RRDI_CropEstablishment_LandPreparation_DryBed_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ වී - බෝග ස්ථාපිත කිරීම

ගොඩ තවාන් ක්‍රමය

තවාන

තවාන සාදන ස්ථානය

  • වගාව සිදු කිරීමට බලා පොරොත්තුවන ක්ෂේත්‍රයෙන් පරිභාහිර ස්ථානයක සකස් කළ හැක.
    • වගාව සිදු කිරීමට බලා පොරොත්තු වන මුළු වගා වපසරියෙන් 10% පමණ ප්‍රදේශයක් තවාන ලෙස සකස් කර ගැනීම සුදුසුය.
    • තවාන සාදන ස්ථානය සෙවන නොමැති හිරු එළියට නිරාවරිත ස්ථානයක් විය යුතුය.
    • පහසුවෙන් ජලය සපයා ගත හැකි ස්ථානයක් විය යුතුය.
    • සාරවත් වැලි සහිත පසක් වීම සුදුසුය (බීජ පැළ ගැලවීමී පහසුව සහ ජල කළමනාකරණයෙහි පහසුව සඳහා )

තවාන සකස් කිරීම

  • අදාල ස්ථානයෙහි සෙ. මී. 5-10 පමණ උසට සහ අවශ්‍ය තරම් දිගැති පාත්ති සකස් කර ගත යුතුය.
  • තුනී කර දහයියා තට්ටුවක් ඒ මත ඇතිරීමෙන් පැළ තවානෙන් ගලවා ගැනීම පහසු කරයි.

තවාන පවත්වාගෙන යාම

  • තවානට හොඳින් ජලය සැපයිය යුතුය.
  • පාංශු පෝශක ප්‍රමානවත් නොවේනම් පාත්ති අතරට මූලික පොහොර මිශ්‍රණයක් යෙදිය යුතුය.
  • මඩ තවාන් මෙන් නොව, අධික වර්ෂා සමයකදී වුවද ගොඩ තවාන් මඟින් බීජ පැල සාදා ගැනීම සිදු කළ හැක.

බීජ වී

අවශ්‍යතාවය

  • හෙක්ටයාරයකට කිලෝ 150ක් පමණ
  • ගොඩ තවානක බීජ පැලවීමේ සම්භාවිතාවය අඩු නිසා මඩ තවාන් දැමීමේදී අවශ්‍යවන බීජ ප්‍රමාණයට වඩා වැඩි බීජ ප්‍රමාණයක් ගොඩ තවාන් සඳහා අවශ්‍ය වේ.

බීජ සකස් කිරීම

  • කනු නොකැපුනු වියලි බීජ හෝ, යාන්තමින් කනු කැපුනු බීජ භාවිතා කළ හැක.

තවාන පිහිටුවීම

  • සෙ. මී 10 ක පමණ පරතරයක් සිටින සේ බීජ පේලි වශයෙන් පාත්ති මත සකස් කරයි.
  • බීජ අහඹු ලෙස වැපිරීමද කළ හැකි නමුත් එවිට වල් පැළ පාලනය අපහසු බැවින්, එය යෝග්‍ය නොවේ.
  • බීජ වැපිරීමෙන් පසු දින 15-21ත් අතර බීජ පැල තවානෙන් ඉවත් කරගත හැකිය
    • බීජ පැල උසින් අඩු නමුත් දිරිමත් බවින් වැඩිය. දිගු මූල පද්ධතියක් සහිතය.
    • පැල ඉදිරීමේදී මුල් වලට හානි සිදු විය හැක.
    • මෙම තවාන් කොළ පාලුව රෝගයට ලක් වීමට මෙන්ම මීයන්ගෙන් සිදුවන හානි වලට ලක් වීමට ඉඩ ඇත.

Premium Banner

වී වර්ග කිහිපයක් කුඩා ප්‍රමාණ වලින් වගා කරන අවස්ථාවන්හිදී බොහෝ විට මෙම ක්‍රමය භාවිතා කරන බැවින් පර්යේෂකයන් අතර ප්‍රකට ක්‍රමයකි.

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.