PGRC- Seed Conservation division-Gene Bank [Sinhala]

පැ.ජා.ස.ම උප ඒකක

බීජ සංරක්ෂණය අංශය/ජාන බැංකුව

පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ වැදගත්ම අංශයයි. මෙහි සංරක්ෂණය සඳහා බීජ සැකසීම, ගබඩා කිරීම, බීජ වල ජීව්‍යතාවය පරික්ෂා කිරීම හා පවත්වා ගෙන යාම සහ බීජ අවශ්‍යතාව සඳහා බෙදා හැරිම සිදු කෙරේ.

සංරක්ෂණය කරන බීජ එකතුව ආකාර දෙකකි.

1. ක්‍රියාකාරී බීජ එකතුව-
ක්‍රියාකාරී බීජ එකතුව 5 C᷾º උෂ්ණත්වයක වායුරෝධිව ගබඩා කරන අතර අවට පරිසරයේ ආර්ද්‍රතාවය 25-30% පවත්වා ගනී. බීජ ඉල්ලුම් කරන බීජ අභිජනකයින්, පර්යේෂකයින් හා ගොවීන්ට නිකුත් කරන්නේ ක්‍රියාකාරී බීජ එකතුවෙනි.

2. මුලික බීජ එකතුව- 
මුලික බීජ එකතුව 1 C᷾º ක උෂ්ණත්වයකදී වායුරෝධිව ගබඩා කරන අතර අවට පරිසරයෙන් ආර්ද්‍රතාවය 25-30% අතර පවත්වා ගනී. මෙය දිර්ගකාලින බිජ සංරක්ෂනයි. මෙම බීජ ජිව්‍යතා පරික්ෂා හා ප්‍රතිජනනය සඳහා පමණක් භාවිතා කෙරේ .

මේ වන විට (2023) ජාන බැංකුව යටතේ ලියාපදිංචි කර ඇති බෝග දර්ශ වල අනුක්‍රමික ගණන 17,000ක් පමණ වේ. ඒවා පහත බෝග කාණ්ඩ වලට අයත් වේ.

වී සහ වෙනත් ධාන්‍ය, රනිල, රනිලමය එළවළු, සොලනේසියේ (තක්කාලි) කුළයේ එළවළු, කුළුබඩු, කුකර්බිටේසියේ (වට්ටක්කා) කුළයේ එළවළු, ළූණු, බ්‍රෑසිකේසියේ (ගෝවා) කුලයේ එළවළු,  මුල් හා ආඛන්ද, තෙල් බෝග, තන්තුමය බෝග, අබ සහ ආශ්‍රිත බෝග, ඖෂධිය පැළෑටි සහ පලතුරු බෝග.