Fruit Crops-Jamanaran – E

1 horana logo

Jamanaran

Family : Rutaceae

Botanical name : Citrus reticulata

The web pages in English Language are under construction and will be available soon…

ප්‍රභේද

ජූසි

 

  • හොරණ පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් නිපදවන ලද මෙම ප‍්‍රභේදය අපේ රටේ පහත රට කලාපයේ වගාව සඳහා නිර්දේශ කර ඇත.
  • නැවුම් පලතුරක් සඳහා හා යුෂ නිෂ්පාදනයට මෙම වර්ගය යොදාගත හැකිය.
  • ප‍්‍රධාන අස්වනු වාර දෙකක් ඇත.
  • වසර පුරා පැතිරුණු අස්වැන්නක් ලබාදේ.
  • එක් ගසක් වසරකට කිලෝග‍්‍රෑම් 60 ක පමණ අස්වැන්නක් ලබාදේ.
  • ග‍්‍රෑම් 100 – 130 අතර බර විශාල ඵල දරයි.
  • මදය තැඹිලි පැහැයක් ගනි.

 

මධූ

මධූ ප්‍ර‍භේදයේ ශාකයක්

  • වැඩුණු ගසක් මීටර 2 – 2.5ක් පමණ වැඩේ.
  • ශාක වියන පැතිරුණු ස්වභාවයක් කරයි.
  • පත්‍ර ලා කොළ හෝ කහපාට විය හැක.
  • පත්‍ර ලංසාකාරය.
  • පත්‍ර වෘන්තය පියාපත් රහිතය.
  • ගසේ කටු රහිතය.
  • ඵලය රවුම් හෝ ඕවලාකාරය.
  • එහි කෙලවර තරමක් ඇතුලට නෙරා ඇත.
  • ඵල බීජ රහිතය. ඇතැම් විට බීජ 1-2ක් තිබිය හැක.
  • යුෂය ලා කහ හෝ ලා තැඹිලි පාටය.
  • නොමේරූ ගෙඩි තද කොළ පාට වන අතර පැසුණු විට ලා කොළ හෝ කහපාට කොළපාට විය හැක. (මෙය වගා කරන ප්‍රදේශය අනුව තීරණය වේ)
  • ඌව, මධ්‍යම පළාත් සඳහා සුදසු වේ(අතර මැදි කලාපය )

මධූ ප්‍රභේදයේ ඵල

කහ ජමනාරං

හොරණ එහිමි 1

 

  • පොත්ත කහපාටය
  • බීජ රහිතයි.
  • පොතු ගැලීම ඉතා පහසුයි.
  • ඵලයක සාමාන්‍ය බර ග්‍රෑම් 120 කි.
  • වසර 4 කදී මීටර් 1.5 ක් පමණ උසැතිය වන අතර මීටර 1.5-2 පත්‍ර වියන පැතිරේ.
  • අගෝස්තු – සැප්තැම්බර් හා අප්‍රියෙල් – ජූනි කාලවල ඵලදැරීම සිදුවේ.
  • පැණිරස ප්‍රමානය මණින Brix අගය 12.1 පමනවේ.
  • ඌව, මධ්‍යම පළාත් සඳහා සුදසු වේ(අතර මැදි කලාපය )

හොරණ එහිමි 2

 

පොත්ත කහපාටය.

  • බීජ රහිතයි.
  • පොතු ගැලීම ඉතා පහසුයි.
  • ඵලයක සාමාන්‍ය බර ග්‍රෑම්100 කි.
  • වසර 4 කදී මීටර් 1.3 ක් පමණ උසැතිය වන අතර මීටර 1.5-2 පත්‍ර වියන පැතිරේ.
  • අගෝස්තු – සැප්තැම්බර් හා මාර්තු -අප්‍රිෙයල් කාලවල ඵලදැරීම සිදුවේ.
  • පැණිරස ප්‍රමානය මණින Brix අගය 12.5 පමනවේ.
  • ඌව, මධ්‍යම පළාත් සඳහා සුදසු වේ(අතර මැදි කලාපය )

හොරණ එහිමි 3

 

