NAICC- Services – TV Programs – si

National Agriculture Information and Communication Centre

NAICC උප ඒකක

කෘෂිකාර්මික වීඩියෝ සහ ඡායාරූපකරණය ​

කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේ නව කෘෂි තාක්ෂණික තොරතුරු ජනගත කිරීමේ ඇසි දිසි මාධ්‍ය මෙහෙවර සිදු කරනු ලබන්නේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ විඩීයෝ අංශය මඟිනි. විඩීයෝ අංශය තුළ ඇසි දිසි මාධ්‍ය මෙහෙවරට අමතරව ශබ්ද පටිගත කිරීමේ නවීන ශබ්දාගාර ඒකකයකින් මෙන්ම ජායාරූප අංශයකින් ද සමන්විත වේ.

විඩීයෝ අංශය මඟින් නිෂ්පාදනය කරනු ලබන කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන් සිංහල හා දමිළ යන ද්වී මාධ්‍යයෙන්ම නිෂ්පාදනය කරන අතර සතියේ සෑම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනයක දීම මිහිකත දිනුවෝ, උයරුම් උලවුම් සහ ගොවිබිමට අරුණලු කෘෂිකාර්මික වැඩසටහන් ජාතික නාලිකාව සහ ස්වාධීන රූපවාහිනියේ වසන්තම් ටිවී ඔස්සේ විකාශනය කරනු ලබයි. එසේම කාලීනව අනෙකුත් මාධ්‍ය ජාලයන් තුළ ද මෙම වැඩසටහන් විකාශනය සිදු කරන අතර peo TV, Dialog TV, හරිත TV සහ කෘෂි TV, Youtube මාධ්‍ය ජාල ඒ අතර ප්‍රධාන වේ. එබැවින් විඩීයෝ අංශය මඟින් නිෂ්පාදනය කරනු ලබන කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන් හරහා ගොවි දන නැණ මුවහත් කරමින් දේශීය කෘෂි ආර්ථිකයේ සංවර්ධනයට ඇසි දිසි රූපමය මාධ්‍ය සත්කාරයක් ලබා දීමට අපට හැකී වීම සතුටට කරුණක්

"කෘෂි රූපවාහිනිය" හා සම්බන්ධ වන්න

කෘෂි TV

කෘෂිකාර්මික තාක්ෂණික වැඩසටහන් ජනතාව වෙත ළඟා කර වීමේ පහසුම මග ලෙස සමාජ ජාලා මාධ්‍ය භාවිතය හඳුනාගත හැක. ඒ අනුව, Facebook හා ‍Youtube ඔස්සේසන්නාමය යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික පණිවිඩ කෙටි තාක්ෂණික විඩීයෝ වැඩසටහන් ලෙස ජනතාව වෙත සන්නිවේදනය කරයිි.

විශේෂයෙන්ම කෘෂි TV ආරම්භ වුයේ, තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් වීම විශේෂ වේ. වර්තමානයේ කෘෂිකර්මාන්තයෙන් ඉවත් වන තරුණ ප්‍රජාව නව සන්නිවේදන ක්‍රමවේද භාවිතා කරමින් වැඩි දියුණු වු නව කෘෂි තාක්ෂණික ක්‍රමවේද තුළට නැඹුරු කර ගැනීම කෘෂි TV මඟින් බලාපොරොත්තු වේ.

එසේ ම සමස්ථ Facebook හා ‍Youtube ග්‍රාහක සැමට කෘෂිකාර්මික තොරතුරු ලබා දීමේ හා සන්නිවේදනයේ දේශිය හැරවුම් ලක්ෂය කෘෂි TV වනු නොඅනුමානයි. මේ වන විටත් අධික ප්‍රේක්ෂක ආකර්ශනයක් ද ඇති කෘෂි TV ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා සිටීම කෘෂි TV ඉතා කෙටි කාල සීමාවන් තුළ ලබා ඇති ප්‍රගතියයි.

ඔබට අවශ්‍ය කෘෂිකාර්මික දැනුම ඒකරාශී කර ගැනීමේ පහසුම මඟසමඟ එක්වන්නැයි ආරාධනය කර සිටිමු.

රූපවාහිනී වැඩසටහන්

මිහිකත දිනුවෝ කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන සතියේ සෑම සිකුරාදා දිනයක දීම ප.ව.6.15 ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වේ.

මිහිකත දිනුවෝ

මිහිකත දිනුවෝ රූපවාහිනි කෘෂිකාර්මික වැඩසටහන ආරම්භ වුයේ, වර්ෂ 1998 දීය. මිහිකත දිනුවෝ වැඩසටහන නිෂ්පාදනය කිරීමේ මුලික අරමුණ වන්නේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන නව කෘෂි තාක්ෂණය ගොවි ක්ෂේත්‍ර තුළට හඳුන්වා දෙමින් ඒ හරහා තම ජිවිතය සාර්ථක කර ගත් කෘෂි ව්‍යවසායික පවුලක් හෝ කෘෂි ව්‍යවසායක කණ්ඩායමක්, කෘෂි ව්‍යවසායක මහත්මයකු හෝ මහත්මියක් රටට හඳුන්වා දීම මෙන්ම කෘෂි ව්‍යවසායකත්වයට අදාළ වන කෘෂි ව්‍යවසායකත්ව ක්‍රියාකාරකම් ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි.

