Fruit Crops – Star fruit – E

1 horana logo

Star fruit

Family – Oxalidaceae 

Botanical Name – Averrhoa carambola

The web pages in English Language are under construction and will be available soon…

ප්‍රභේද

මීටර් 5-12 පමණ උසැති බහු වාර්ෂික ශාකයක් වන මෙහි සංයුක්ත පත්‍ර පිහිටන අතර පත්‍රිකා යුගල 3-5 කින් යුක්තය. පත්‍ර ආයත හැඩැතිය. පුෂ්පවල වර්ණය ප්‍රභේද අනුව රෝස හෝ ලා දම් පැහැති වන අතර පොකුරු වශයෙන් කඳේ හා අතු රිකිළිවල හටගනී. ඵල කුඩා කාලයේ කොළ පැහැ වන අතර ඉදුණුවිට කහ පැහැයට හැරේ. ඵලය සෙ.මී. 8-10ක් පමණ දික්වන අතර දාර 5-6 කින් යුක්තය.


01. හනී ස්වීට් (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශිතය)

02. බී 10 වර්ගය

03. ෆන්ටන්

 

දේශගුණ අවශ්‍යතා

ලංකාවේ උණුසුම් තෙත් පරිසරයකින් යුත් අතරමැදි කලාපයට අයත් ප්‍රදේශ මෙම බෝගය සඳහා වඩාත් යෝග්‍ය වේ. එහෙත් තෙත් කලාපයේද උස් බිම්වල ඉතා හොඳින් වැවෙන අතර හොඳින් ඵල දරයි.


පස

මනා ජලවහනයක් සහිත මධ්‍යස්ථ ආම්ලිකතාවයක් (pH 5-6) සහිත ලෝම පස වඩාත් උචිත වුවත් පුළුල් පාංශු පරාසයක ශාකය වර්ධනය වේ.

ක්ෂේත්‍රය සැකසීම හා පැළ සිටුවීම

නියමිත පරතරයට සලකුණු කර සෙ. මී. 60 X 60 X 60 වලවල් කපාගත යුතුය. මතුපිට පස් හා කොම්පෝස්ට් පොහොර මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණයෙන් වලෙන් 2/3 පුරවා සති 2 කට පසු වලේ ඉතිරි කොටස්ද එම මිශ්‍රණයෙන්ම පුරවා සිටවිය යුතුය. සිටවූ පැළයට ආධාරකයක් සැපයීම එය හොඳින් ස්ථාපනය වීමට වැදගත් වේ.

ප්‍රචාරණය

බීජ පැළ හා බද්ධ පැළ මඟින් සිදුකෙරේ. උසස් මව් ශාකයකින් නිපදවා ගත් බද්ධ පැළ හොඳ ගුණාත්මක හා උසස් අස්වැන්නක් සඳහා වඩාත් සුදුසු වේ.

නිර්දේශිත පරතරය හා පැළ අවශ්‍යතාවය

පරතරය – මීටර් 5×මීටර් 4


යෙදිය යුතු පොහොර ප්‍රමාණය (පැළයකට/වලකට)

යෙදිය යුතු අවස්ථාව

යූරියා (g)

රොක්පොස්පේට් (g)

මියුරියේට් ඔෆ් පොටෑෂ් (g)

පැළ සිටුවීමට පෙර වලකට

120

230

105

පැළ සිටුවා මාසයකට පසුව

60

115

50

අවුරුද්දකට පසුව

60

115

50

අවුරුදු 2 කට පසුව

180

345

150

අවුරුදු 3 කට පසුව

240

460

200

අවුරුදු 4 කට පසුව

300

575

260

අවුරුදු 5 කට පසුව

360

690

300

ඵල දරන ශාක සඳහා

360

690

300


පොහොර යෙදීම

තෙත් කලාපය තුලදී කීසරයිටි හෝ එප්සම් ලුණු ශාකවලට යෙදීමෙන් සතුටුදායක ප්‍රතිඵල ගෙනදේ. පළමු වසරේදී ගසකට ග්‍රෑම් 250 ක් ද දෙවන වසරේ සිට ගසකට කිලෝ ග්‍රෑම් 1 බැගින්ද යෙදිය යුතුය.

පළිබෝධ

පලතුරු මැස්සා


පාලනය

හානි වූ ගෙඩි විනාශ කිරීම, ක්ෂේත්‍රයේ ඇම තැබීම, නිර්දේශිත කෘමිනාශක නිසි පරිදි භාවිතා කොට රසායනිකව පාලනය කිරීම

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)