  • පොත්ත කහපාටය.
  • බීජ රහිතයි.
  • පොතු ගැලීම ඉතා පහසුයි.
  • ඵලයක සාමාන්‍ය බර ග්‍රෑම් 85 කි.
  • වසර 4 කදී මීටර් 1.3 ක් පමණ උසැතිය වන අතර මීටර 1.5-2 පත්‍ර වියන පැතිරේ.
  • අගෝස්තු – සැප්තැම්බර් හා මැයි -ජූනි කාලවල ඵලදැරීම සිදුවේ.
  • පැණිරස ප්‍රමානය මණින Brix අගය 11.4 පමනවේ.
  • ඌව, මධ්‍යම පළාත් සඳහා සුදසු වේ(අතර මැදි කලාපය )

ජමනාරං- ඉන්දු

 

 

  • මීටර් 2-2.5 ක් පමණ උසැතිය.
  • වසර 4 කදී මීටර් 2-2.5 ක් පමණ උසැතිය වන අතර මීටර 2-3 ක පත්‍ර වියන පැතිරේ.
  • ඵලයක සාමාන්‍ය බර ග්‍රෑම් 90-120 පමණ වේ.
  • පොත්ත පහසුවෙන් ගැලවේ.
  • ඉදි ඇති විට ගෙඩියේ මාංශලය දිප්තිමත් තැඹිලි පාටය.
  • ගෙඩියක බීජ 2 -8 පමණ තිඹේ
  • මිහිරි රසයෙන් යුතුය.
  • පහත රට තෙත් කලාපය සඳහා සුදසු වේ.

රහංගල වරනය

 

පලය පැතලි ගෝලාකාරය වේ.

  • යුෂ කහ තැඹිලි පැහැතියි.
  • පොත්ත පහසුවෙන් ගැලවේ.

ඌව, මධ්‍යම පළාත් සඳහා සුදසු වේ.

දේශගුනික අවශ්‍යතා


පොදු ජන වහරේ පැගිරි කුලය ලෙස හඳුන්වනු ලබන ශාක කුලයට පැණි දොඩම් සහ ජමනාරං යන දෙවර්ගයම අයත් වේ. මෙය විද්‍යාත්මකව හඳුන්වන්නේ රුටේසි ශාක කුලය ලෙසය. පැගිරි කුලයේ බෝග උපනිවර්තන දේශගුණික තත්ත්ව වලට වඩාත් හොඳ ප්‍රතිචාර දක්වයි. ලංකාව වැනි රටක පවතින විවිධ දේශගුණික කලාප තුල පැගිරි කුලයේ බෝග ව්‍යාප්තිය සැලකූවිට, ජමනාරං වගාව ශීත වියළි මෙන්ම තෙත් දේශගුණික කලාප වලද පැතිරී ඇති බව පෙනීයයි.

මෙලෙස ජමනාරං ලංකාවේ විවිධ ප්‍රදේශවල වගා කිරීමට හැකිවීම මගින් එහි නිෂ්පාදනය ඉහල නංවා ගැනීමට හොඳ විභවයක් පවතී. එමගින් ආනයනික ජමනාරං ප්‍රමාණය අවමකර හොඳ ගුණාත්මයෙන් යුතු ජමනාරං නිපදවා ගැනීමට හැකිවනු ඇත.


කෙසේ වුව ද ජමනාරං වගාවේ සාර්ථකත්වය සඳහා ගසට මැනවින් සූර්යාලෝකය ලැබීම අතිශයින් වැදගත් වේ. වසරේ මාස එකක් දෙකක් පමණ හෝ කෙටි වියළි කාලගුණයක් පවතින විට ගස්වල මල් හට ගැනීම උත්තේජනය වේ.



 
පාංශු අවශ්‍යතා

හොදින් ජලවහනය වන කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු ලොම් පස වගාව සඳහා වඩාත් සුදුසුය. එසේම පසෙහි මීටර් දෙකක් පමණ ගැඹුරක් දක්වා වූ ප්‍රදේශයෙහි බොරළු හෝ තද පස් තටිටුවක් නොමැති වීමද වගාවේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වේ.
මෙම බෝගය සඳහා පසෙහි තිබිය යුතු වඩාත් සුදුසු pH අගය 5-6 පමණ වේ. pH අගය මෙයට වඩා අඩු හෝ වැඩි වුවහොත් නොයෙක් මූලද්‍රව්‍ය විෂවීම් සහ ඌණතාවයන් නිසා වගාව දුර්වල වීමට ඉඩ තිබේ.
වගාවට සුදුසු භූමියක්
 

බිම් සැකසීම

වගා කරන ඉඩම සෝදා පාළුවීම වළක්වා ගැනීම සඳහා සුදුසු පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න. ඉන් පසු නිසි පරතරයට අනුව පැළ සිටුවීම සඳහා වලවල් කපන්න.

