PMEU – Home – Sin

PMEU - LOGO

ප්‍රගති මෙහෙයුම් හා ඇගයීම් ඒකකයට සාදරයෙන් පිළිගනිමු.

progress

අපි මූල්‍ය හා භෞතික ප්‍රගතිය අධීක්ෂණය කරමු

ප්‍රාග්ධන ප්‍රතිපාදන, පුනරාවර්තන ප්‍රතිපාදන, විශේෂ ව්‍යාපෘති, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන, ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සැලසුම්, කුඩා පරිමාණ ව්‍යාපෘති, අයවැය යෝජනාව මගින් අනුමත කරන ලද ව්‍යාපෘති සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන තාක්ෂණික ක්‍රියාකාරකම්වල භෞතික හා මූල්‍ය ප්‍රගතිය වර්ෂය පුරාම අධීක්ෂණය කරනු ලැබේ. විශේෂ ව්‍යාපෘති, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන, ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සැලසුම්, කුඩා පරිමාණ ව්‍යාපෘතිවල ප්‍රගතිය කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ද තාක්‍ෂණික ක්‍රියාකාරකම්වල ප්‍රගතිය පිළිබඳ මාසික ප්‍රගති වාර්තා සකස් කර විගණන අංශය වෙත ද ඉදිරිපත් කරනු ලැබේ. ඊට අමතරව, පුනරාවර්තන ප්‍රතිපාදන, ප්‍රාග්ධන ප්‍රතිපාදන වියදම් පිළිබඳ ප්‍රගති වාර්තා මාසිකව ඉදිරිපත් කෙරෙන අතර තාක්ෂණික ක්‍රියාකාරී සැලසුම් වල ප්‍රගති වාර්තා අධීක්ෂණය කර කාර්තුමය වශයෙන් විගණන අංශ වෙත ඉදිරිපත් කරනු ලැබේ.

analytics

ප්‍රසම්පාදන ක්‍රියාකාරකම්වල ප්‍රගතිය

සියලුම ප්‍රසම්පාදන කටයුතුවල ප්‍රගතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබේ. සෑම වසරකම දී ම ප්‍රගතිය ගණනය කොට කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉදිරිපත් කර ජාතික ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කරනු ලැබේ.

marketing

වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සකස් කර කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.

තවද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ක්‍රියාකාරකම් ඇතුළු සියලුම කටයුතු පිළිබඳ සවිස්තර විස්තරයක් ඇතුළත් වාර්ෂික වාර්තාව සකස් කර අදාළ ආයතන අතර බෙදා හරිනු ලැබේ.  

ප්‍රගති මෙහෙයුම් හා ඇගයීම් ඒකකය වන අපි,

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම ආයතන හා මධ්‍යස්ථාන විසින් සිදුකරනු  ලබන ක්‍රියාකාරකම් හා සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය අධීක්ෂණය හා ඇගයීම සම්බන්ධ වගකීම උසුලමු.

මීට අමතරව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලසුම්, ප්‍රසම්පාදන සැලසුම්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, මාසික ප්‍රගති වාර්තා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනෙකුත් අදාළ වාර්තා සකස් කිරීමේ වගකීම ද දරමු.

මෙහෙවර

මහජන හා කෘෂි ප්‍රජා සේවා සැපයුම් ප්‍රවර්ධනය හා උචිත ඵල අත්පත් කර ගැනීම සඳහා සහායක සංවිධාන සමඟ එක්ව කටයුතු කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය නියාමනය හා ඇගයීම.

අතිරේක අධ්‍යක්ෂතුමියගේ පණිවිඩය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම ආයතන හා මධ්‍යස්ථානවල ක්‍රියාකාරකම් හා සංවර්ධන වැඩසටහන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති අධීක්ෂණය හා ඇගයීම ප්‍රගති මෙහෙයුම් හා ඇගයීම් ඒකකයේ අනිවාර්ය කාර්යභාරය වේ. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වෙනත් ආයතන සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලසුම්, ප්‍රසම්පාදන සැලසුම්, වාර්ෂික කාර්යසාධන වාර්තාව, මාසික හා කාර්තුමය ප්‍රගති වාර්තා සහ වෙනත් අදාළ වාර්තා සකස් කිරීමේ වගකීම ද ඇතුළත් වේ.

අප අමතන්න