PGRC- Data Management [Sinhala]

පැ.ජා.ස.ම උප ඒකක

දත්ත කළමනාකරණ අංශය

දත්ත කළමනාකරණ අංශය මගින් පැළෑටි ජාන සම්පත් පිලිබඳ තොරතුරු එක්රැස් කිරීම හා එම තොරතුරු පරිගණක ගත කර යාවත්කාලින කිරීම සිදු කරයි. පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ අනෙකුත් අංශ වන ගවේෂණ අංශය, බීජ සංරක්ෂණ අංශය, ඇගයීම හා ලාක්ෂනිකරණ අංශයන්ගෙන් ලැබෙන ජාන සම්පත් එකතුකිරීම් දත්ත, සංරක්ෂණ දත්ත, ලාක්ෂනිකකරණ දත්ත එක් රැස් කරනු ලබයි.

2021 වර්ෂය වන විට අනුක්‍රමික 16000 ක පමණ සංරක්ෂණ තොරතුරු දත්ත මුලාශයේ ගබඩා කර ඇති අතර වැඩි දියුණු කල ප්‍රභේද, පාරම්පරික ප්‍රභේද, බෝග වන දර්ශ, අභිජනන බීජ ආදිය තොරතුරු පරිගණක ගත කර ඇත.

දත්ත කළමනාකරණ අංශයේ ප්‍රධාන කාර්යට අමතරව පහත සේවාවන්ද සිදු කරනු ලබයි.

  1. විවිධ ව්‍යාපෘති වල දත්ත කළමනාකරණ කටයුතු (ජාත්‍යන්තර ව්‍යාපෘති හා දේශීය ව්‍යාපෘති).
  2. පැළෑටි ජාන සම්පත් පිලිබදව තොරතුරු හා දත්ත පරිශීලකයන්ගේ ඉල්ලීම මත පැළෑටි ජාන සම්පත් සංරක්ෂණ රෙගුලාසි වලට යටත්ව ලබා දීම සිදු කරයි.