රෝපණ ද්‍රව්‍ය

සිටුවීම සඳහා නිර්දේශිත වර්ගයකින් සාර්ථක බද්ද පැලයක් යොදාගැනීම ඉතා වැදගත් වේ.

පරතරය

මීටර් 3.5 – 4.0 X 3.5 – 4.0 වන සේ යෝග්‍ය වේ. මේ අනුව හෙක. 1 ක් සඳහා 715 පමණ පැල ප්‍රමාණයක් යෙදිය හැකි වේ.

වලක් සකසා ගැනීම

  • 75 X 75X 75 සෙ.මී. ප්‍රමාණයේ වලවල් සැකසීම.
  • වලවල් කැපීමේදී මතුපිට පස් හා යටි පස් වෙනම ගොඩගැසිය යුතුයි.
  • දින කීපයක් වලවල් සූර්යාලෝකයට නිරාවරණය කරන්න.

පිරවීම

වලවල් හොඳින් දිරූ කාබනික ද්‍රව්‍ය සහ මතුපිට පස් 1:1 පමණ වන සේ මිශ්‍රකර පිරවීම කළ යුතුයි. ඩොලමයිට් ග්‍රෑම් 500 ක් පමණ එක් වලකට වන සේ මිශ්‍රකර පිරවීම. වල පිරවීම කන්දක ආකාරයට සිදුකිරීම

 

 

 

පිරවූ වල මැද කූඤ්ඤයක් ආධාරයෙන් සලකුණු කරන්න.

රෝපණ ද්‍රව්‍ය සකසා ගැනීම

සිටුවීම සඳහා නිර්දේශිත වර්ගයකින් සාර්ථක බද්ද පැලයක් යොදාගැනීම ඉතා වැදගත් වේ.

පැලය සිටුවීම

වලෙහි මතුපිට පස් ප්‍රමාණය පොළව මට්ටමේ සිට සෙ.මී. 5 – 10 පමණ උසින් වන සේ තුනී කරන්න. කුඩා වලක් රූපයේ ආකාරයට සකසන්න. එම වල පොළොව මට්ටමට වඩා සෙ.මී. 5 ක් පමණ වන තෙක් සකසන්න. පසුව එම වලෙහි තෝරාගත් පැලය පොලිතීන් බඳුන ඉවත්කර තැන්පත් කරන්න. මුල් අනවශ්‍ය ලෙස පහතට ඇතිවිට එම මුල් තිරස්ව නමා පැලය වලෙහි තැන්පත් කර නිසි ලෙස තද කරන්න.

 

 

සිටවූ පැලයට හොඳින් ජලය දමන්න.

පැලයට සති 1 – 2 පමණ කාලයක් සෙවනක් සැපයීම වැදගත් වේ. මේ සඳහා පොල් අතු හෝ සෙවන දැල් භාවිතා කරන්න.

නඩත්තුව

වර්ධනය වන අවධියේ දී අවශ්‍ය අවස්ථා වලදී ජලය සපයන්න. බද්ධ සංධියට පහළින් එන අංකුර කපා ඉවත් කරන්න. එමගින් ග්‍රාහක පැලයක් ඇතිවීම වැලැක්විය හැක.

නිර්දේශිත පොහොර දක්වා ඇති ආකාරයට යෙදීම වැදගත් වේ. වාර්ෂිකව කාබනික පොහොර පැලයකට කි.ග්‍රෑ. 10 ක් පමණවත් ලැබෙන සේ යෙදීම වැදගත් වේ.

