේ
  • වියදම් සහගත බව නිසා මෙන්ම යන්ත්‍ර ලබා ගැනීමේ අපහසුව නිසා පේලි වශයෙන් වැපිරීම එතරම් ප්‍රචලිත නොවේ.
  •  

වියළි බීජ වැපිරීම

සිදුකරනු ලබන ආකාරය 
  • කණු කැපුණු බීජ වියලි පස මත වැපිරීම කරනු ලැබේ.
  • කැකුලන් හෝ මානාවාරි ක්‍රමය ලෙසින්ද ප්‍රචලිතය.
  • අහඹු ලෙස හෝ පේලි වශයෙන් වැපිරීම සිදු කෙරේ.
  • මෙම බීජ වියලි පසට වපුරන බැවින් බීජ වලට සිදුවන හානිය වැඩි  බැවින් වැඩි බීජ ප්‍රමාණයක් වැපිරිය යුතුය.
    • පාරිසරික හේතුන් මත හෝ
    • භෞතික හේතූන් මත 
  • වල් පාලනය සඳහා වපුරන බීජ ප්‍රමාණය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 150 සිට  කිලෝ ග්‍රෑම් 350 දක්වා වෙනස් කිරීම සිදු කළ හැකිය

ජලය මතට බීජ වැපිරීම

මෙය මෑතකදී හඳුන්වා දුන් භෝග සංස්ථාපන ක්‍රමයකි.

සිදුකරනු ලබන ආකාරය 
  • දින 48 ජලයේ පොඟවන ලද සහ පැය 24  යහන කරන ලද බීජ වතුර බැඳ ඇති ක්ෂේත්‍රයක වපුරනු ලැබේ.
  • තෙත් බීජ වැපිරීමේදී මෙන් නොව, මෙහිදී පෝරුගෑ ක්ෂේත්‍රයක වතුර බැඳ, ඒ මතට බීජ වැපිරීම සිදු කරයි.
    • මෙම බීජ ඉතා සියුම් මඩ තට්ටු සමග පස මත තැන්පත් වීමට හරිනු ලැබේ.
    • බීජ ස්ථාපනයෙන් දිනකට පසු අතිරේක ජලය ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම සිදු කරනු ලැබේ.
ලැබෙන වාසි
  • වපුරන ලද බීජ කුරුල්ලන්ගෙන් ආරක්ෂා වීම.
  • ගැඹුරු මුල් පද්ධතියක් ඇති වන බැවින් ගස් කඩා වැටීමෙන් වැළකේ.