මිහිකත දිනුවෝ කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන සතියේ සෑම සිකුරාදා දිනයක දීම ප.ව.6.15 ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වේ. එසේම මිහිකත දිනුවෝ කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන් ඔබට කෘෂි TV හා ‍Youtube ඔස්සේ නැරඹීමට ද අවස්ථාව සලසා ඇත. එසේම ඔබට අවශ්‍ය මිහිකත දිනුවෝ වැඩසටහන් අප ආයතනය වෙත වෙත පැමිණ පිටපත් කර ගැනීමේ පහසුකම ද සපයා ඇත.

ගොවිබිමට අරුණළු කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන සතියේ සෑම ඉරිදා දිනකම ප.ව.6.30ට ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වේ.

ගොවිබිමට අරුණළු

ගොවිබිමට අරුණළු කෘෂි තාක්ෂණික රූපවාහිනි වැඩසටහන වර්ෂ 1994 දී ආරම්භ විය. ගොවිබිමට අරුණළු කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන තුළින් බලාපොරොත්තු වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි තාක්ෂණික තොරතුරු හා නව කෘෂි ව්‍යවසායකත්ව දැනුම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ජනතාව වෙත සම්ප්‍රේෂණය කරමින් ඔවුන්ගේ කෘෂිකාර්මික දැනුම පෝෂණය කිරීම මෙන්ම උකහා ගත් කෘෂිකාර්මික දැනුම ප්‍රායෝගීකරණයට පෙළඹවීමයිි. මේ යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික පර්යේෂණ කටයුතුවල නව කෘෂි තාක්ෂණික සොයා ගැනීම් මෙන්ම විවිධ කෘෂිකාර්මික විෂය පථයන් සම්බන්ධයෙන් වු ප්‍රවීන කෘෂි විශේෂඥයින්ගේ තාක්ෂණික තොරතුරුවලින් සාරවත් වු අපුර්ව නව ඇසි දිසි රූපමය සත්කාරයක් මෙම වැඩසටහන තුළින් ඔබට ලබා දීමට අප සෑම විටම උත්සහ කරන්නෙමු.

ගොවිබිමට අරුණළු කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන සතියේ සෑම ඉරිදා දිනකම ප.ව.6.30ට ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වේ. එසේම ගොවිබිමට අරුණළු කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන් ඔබට කෘෂි TV හා ‍Youtube ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා ඇත. එසේම ඔබට අවශ්‍ය ගොවිබිමට අරුණළු වැඩසටහන් අප ආයතනය වෙත වෙත පැමිණ පිටපත් කර ගැනීමේ පහසුකම ද සපයා ඇත.

ස්වාධින රූපවාහිනි මාධ්‍ය ජාලයේ වසන්තම් රූපවාහිනි නාලිකාව ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම ප.ව. 5.15ට විකාශනය වේ.

උයිරුම් උළවුම් (දෙමළ)

උයරුම් උලවුම් දමිළ කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන දමිළ බස කථා කරන ජනතාවගේ කෘෂි තාක්ෂණික අවශ්‍යතා සපුරාලීම හා දැනුම ලබා දීමේ අරමුණින් වර්ෂ 2020 සිට ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන තුළින් කෘෂිකාර්මික තාක්ෂණය නව ව්‍යවසායකත්ව දැනුම මෙන්ම ගොවිබිම දිනු දිරිය මිනිසුන්ගේ කෘෂි ව්‍යවසායකත්ව අත්දැකිම් හඳුනා දීමත් සිදු කෙරේ.

ස්වාධින රූපවාහිනි මාධ්‍ය ජාලයේ වසන්තම් රූපවාහිනි නාලිකාව ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම ප.ව. 5.15ට විකාශනය වේ. එසේම උයරුම් උළවුම් කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන් ඔබට කෘෂි TV හා ‍Youtube ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා ඇත. එසේම ඔබට අවශ්‍ය උයරුම් උළවුම් වැඩසටහන් අප ආයතනය වෙත වෙත පැමිණ පිටපත් කර ගැනීමේ පහසුකම ද සපයා ඇත.

මිහිකත දිනුවෝ

මිහිකත දිනුවෝ කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන සතියේ සෑම සිකුරාදා දිනයක දීම ප.ව.6.15 ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වේ

මිහිකත දිනුවෝ

මිහිකත දිනුවෝ රූපවාහිනි කෘෂිකාර්මික වැඩසටහන ආරම්භ වුයේ, වර්ෂ 1998 දීය. මිහිකත දිනුවෝ වැඩසටහ නිෂ්පාදනය කිරීමේ මුලික අරමුණ වන්නේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන නව කෘෂි තාක්ෂණය ගොවි ක්ෂේත්‍ර තුළට හඳුන්වා දෙමින් ඒ හරහා තම ජිවිතය සාර්ථක කර ගත් කෘෂි ව්‍යවසායික පවුලක් හෝ කෘෂි ව්‍යවසායක කණ්ඩායමක්, කෘෂි ව්‍යවසායක මහත්මයකු හෝ මහත්මියක් රටට හඳුන්වා දීම මෙන්ම කෘෂි ව්‍යවසායකත්වයට අදාළ වන කෘෂි ව්‍යවසායකත්ව ක්‍රියාකාරකම් ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි.