ගස පුහුණු කිරීම

  • පැලය පලමු මාස කීපය තුලදී නිදහසේ වර්ධනය වීමට හරින්න.
  • ප්‍රධාන අතු 3 – 4 ක් ඇතිවන සේ ශාකය පුහුණු කර ගැනීම හොඳ අස්වැන්නක් සඳහා ඉතා වැදගත් වේ.
  • ගසෙහි පාදස්ථයේ සිට සෙ.මී. 25-30 පමණ උසක් වනතුරු අතු බෙදීම ආරම්භ වී නැත්නම් ගසේ අග්‍රස්ථය ඉවත් කරන්න. එවිට අතු බෙදීම ආරම්භ වේ.
  • ගස සමතුලිත වන සේ ප්‍රධාන අතු පුහුණු කිරීම වැදගත් වේ.
  • මේ සඳහා අතු තරමක් හැඩ කර කෝටු වැනි ආධාරකයක් මගින් යොමු කිරීම කල හැක.
  • දිය රිකිලි හා අනවශ්‍ය ලෙස ඉහළට වැඩෙන අතු කපා ඉවත් කිරීම.
  • මැරී යන කොටස් කපා ඉවත්කිරීම
  • ශාකය අභ්‍යන්තරයට වැඩෙන අතු ඉවත් කිරීම.
  • අතු ඉවත් කිරීම මල් හට ගැනීම අවසන් වූ පසුව කළ යුතුය.

වසර 2 – 3 පමණ ගත වන විට ශාකයේ ගෙඩි හටගැනීම ආරම්භ වේ. සාමාන්‍යෙයන් මල් හටගැනීම ජනවාරි අග පෙබරවාරි මුලදී පමණ සිදුවේ. මෙම තත්වය පවතින වර්ෂාපතන රටාව අනුව වෙනස් වේ. ඉතා අධිකව ඵල දැරීමක් වේනම් ඉතා විශාල හා ඉතා කුඩා ඵල ඉවත් කිරීම පොකුරු වශයෙන් ඇති වැඩි ඵල ඉවත් කිරීම මගින් ඵල තුනී කළ යුතුය..

තෙත් කලාපය සඳහා පොහොර නිර්දේශ (එක් ගසක් සඳහා)

යොදන අවස්ථාවයූරියාරොක් පොස්පේට්මිටුරියේට් ඔෆ් පොටෑෂ්
මූලික පොහොර (සිටුවීමට දින 2-3කට පෙර)7512025
පළමු වසර තුලදී සෑම මාස 4කට වරක්9010020
දෙවන වසර තුලදී සෑම මාස 4කට වරක්14015030
තෙවන වසර තුලදී සෑම මාස 4කට වරක්19020050
ඉන්පසුව සෑම මාස 4 කට වරක්150225110

 

පොහොර යෙදීමේදී සැලකිලිමත් වියයුතු කරුණු

  • පස තෙත්ව ඇති විට
  • හැකි පමණ පසට කලවම් වන ලෙස
  • දැඩි සූර්යා ලෝකයට නිරාවරණය නොවන සේ යොදන්න.
  • උපකරණ භාවිතා කරන විට හැකි පමණ මුල් වලට වන හානිය අවම කරන්න.

රසායනික පොහොර, කාබනික පොහොර නිර්දේශිත ලෙස යෙදූ පසුත් ශාක කහවීමක් පෙන්නුම් කරයි නම් සුදුසු දියර පොහොරක් වසරකට 4-5 ට වතාවක් යෙදීම කළ යුතුය.

ඩොලමයිට් යෙදීම

ආම්ලිකතාවය 5.5 ට වඩා අඩුනම් යෙදීම සුදුසුයි. මෙය වාර්ෂිකව වර්ග මීටරයකට 200 ග්‍රෑම් පමණ වන සේ එක් කළ යුතුයි. පස තෙත්ව ඇති විට යෙදිය යුතුය.

රසායනික පොහොර හා ඩොලමයිට් එකට මිශ්‍රව නොයෙදිය යුතුය.

 

අස්වනු නෙලීම

ගෙඩියේ නටුව අවම දිගක් වනසේ ද හැකි පමණ නොතැලෙන අයුරින්ද සිදුකල යුතුය. නියමිත අවස්ථාවේදී පමණක් අස්වනු නෙලිය යුතුයි. නැතහොත් රසය හා ගුණාත්මය අඩුවිය හැක.

