rrdi_cropestablishment_landpreparation_tertiarytillage_si_1

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ සහල් - බිම් සකස් කිරීම

තෘතීයික බිම් සකස් කිරීම

තෘතියික බිම් සැකසීම සිදු කරන්නේ ඇයි?

  • පසේ ව්‍යුහය විනාශ කර පසෙහි සිදුරු සහිත බව හා පාරගම්යතාව අඩු කරයි.
  • මඳක් ගැඹුරින් ඇති පාංශු ස්ථරයට වඩා ඝනත්වයෙන් වැඩි පාංශු තට්ටුවක් සාදයි.
  • පාංශු සිදුරු හරහා පෙරී යාමේන් සිදුවන ජලහානිය අඩුකරයි.

මේ සඳහා සුදුසු අවස්ථාව කුමක්ද?

  • වැපිරීමට හෝ පැල සිටුවීමට දිනකට පෙර.

භාවිතා කරනු ලබන තාක්ෂණ මොනවාද?

  • පස වතුරින් යට කරන අතර පසුව පස හානු ලැබේ (මඩ කිරීමලෙස හැඳින්වේ).
  • පොහොර හොඳින් පසට මිශ්‍ර කිරීම සඳහා මෙම ක්‍රියාව වට කිහිපයක් සිදු කෙරේ.
  • ඉන් පසුව  පස හොඳින් පෝරුගා මට්ටම් කරනු ලැබේ,

විශේෂ අවධානය යොමු කළ යුතු වැදගත් සාධක මොනවාද?

  • පෝරු ගෑම සැලකිය යුතු කාලයක් ක්ෂේත්‍රයේ ජලය රඳවා තබා ගැනීමට සහාය වේ·
  • මට්ටම් කිරීම මගින් බීජ වැපිරීමේදී බෝගයට ඒකාකාරී නිරෝගී බීජ තට්ටුවක් සැකසීම සහතික කෙරෙන අතර වගාවට ජල සම්පාදනයේදී ඒකාකාරී ලෙස ජලය සැපයීම සිදුවේ. එමඟින් අනවශ්‍ය ගැඹුරකට පැල යටවීමෙන් සිදුවිය හැකි හානි මෙන්ම භූමිය සාපේක්ෂව උසින් වැඩි ජල මට්ටම අඩු තැන්වල වල් පැල වර්ධනය වීම අඩුකර ගත හැකි අතර සමාකාර වගාවක් පවත්වාගෙන යා හැක.

පෝරු ගෑම

  • පසෙන් ජලය කාන්දු වීම අඩු කරයි.
  • වැඩි ජල පරිමාවක් (වගාවේ සම්පූර්ණ ජල අවශ්‍යතාවයෙන් 20-40%) අවශ්‍ය වේ.
  • වගාව සංස්ථාපනය සඳහා ක්ෂේත්‍රය මඩ කිරීමෙන් පසු දිනක් තැබීම මඟින් සිහින් මැටි අංශු පසේ පහළට සංක්රමණය වීම.
  • පාංශු සිදුරු අඩු මතුපිට පස් තට්ටුවේ තව දුරටත් තිබිය හැකි ඉරිතැලීම් සහ සිදුරු එම පස් අංශු මඟින් පිරවීම සිදුවේ.

මට්ටම් කිරීම

  • හොඳ ජල සහ බෝග කළමනාකරණය සඳහා පූර්ව අවශ්‍යතාවයකි.
  • එමඟින්   :
    • කාර්යක්ෂම භෝග පිහිටුවීම සහ නඩත්තුව.
    • අඩු කාලයක් වැය කොට අඩු ජල ප්‍රමාණයකින් ක්ෂේත්‍රය පවත්වාගෙන යා හැක.
    • ක්ෂේත්‍රයට ඒකාකාර ලෙස ජලය සැයීම පහසුවේ.
  • ක්ෂේත්‍රය මට්ටම් නොකළහොත්,
    • පාංශු අවපාතවල ජලය එක්රැස් විය හැක.
    • සාපේක්ෂව ඉහළ ස්ථාන වියළී යා හැක.
    • එවැනි විටක
      • බෝගය තැනැතැන්වල පමණක් (ක්ෂේත්‍රයේ හිඩැස් තබමින් ) හෝ සමානව නොවන පරිදි වර්ධනය  වීම·
      • පැල මුල අවධියේ වර්ධනය දුර්වල වීම.
      • පොහොර අසමාන ලෙස ක්ෂේත්‍රයේ ව්‍යාප්ත වීම 
      • වල් පැලෑටි ගහනය වැඩි වීම සිදුවිය හැක