PGRC- Evaluation [Sinhala]

පැ.ජා.ස.ම උප ඒකක

ඇගයීම් අංශය

එහි ප්‍රධාන කාර්යයන් වනුයේ,

  1. බීජ ගුණනය හා පාරිශුද්ධතාව පවත්වා ගැනීම.
  2. බෝග රූපාණු දර්ශ මත ලාක්ෂනිකරණය සිදු කිරීම.
  3. රෝග හා පලිබෝධ සඳහා ප්‍රතිරෝධතාවය, ආතතීන් දරා ගැනීමේ හැකියාව යන ලක්ෂණ සඳහා මුලික ඇගයීම් සිදු කිරීම.
  4. හඳුනා නොගත් බෝග හඳුනා ගැනීම.
  5. පුර්ව අභිජනන කටයුතු සිදු කිරීම. 
  6. බහු වාර්ෂික බෝග ජාන ප්ලාස්ම නඩත්තු කිරීම.

බීජ ගුණනය හා පාරිශුද්ධතාව පවත්වා ගැනීම.

මෙහි අරමුණ වනුයේ බීජ ගුණනය මගින් සoරක්ෂණය සඳහා බීජ ප්‍රමාණය වැඩි කිරීම සහ  භාවිතයන් සඳහා ලබා දීම.
බීජ පාරිශුද්ධතාවය පවත්වා ගැනීම සඳහා කෘමි ප්‍රතිරෝධ දැල් කූඩ භාවිතය, ආවරණ මළු යෙදීම, කෘතීම පරාගණය සිදු කිරීම යන ක්‍රමවේද භාවිතා කරන අතර එමඟින් බීජ ගුණනයේදී සිදුවන පරපරාගනය ද වළක්වනු ලබයි.

රූපානු දර්ශ ලාක්ෂනිකරණය හා මුලික ඇගයිම.

රූපානු දර්ශ ලාක්ෂනිකරණයේ අරමුණු වන්නේ සංරක්ෂිත දර්ශ  වල ජානමය විවිධත්වය අධ්‍යයනය කිරීම, වෙනස් අනුක්‍රමික අංක සහිත බෝග අතර පවතින එකිනෙකට වෙනස් වූ කැපීපෙනෙන ලක්ෂණ සහ ප්‍රයෝජනවත් විශේෂ ගති ලක්ෂණ හඳුනා ගැනීම වේ.
බෝග ලාක්ෂනිකරණය හා ඇගයීම් සඳහා අන්තර්ජාතිකව පිළිගත්  ලක්ෂණ සමුහයක් (Discriptor list) අධ්‍යයනය කෙරේ.