Fruit Crops – Mora-E

1 horana logo

Mora

Order : Sapindales

Family : Sapindaceae

Genus : Dimocarpus Levr

Species : Dimocarpus longan Lour.

 

The web pages in English Language are under construction and will be available soon…

මොර පුෂ්ප

මොර මල්, පුෂ්ප මංජරියක හටගන්නා අතර ශාකයේ වියන පුරා මල් රාශියක් හටගනී.

මොර ඵලය

කුඩා ඵල දුඹුරු පැහැය හා කොළ පැහැය මිශ්‍ර වූ පැහැයක් ගන්නා අතර ඕවලාකාර හෝ රවුම් හැඩැතිය. මොර ඵලයේ ඇත්තේ එක් බීජයකි. ඒ වටා මාංශලමය, යුෂ වලින් පිරුණු පල්පයක් ඇත. පල්පයේ ස්වාභාවය අනුව වැඩි වශයෙන් පල්පය ඇති විට, මස් මොර ලෙසද පැණි රස අධික විට, පැණි මොර හෝ රස මොර ලෙසද ඉතා අල්ප ලෙස පල්පය පිහිටා ඇති විට ඇට මොර ලෙසටද දේශීයව සාමාන්‍ය ජනයා අතර මොර නාමයන් ව්‍යාවහාරයේ පවතී. එම මාංශලමය පල්පයට ඇත්තේ මොර වලටම ආවේනික වූ රසයක් හා දැඩි සුවඳකි. දැනට සොයා ගෙන ඇති දේශීය මොර වල ගෙඩියක බර ග්‍රෑම් 2 සිට 8 පමණ දක්වා විවිධත්වයක් පෙන්නුම් කරයි. වඩා බරැති මොර විශේෂයන් හි ගෙඩි මාංශලයෙන් හා යුෂයෙන් පිරිපුන් අතර වඩා රසවත්ය. මේවා වගා කිරීම සඳහා නිර්දේශ කිරීමට සුදුසු වේ.
මස් මොර
ඇට මොර
 
සදාහරිත ශාකයක් වන මොර ශ්‍රි ලංකාවේ තෙත් හා වියළි කලාපයේ මුහුදු මට්ටමේ සිට මීටර් 750 ක් පමණ උසක් දක්වා වූ ප්‍රදේශ වල වනාන්තර ආශ්‍රිතව ස්වාභාවිකව ව්‍යාප්ත වී ඇත. තවමත් බෝගයක් ලෙස වගා නොකරන මොර ගෙවතුවල දක්නට ඇත්තේ කලාතුරකිනි.

බොහෝ විට වියළි කලාපයේ ස්වාභාවික මෝසම් වැසි වනාන්තරවල මොර ව්‍යාප්ත වී තිඛෙනු දක්නට ලැබේ. මෙහිදී බොහෝවිට දක්නට ඇත්තේ දේශීයව සුලබ ඇට මොර විශේෂය වේ.
ප්‍රචාරණය

මොර බීජ මගින් ප්‍රචාරණය කළ හැකිය. එහෙත්, වඩා සුදුසු වන්නේ ගුණාත්මක මව් ශාකයකින් පැළ නිෂ්පාදනය කර ගැනීමය. මේ සඳහා බද්ධ කිරීම කළ හැකිය. කුඤ්ඤ බද්ධ ක්‍රමය මෙහිදී වඩා සාර්ථකය. වායව අතු බැදීමද මොර ප්‍රචාරණයට භාවිතා කළ හැකි සාර්ථක ක්‍රමයකි.
බීජ පැළ
අතු පැළයක්
බද්ධ පැළයක්

බද්ධ හෝ අතු පැළයක් සිටුවා වසර 2 1/2 – 3 කින් පමණ ඵල දැරීම අරඹයි. මෙලෙස විශාල බඳුනක මොර පැළයක් සාර්ථකව සිටුවා ගත හැකිය. මෙවැනි පැළයක් අඩි 3-4 ක් පමණ උසට වැඩෙන විට ඵල හට ගන්නා තත්ත්වයට පත්වන අතර අවශ්‍ය පරිදි ශාක උස හා වියන පාලනය කර ගැනීමේ හැකියාවද ඇත. මේ අනුව සුදුසු ප්‍රභේද තෝරා වගා කරන්නේ නම් දේශීය හා විදේශීය වෙළදපල සඳහා මොර ඉදිරිපත් කිරීමේ හැකියාව අපටද ඇත.

අළුත් දළු දමමින් වැඩෙන ඵල දරන බද්ධ මොර පැළයක්

බිම සිටවූ වයස අවුරුදු 3 ක් පමණ වූ (ගන්නොරුව) මොර පැළයක්

අස්වැන්න

දේශීයව වසරකට වරක් මාර්තු – අප්‍රේල් කාලයේදී මල් හට ගන්නා අතර සැප්තැම්බර් මාස වල ඵල දරන මොර ශාකයේ අතු කපා දමා අක්‍රමවත් ලෙස ඵල නෙලා ගන්නා නිසා මොර ඵල හට ගැනීම සෑම වසරකම සිදුනොවේ. මේ නිසා ඵල හට ගැනීම අතර දීර්ඝ කාලයක් ගතවේ. අස්වනු නෙලීමේදී සිදු කරන විනාශයත්, නැවත වගා නොකිරීමත් මෙන්ම සංවර්ධන ආදී කටයුතු සඳහා වනාන්තර එළි පෙහෙලි කිරීමත් නිසා මොර ශාකය වඳවීමේ තර්ජනයට ලක්ව ඇතැයි අනුමාන කළ හැකිය.

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)