RRDI_CropEstablishment_LandPreparation_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ සහල් - බිම් සකස් කිරීම

බිම් සකස් කිරීම

  • වී වගාව සිදුකිරීමේ පළමු සහ ඉතාමත්ම වැදගත් අදියර බිම් සැකැස්මයි.
  • වගාව සංස්ථාපනය කිරීමෙන් පසුව බීජ සහ බීජ පැල සාර්ථකව ක්ෂේත්‍රය තුල පවත්වා ගැනීමට අවශ්‍ය වන පාංශු තත්ව ලබා දීම සඳහා භූමිය භෞතික වශයෙන් සූදානම් කිරීම මෙහි අරමුණයි.
  •  මෙමගින් 
    • මූල වර්ධනය වැඩිදියුණු කරයි
    • විවිධ මට්ටම් වල පස් මිශ්‍ර කිරීම මගින් පසේ ඉතිරි වී ඇති පෝෂක නව වගාව සඳහා ලබාදෙනු ලැබේ
    • වල් පැලෑටි වර්ධනය අවම කරයි
    • පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය ඉහල නංවයි
    • පසේ ජලය සහ පෝෂක රඳවා ගැනීම දියුණු කරයි
    • පස ආශ්‍රිතව ජීවත් වන කෘෂි පලිබෝධකයන්ගේ ජීවන චක්‍රයේ විවිධ අවධි විනාශ කිරීම මගින් කෘෂි පලිබෝධ හානිය යම් මට්ටමකට පාලනය කරනු ලබයි
  • වී වගාව සඳහා බිම් සකස් කිරීම ආකාර දෙකකින් සිදු කරනු ලැබේ.
    • තෙත් බිම් සැකැස්ම – සී සෑමට පෙර ක්ෂේත්‍රය ජලයෙන් යටකර තබනු ලැබේ
    • වියළි බිම් සැකැස්ම – .සී සෑමට පෙර ක්ෂේත්‍රය ජලයෙන් යටකර තබනු නොලැබේ
  • බිම් සැකසීම, අධියර තුනක් යටතේ සිදුකෙරේ.
  • මි හරක් භාවිතය, සිව්රෝද හෝ ද්වි රෝද ට්‍රැක්ටරය භාවිතයෙන් හෝ රෝටවේටරය භාවිතයෙන් මෙම ක්‍රියාවලිය සිදුකරනු ලැබේ.
  • සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා සති 3-4 ගතවේ. 

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.