► රෝග හානි
පැඟිරි කුලයේ ශාක – බැක්ටීරියා රෝග
 

පිළිකා හා හොරි රෝගය  Xanthomonas citri

  • රෝග ලක්ෂණ කොළ, අතු රිකිලි හා ගෙඩිවල ඇති විය හැක.
  • කුඩා පැළ වැඩි වශයෙන් මෙම රෝගයට ගොදුරු වේ.
  • දුඹුරු පැහැ රවුම් කැලැල් වටා තද කහ පාට වූ ප්‍රදේශ හට ගනී.
  • මෙවැනි කැලැල් පත්‍රෙය් දෙපසම හට ගන්නා නිසා පත්‍ර විකෘති හැඩයක් ගනී.
  • ගස් දුර්වල වේ. 

රෝගී ඵල සහිත ශාකයක්

මර්දනය

  • ගස්වල රෝගී අතු ඉවත්කර පුළුස්සා විනාශ කිරීම
  • සුදුසු තඹ අඩංගු දිලීරනාශකයක් යෙදීම
  • දිලීරනිශක යෙදීමෙන් පසු අනිකුත් රෝගවලින් ද ආරක්ෂා කරගත් විට පිළිකා රෝගයට පාත්‍රවීම අඩුකර ගත හැකිය.
  • පලිබෝධ හානි අවම කිරීම
  • නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතය
  • වගාව දිරිමත්ව පවත්වාගෙන යාම

රෝගී වූ පැළයක්

පැඟිරි  කුලයේ ශාක – දිලීර රෝග

රක්ත පටල රෝගය Corticium salmonicolor

  • වර්ෂාව ආරම්භ වීමත් සමඟ පැතිරී යාම සිදු වේ.
  • රෝගී අතුවල පත්‍ර කහපාට වී හැලී යයි.
  • පත්‍ර හැලී ගිය රිකිලි පසු මැරීමට භාජනය වේ.
  • ප්‍රධාන කඳේ හා අතුවල කඳේ පොත්ත මත රෝස පාට කුඩු ආකාරයට දිලීර බීජානු ඇති වේ.
  • දිලීරය මඟින් ගසේ ඉහළට ජලය ගමන් කිරීම වැළැක්වීම නිසා රෝගය හටගත් ස්ථානයෙන් ඉහළ කොටස මැරී යයි.

ප්‍රධාන කඳට රෝගය වැළඳුන විට සම්පූර්ණ ගසම මිය යා හැකිය.

                     රෝගී වූ පත්‍රයක්

මර්දනය
  • රෝගී අතු කප්පාදු කර එම කොටස් පුළුස්සා දමන්න.
  • කැපුම් තුවාලවලට දිලීරනාශක ආලේප කරන්න.
  • වගාවට තඹ අඩංගු දිලීරනෘශක ඉසින්න.
  • අනවශ්‍ය අතුපතර ඉවත් කර සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු කිරීම.

 රෝගී අතු කප්පාදු කර දිලීර නාශක ආලේප කිරීම

පැඟිරි කුලයේ ශාක – දිලීර රෝග

මැලියම් වෑස්සීම Phytophthora citrophthora

මෙය ශ්‍රී ලංකාවේ පැඟිරි බෝග වගාවට විශාල ලෙස හානි කරන රෝගී තත්ත්වයකි. මෙය දිලීර වර්‍ග නිසා මෙන්ම විදුලි කෙටීම හා සුළං මඟින් සිදුවන හානි නිසා ද දැඩි හිරුරැස් කඳ මතට වැටීම නිසා ද හටගනී.

  • කඳෙහි පොත්ත පුපුරා මැලියම් වෑස්සේ.
  • පසුව පොත්ත ගැලවී වියළී යයි.
  • ගස ක්‍රමයෙන් දුර්වල වී යයි.
  • බොහෝ විට කඳෙහි අතු බෙදී ඇති ස්ථානවල ගම් වෑස්සීම දැකිය හැක.
  • අවසානයේදී මුළු අත්තම හෝ ගසම මියයා හැකිය.
 

