PGRC- Exploration [Sinhala]

පැ.ජා.ස.ම උප ඒකකය

ගවේෂණය අංශය

ජාන සම්පත් සංරක්ෂණය සඳහා විද්‍යනුකුල ක්‍රම අනුගමනය කරමින් ලංකාව පුරා ඇති ජාන සම්පත් එකතුකිරිම, සංරක්ෂණය කිරීම මෙන්ම ලංකාවේ දැනට කරගෙන යන පර්යේෂණ කටයුතු සඳහා ලංකාවේ නොමැති ජාන සම්පත් විදේශීය ආයතන වලින් ගෙන්වා ගැනිම, ජාන සම්පත් ගවේෂණය තුලින් ස්ථානීය හා පරිබාහිර සංරක්ෂණය සඳහා අනෙකුත් ආයතනවලට අවශ්‍ය සහයෝගය ලබාදීම සිදු කරයි.
එසේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකාව තුල ජාන සම්පත් එකතු කරමින් සංරක්ෂණය කර ඇති අනෙකුත් ආයතනවලින් ජාන සම්පත් ලබා ගෙන දීර්ඝ කාලින සංරක්ෂණය සඳහා පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ ජාන බැංකුව වෙත ලබා දීම.

ජාන සම්පත් ගවේෂණයේ සහ එකතුකිරිම ප්‍රධාන අරමුණු 03ක් යටතේ සිදු කරනු ලබයි.

  1. ශ්‍රී ලංකාව තුල ඇති වගා කරන බෝග ප්‍රභේද  මෙන්ම අනෙකුත් ආර්ථික වැදගත්කමක් ඇති ශාක වර්ග වල පාරම්පරික ප්‍රභේද මෙන්ම වනදර්ශ, අනාගත ප්‍රයෝජනය සඳහා සංරක්ෂණය කිරීම පිණිස එකතුකිරිම.
  2. දැනට ක්‍රියාත්මකවන පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය වන ජාන සම්පත් එකතුකර සංරක්ෂණය කිරීම.
  3. දුර්ලභ මෙන්ම දැනට වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති ශාක වර්ගවල ජාන සම්පත් එකතු කර සංරක්ෂණය කිරීම.