Fruit Crops – Namnam-S

1 horana logo

නමිනං (Nam-nam)

Order : Fabales
Family : Fabaceae
Genus : Cynometra L.
Species : Cynometra cauliflora L.

මෙම ශාකය අඩි 5-12 ක් පමණ උසට වැඩෙන්නා වූ සාමාන්‍යයෙන් පඳුරු ආකාර කුඩා ශාකයකි. අතු පතර විහිදී වැඩෙන ඝණ වියනකින් සමන්විත වේ. නමිනං වල විශේෂිතම ලක්ෂණය වන්නේ කදෙහි පොකුරු වශයෙන් පහලට එල්ලෙමින් හට ගන්නා මල් හා ගෙඩිය. නමිනං ගෙඩිය බොහෝ දුරට බෝංචි ඇටයක් හැඩැතිය (Kidney Shaped) බෝංචි කුලයේ ශාකයක් වුවද නමිනං ගෙඩිය පහසුවෙන් විවෘත කළ නොහැකිය. එහෙත් එහි පියලි කළ හැකි බව දැක්වෙන පැහැදිලි රේඛා ගෙඩිය වටා පිහිටා ඇත. නමිනං ගෙඩියේ මතුපිට රැුලි ආකාර වන අතර රළුය. ගෙඩියේ පිටත දුඹුරු කොළ හෝ කහ දුඹුරු පැහැති වන අතර, මදය බොහෝවිට කහ පැහැයට හුරු ක්‍රීම් පැහැතිය.




නමිනං ඵලය


ඉදුණු විට යුෂ සහිත මෘදු මදය ඇඹුල් සහ පැණි රස එක් වූ නමිනං වලටම ආවේනිකවූ මිහිරි රසයකින් යුක්තය.
නොපැසුණු ගෙඩි ඇඹුල් සහ කහට රසයකින් යුක්තය.
නමිනං ගෙඩියක් සෙ.මී. 3-10 ක් පමණ දිගැති උපරිම පළල සෙ.මී. 2-6 ක් පමණ වන හා ඝණකම සෙ.මී. 1-4 ක් පමණ වේ. ඵලයේ ඇතුලත එහි හැඩයට බොහෝ සමානවූ පැතැලි බීජ එකක් දක්නට ඇත.
මෙම ශාකය දේශීයව ස්වාභාවිකව වැඩෙනු දක්නට නොමැති අතර ගෙවතු වල වගා කළ තනි ශාක හෝ ශාක කිහිපයක් ලෙස දක්නට ඇත.
නමිනං බහුලව බීජ මගින් ප්‍රචාරණය කරනු ලබයි. එහෙත් මෙය වර්ධක ප්‍රචාරණයක් මගින්ද ප්‍රචාරණය කළ හැකි බවට සොයාගෙන ඇත.
බීජ මාස 03 ක පමණ සුප්තතාවයක් පෙන්නුම් කරන අතර, බීජ පැළ ඉතා සෙමින් වර්ධනය වේ.
ඵල හට ගැනිම සඳහා බීජ පැළ වලට මේ අනුව වසර 06 ක් පමණ කාලයක් ගතවේ.
නමිනං බඳුන් වගාව සඳහාද භාවිතා කළ හැකි පලතුරු ශාකයකි.

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)