ක‍දෙහි පොත්ත පුපුරා ඇති ශාකයක්

මර්දනය

  • ගොම සමඟ මිශ්‍ර කර දිය හුණු කඳේ ආලේප කිරීම
  • මඳ වශයෙන් සෙවන සැපයීම
  • තඹ අඩංගු දිලීර නාශකයක් පාප්පයක් ලෙස සකසා රෝගී අතුමත ආලේප කිරීම.
  • දරුණු ලෙස රෝගයට ගොදුරු වූ අතු කපා ගිනි තබන්න.
  • රෝගය හටගත් පසු බෝඩෝ මිශ්‍රණය යෙදීම.
  • නමුත් ලංකාවේ බහුලවම දැකිය හැක්කේ දැඩි හිරු රැස් නිසා ඇතිවන මැලියම් වෑස්සීමේ තත්වයයි.
 

රෝගී කොටස් කප්පාදු කිරීම

පැඟිරි කුලයේ ශාක – දිලීර රෝග

කබොලු රෝගය Sphaceloma forest

  • පත්‍ර, රිකිලි හා ගෙඩිවල අක්‍රමවත් හැඩැති කබොලු ඇති වේ.
  • මෙම කබොලු කහ දුඹුරු පැහැතිය.
  • මෙම පුල්ලි තනිව හෝ සමූහයක් ලෙස ඇතිවිය හැකිය.
  • ස්පර්ෂ කල විට ඒවා මතු පිට නෙරා ඇති බව දැනෙයි.
  • පත්‍ර හැලී යාම රිකිලි පසු මැරීම සිදු වේ.
  • ගෙඩිවල විකෘති වීම සිදුවන අතර ගස ඉතා දුර්වල වෙයි.
  • සමහර විට ශාකය මිය යා හැකිය.

රෝගී පත්‍රයක්

මර්දනය

  • ආසාදිත කොටස් කප්පාදු කර පුළුස්සා දැමීම
  • තඹ අඩංගු දිලීර නාශකයක් කොළදාව තෙමෙන සේ ඉසින්න.

රෝගී ඵලයක්

පැඟිරි කුලයේ ශාක – දිලීර රෝග

පිටිපුස් රෝගය Oidium nephalea

  • ළපටි පත්‍රවලට වැළඳේ.
  • වර්ෂා කාලයේදී බහුල වේ.
  • ළපටි පත්‍ර මත අළු විසිරී ඇති ආකාරයට සුදු පැහැයට හුරු අළුපාට දිලීරය දැකගත හැකිය.
  • කුඩා පත්‍ර හැකිලී විකෘති වී යයි.
  • ආසාදනය වූ රිකිලි මත ද අළු පැහැයක් දැකිය හැක.
  • පත්‍ර අකාලයේ හැලී යයි.
  • රිකිලි පසු මැරීමට භාජනය වේ.

රෝගය වැළදුණු පත්‍ර

මර්දනය

  • ගසට හොඳින් හිරු එළිය ලැබීමට සලස්වන්න.
  • හැලීගිය පත්‍ර එකතු කර ගිනි තබන්න.
  • තඹ අඩංගු දිලීර නාශකයක් ගසට යොදන්න.

රෝගය වැළඳුන ලපටි දල්ලක්

පැඟිරි කුලයේ ශාක – දිලීර රෝග

පාදස්ථ කුණුවීම Phytophthora Spp. Fusarium Spp.

  • කඳ පාමුල පොත්තට හට ගනී.
  • පොත්ත කුණුවී ගසේ මුල් වලට පෝෂණය නොලැබී යයි.
  • මේ නිසා මූල මණ්ඩලය දුර්වල වී ගස ක්‍රමයෙන් පරිහානියට පත්වී අවසානයේ මිය යයි.
  • කඳේ පොත්තට තුවාල වූ විට මෙම රෝගී තත්වය ඇති වේ.
  • පසේ තෙතමනය වැඩි වූ විට ද මෙය ඇති විය හැක.

මර්දනය

  • කඳේ පොත්තට හානි නොවන සේ මර්ධනය කිරීම.
  • පසේ ජලවහනය දියුණු කිරීම.
  • තඹ අඩංගු දිලීර නෘශක යෙදීම.

