RRDI_CropEstablishment_LandPreparation_PrimaryTillage_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ සහල් - බිම් සකස් කිරීම

ප්‍රාථමික බිම් සකස් කිරීම

පළමු හීය (ප්‍රාථමික බිම් සැකසීම) සිදු කරන්නේ ඇයි?

  • ශාක මූල පද්ධතිය සකස් වන මටිටමට පසේ ගැඹුර වැඩිකර ලිහිල් කරන අතර මුල් වර්ධනය වීමට ප්‍රමාණවත් ඉඩක් ලබා දේ.
  • වල් පැලෑටි සහ බෝග අපද්‍රව්‍ය පසට යටකර පසෙහි කාබනික ද්‍රව්‍ය අන්තර්ගතය වැඩි දියුණු කරයි.

මේ සඳහා සුදුසු අවස්ථාව කුමක්ද?

  • පසෙහි තෙතමන ප්‍රමාණය සී සෑම සඳහා සුදුසු කාලය තීරණය කරයි.·
  • සීසෑමේදී පස ප්‍රමාණවත් ලෙස කැබලි වන අවසුථාව වඩාත් සුදුසුය.·      
  • ප්‍රාථමික බිම් සැකසුම ද්විතියික බිම් සැකසුමට දින 14කට පෙර (බෝග ස්ථාපනයට සති 3-4කට පෙර) සිදු කළ යුතුය.

භාවිතා කරනු ලබන තාක්ෂණ මොනවාද?

  • ගැඹුරු සීසෑම සඳහා – රෝද 04 හෝ 02 ට්‍රැක්ටර් වලට සවි කර ඇති මෝල්ඩ්බෝඩ් නගුල භාවිතා කරනු ලැබේ.·      
  • මධ්‍යම ප්‍රමාණ ගැඹුරට සී සෑම සඳහා – තැටි නගුල හෝ සත්ව / මිනිස් ශ්‍රම බලය සහිත සාම්ප්‍රදායික නගුල භාවිතා කරනු ලැබේ.
  • සීසෑමේ නිර්දේශිත ගැඹුර සෙන්ටිමීටර 20 ක් පමණ වේ.
  • පාංශු කැටිති උසින් අඩක් උසට ආවරණය වන පරිදි ජලය ලබාදිය යුතුය·
  • සීසෑමෙන් පසු කොල පොහොර කුඹුරට එක් කළ යුතුය.
  • නියර රැහීම සිදු කළ යුතු අතර එම වල් පැලෑටි ද කුඹුරට එක් කළ යුතුය

විශේෂ අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු මොනවාද?

  • අඛණ්ඩව වගා කිරීම සහ නිවැරදි සීසෑමේ උපකරණ භාවිතා නොකිරීම මඟින් වැලි සහිත නොගැඹුරු මූල පද්ධති කලාපයක් නිර්මාණය විය හැකිය.  
  • සී සෑම  සහ භෝග ස්ථාපනය අතර කාල පරතරය දීර්ඝ වීම නිසා පසේ ඝණත්වය වැඩි වුවහොත් නැවත් වරක් සීසැම සිදු කළයුතු වේ.
  • “ඇටවරා” (Panicum repens Linn.) සහ “කලාදුරු” (Cyprus rotundus L.) වැනි බහු වාර්ෂික වල් පැළෑටි පාලනය කිරීම සඳහා ගැඹුරට සීසෑම වැදගත් වේ.