Fruit Crops – Sapida-S

1 horana logo

රතු ලොවි (Sapida)

Order : Violales

Family : Flacourtiaceae

Genus : Flacaurtia Comm. ex L’Her

Species : Flacaurtia inermis Roxb

මැලේසියානු සම්භවයක් ඇති ලොවි අප්‍රිකානු හා ආසියානු රටවල පැතිරී ඇති ශාකයකි. එය උගුරැස්ස ශාකය අයත් ව ෆලැකෝෂියේසියේ (Flacourtiaceae) කුලයෙහිම ශාකයක් වන අතර, ලොවි ශාකයේ උගුරැස්ස ශාකයේ මෙන් කඳෙහි කටු දක්නට නොලැබේ. ලොවි ශාකයේ අතු පොළොව දෙසට බරවී පැතිරී වැඩේ. රෝස රතු පැහැයට හුරු දළු පරිනත වන විට දීප්තිමත් කොළ පැහැයට හැරේ. පත්‍ර ගැටිති වල හටගන්නා මල්, පොකුරු ලෙස හටගනී. ඉදුණු විට දීප්තිමත් රතු පැහැති ලොවි ගෙඩි කහට රසැති ඇඹුල් රසයකින් යුතුය. ලොවි ගෙඩියක බීජ 5-10 ක් පමණ දක්නට ඇත. කෙසේ වෙතත් ශ්‍රි ලංකාව තුළ ඇති ලොවි වල රසයේ හැඩයේ ප්‍රමාණයේ විශාල විවිධත්වයක් දක්නට නොලැබේ.

ලොවි පුෂ්ප

ලොවි ඵලය

 

ලොවි වගාවට වඩාත් සුදුසු වන්නේ තෙත් කලාපය වුවද වියළි කලාපීය ප්‍රදේශ වලද ලොවි සරුවට වගා කළ හැකිය. ශ්‍රි ලංකාවේ මීටර් 1,500 කට වඩා පහත් බිම් වල පිහිටි, ගෙවතුවල ලොවි හොඳින් වගාකර තිබේ.

ප්‍රචාරණය

ලොවි ප්‍රචාරණය බීජ මගින් සිදුකළ හැකිය. ලොවි ප්‍රචාරණයට බද්ධ කිරීම වඩාත් සුදුසු ක්‍රමයයි. මෙහිදී කූඤ්ඤ බද්ධය වඩා යෝග්‍ය වේ. වායව අතු බැඳීම, අතු කැබලි භාවිතය මගින්ද ලොවි ශාක ප්‍රචාරණය කළ හැකිය.

ලොවි වසරකට දෙවරක් එනම් මැයි – ජූනි හා නොවැම්බර් – දෙසැම්බර් යන කාල වලදී ඵල දරයි. ලොවි ඵලය තද රතු පැහැයට හැරුනු විට නෙළා ගත හැකිය.

ලොවි සඳහා විශේෂිත වූ රෝග හා පළිබෝධ පිළිබඳ තොරතුරු වාර්තා වී නැත.

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)