රෝගය වැළදුන ශාකයක්

පැගිරි කුලයේ ශාක – වෛරස් රෝග
 

ට්‍රිස්ටෙසා වෛරස් රෝගය

  • බද්ධ ගස්වලට පමණක් හටගනී.
  • බීජ මඟින් රෝගය පැතිරීමක් සිදු නොවේ.
  • බද්ධ සන්ධි ස්ථානයේ පොත්තට හට ගන්නා අතර හට ගන්නා අතර පොත්තේ ඇති ආහාර පරිවහනය කරන නාල අවහිර කරයි.
  • මේ නිසා ගසේ මුල් වලට ලැබෙන පෝෂණය නොලැබී යාමෙන් මූල මණ්ඩලය දුර්වල වේ.
  • ගසට පෝෂණය උරා ගැනීමේ හැකියාව ක්‍රමයෙන් අඩුවී පත්‍රවල විවිධ ඌණතා ලක්ෂණ දැකිය හැකි වේ.
  • ළපටි පත්‍රවල නාරටි පළමුව කහපාට වේ.
  • පත්‍ර කුඩා වේ. විකෘති වී පත්‍ර හැලීයාම සිදුවේ.

වෛරස් රෝගය දරුනු ලෙස වැළඳුන ශාකයක්

  • කුඩා රිකිලි විශාල ලෙස හට ගැනීම ඒවා පසු මැරීම.
  • කොළදාව අඩු වීම
  • ගස සම්පූර්ණයෙන්ම කහ පැහැයට හැරීම සහ දුර්වල වීම
  • ක්‍රමයෙන් ජල හිඟ ලක්ෂණ පෙන්වා දුර්වල වීම, හදිස්සියේ මල් ඵල හට ගැනීම හා පසුව ගස මිය යාම
  • කළු කූඩිත්තන් හා වෙනත් කූඩිත්තන් කිහිප වර්ගයක් මඟින් රෝගය පැතිරේ.
  • රෝගී ගස්වල කඳේ සහ අතුවල ඇතුල් පොත්තේ දික් අතට සිදුරු හටගනී.
  • මෙම රෝගී ගස් ඉක්මනින් මැරී නොයන අතර හොඳින් පාලනය කරන්නේ නම් යම් තරමක් දුරට නඩත්තු කර අස්වැන්නක් ද ලබාගත හැක.

පත්‍ර වල දක්නට ලැබෙන කළු කූඩිත්තන්

මර්ධනය

  • රෝගයට ඔරොත්තු දෙන ග්‍රාහක තෝරාගෙන බද්ධ පැළ නිපදවන්න.
  • රෝගයට ඔරොත්තු දෙන දේශීය වර්‍ග වගා කරන්න.
  • රෝගය වැළඳී ඇති ගස් ගලවා පුළුස්සා දමන්න.
  • රෝගය පතුරවන කූඩිත්තන් මර්ධනය කරන්න.

රෝගය වැළඳුනු ඵල

  • රෝගය වැළඳීගෙන එනවිට වැඩිපුර කාබනික පොහොර යෙදීම හා දියර පොහොර යෙදීම.
  • හොඳින් පසේ තෙතමනය පවත්වාගෙන යාම මඟින් ගස දුර්වල වීම අඩුකර ගත හැකිය.
  • වාහකයින් පාලනය.
  • රෝගී ශාක ගලවා විනාශ කිරීම.
  • රෝගයට ඔරොත්තු දෙන ග්‍රාහක බද්ධ කිරීමේදී යොදා ගැනීම.

හීන් නාරං, රෆ් ලෙමන්

යෙදීමට සකස් කරන ලද කාබනික ද්‍රව්‍ය

පැඟිරි කුලයේ ශාක – වෛරස් රෝග

කෙළවන් වීම (Greening)

  • මෙයද වෛරස් හෝ මයිකොප්ලාස්මා රෝගයකි.
  • කොළවල කොළ පැහැති පුල්ලි ඇති වේ.
  • ගස දුර්වල වේ.
  • ගස මැලවී යයි.
  • ගෙඩි හැලී යයි.
  • අවසානයේ ගස මිය යයි.

මර්දනය

  • ට්‍රිස්ටෙසා වෛරස් රෝගය මෙනි.