මිහිකත දිනුවෝ කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන සතියේ සෑම සිකුරාදා දිනයක දීම ප.ව.6.15 ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වේ. එසේම මිහිකත දිනුවෝ කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන් ඔබට කෘෂි TV හා ‍Youtube ඔස්සේ නැරඹීමට ද අවස්ථාව සලසා ඇත. එසේම ඔබට අවශ්‍ය මිහිකත දිනුවෝ වැඩසටහන් අප ආයතනය වෙත වෙත පැමිණ පිටපත් කර ගැනීමේ පහසුකම ද සපයා ඇත.

ගොවිබිමට අරුණළු

ගොවිබිමට අරුණළු කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන සතියේ සෑම ඉරිදා දිනකම ප.ව.6.30ට ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වේ.

ගොවිබිමට අරුණළු

ගොවිබිමට අරුණළු කෘෂි තාක්ෂණික රූපවාහිනි වැඩසටහන වර්ෂ 1994 දී ආරම්භ විය. ගොවිබිමට අරුණළු කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන තුළින් බලාපොරොත්තු වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි තාක්ෂණික තොරතුරු හා නව කෘෂි ව්‍යවසායකත්ව දැනුම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ජනතාව වෙත සම්ප්‍රේෂණය කරමින් ඔවුන්ගේ කෘෂිකාර්මික දැනුම පෝෂණය කිරීම මෙන්ම උකහා ගත් කෘෂිකාර්මික දැනුම ප්‍රායෝගීකරණයට පෙළඹවීමයිි. මේ යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික පර්යේෂණ කටයුතුවල නව කෘෂි තාක්ෂණික සොයා ගැනීම් මෙන්ම විවිධ කෘෂිකාර්මික විෂය පථයන් සම්බන්ධයෙන් වු ප්‍රවීන කෘෂි විශේෂඥයින්ගේ තාක්ෂණික තොරතුරුවලින් සාරවත් වු අපුර්ව නව ඇසි දිසි රූපමය සත්කාරයක් මෙම වැඩසටහන තුළින් ඔබට ලබා දීමට අප සෑම විටම උත්සහ කරන්නෙමු.

ගොවිබිමට අරුණළු කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන සතියේ සෑම ඉරිදා දිනකම ප.ව.6.30ට ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වේ. එසේම ගොවිබිමට අරුණළු කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන් ඔබට කෘෂි TV හා ‍Youtube ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා ඇත. එසේම ඔබට අවශ්‍ය ගොවිබිමට අරුණළු වැඩසටහන් අප ආයතනය වෙත වෙත පැමිණ පිටපත් කර ගැනීමේ පහසුකම ද සපයා ඇත.

උයිරුම් උළවුම් (දෙමළ)

ස්වාධින රූපවාහිනි මාධ්‍ය ජාලයේ වසන්තම් රූපවාහිනි නාලිකාව ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම ප.ව. 5.15ට විකාශනය වේ.

උයිරුම් උළවුම්

උයරුම් උලවුම් දමිළ කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන දමිළ බස කථා කරන ජනතාවගේ කෘෂි තාක්ෂණික අවශ්‍යතා සපුරාලීම හා දැනුම ලබා දීමේ අරමුණින් වර්ෂ 2020 සිට ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන තුළින් කෘෂිකාර්මික තාක්ෂණය නව ව්‍යවසායකත්ව දැනුම මෙන්ම ගොවිබිම දිනු දිරිය මිනිසුන්ගේ කෘෂි ව්‍යවසායකත්ව අත්දැකිම් හඳුනා දීමත් සිදු කෙරේ.

ස්වාධින රූපවාහිනි මාධ්‍ය ජාලයේ වසන්තම් රූපවාහිනි නාලිකාව ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම ප.ව. 5.15ට විකාශනය වේ. එසේම උයරුම් උළවුම් කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන් ඔබට කෘෂි TV හා ‍Youtube ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා ඇත. එසේම ඔබට අවශ්‍ය උයරුම් උළවුම් වැඩසටහන් අප ආයතනය වෙත වෙත පැමිණ පිටපත් කර ගැනීමේ පහසුකම ද සපයා ඇත.

I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

කෘෂිකාර්මික වීඩියෝ සහ ඡායාරූප අංශ ප්‍රධානී

ඩබ්ලිව්.එම්.කේ.ආර්. වික්‍රමසිංහ මයා

නියෝජ්‍ය අධ්‍යක්ෂ (වීඩියෝ නිෂ්පාදන)