රෝගී හා නිරෝගී පත්‍ර, ඵල

► කෘමි හානි

පැඟිරි කුලයේ ශාක – පලිබෝධ

පැඟිරි සමනළයා (දෙහි සමනළයා) Papilio demoleus

  • වැඩුනු සතා දර්ශනීය සමනළයෙකි.
  • ගැහැණු සතා ළපටි පත්‍ර, දළු මත බිත්තර දමයි.
  • බිත්තර පුපුරා එන දළඹුවන් ළපටි පත්‍ර හා රිකිලි ඉතා වේගයෙන් ආහාරයට ගෙන විනාශ කර දමයි.
  • දළඹුවන් කුඩා කළ දුඹුරු පැහැතිය.
  • හොඳින් වැඩුණු දළඹුවන් කොළ පැහැතිය.
  • වැඩුණු දළඹුවෙකු සෙ.මී. 3 -5 ක් පමණ විශාලය.

වැඩුනු දර්ශනීය සමනළයා

මර්දනය

  • බිත්තර හා දළඹුවන් දින දෙක තුනකට වරක් අතින් අහුලා විනාශ කිරීම.
  • වගාව පිළිබඳ සුපරික්ෂාකාරීව සිටීම
  • අවශ්‍ය වුවහොත් සරල කෘමිනාශකයක් ඉසීම

බිත්තර හා දළඹුවා

පැගිරි කුලයේ ශාක – පලිබෝධ

පත්‍ර කනින්නා Phyllocnistis citrella

  • මි.මී. 2ක් පමණ දිග රිදී පාටැති ඉතා කුඩා සළඹයෙකි.
  • ගැහැණු සළඹයා පත්‍ර හා අංකුර මත බිත්තර දමයි.
  • පත්‍ර මත දැමූ බිත්තර පුපුරා එන කීටයා පත්‍රවල උච්චර්මයට යටින් පත්‍රය ආහාරයට ගනිමින් ගමන් කරයි.
  • විශේෂයෙන් ළපටි පත්‍රවල රිදීවන් ඉරි ආකාරයට මේ හානිය දිස්වෙයි.
  • පත්‍ර හැකිලී රැලි ගැසී විකෘති වෙයි.

සුහුඹුල් පත්‍ර කනින්නා

මර්ධනය

හානි වූ පත්‍ර ඉවත් කිරීම.

  • විලෝපික කෘමීන් මඟින් ස්වභාවිකව පාලනය වේ.
  • ගසේ දළු දිග හැරෙන විට සුදුසු කෘමිනාශකයක් ඉසින්න.
  • ළපටි දළු දිග හැරෙන විට සුදුසු කෘමිනාශකයක් ඉසින්න.
  • කොහොඹ ඇට නිස්සාරකය- අළුත් කොහොඹ ඇට ග්‍රෑම් 40 ක් වතුර ලෟටරයකට.
  • ඇබමෙක්ටීන් 50g/L CC – මිලි ලීටර 6 ක් වතුර ලීටරයක දියකර ඉසින්න.

පත්‍ර කනින්නා දරුණු ලෙස හානි කල පත්‍රයක්

පැගිරි කුලයේ ශාක – පලිබෝධ

කළු කූඩිත්තා Toxoptera aurantii

  • ළපටි කඳ කොටස් හා පත්‍රවල යටි පැත්තේ රාශි වශයෙන් දක්නට ඇත.
  • යුෂ උරා බීමෙන් ගසට හානි කරයි.
  • යුෂ උරාබීම නිසා පත්‍ර කුඩාවී විනාශ වී යයි.
  • ට්‍රිස්ටෙසා වෛරස් රෝගය පතුරුවාලන වාහකයා ලෙස ද ක්‍රියා කරයි.

මර්දනය

තයො‍මෙතොක්සාම් 25%WG ග්‍රෑම් 3 ක් වතුර ලීටර 10ක දියකර ඉසින්න.
ඉමිඩැක්ලොප්‍රිඩ් 70%WG ග්‍රෑම් 1.3ක් වතුර ලීටර 10ක දියකර ඉසින්න.

ළපටි කඳ කොටස් වල සිටින කූඩිත්තන්

පැගිරි කුලයේ ශාක – පලිබෝධ

කොරපොතු කෘමීන්

  • විශේෂ ගණනාවක් ඇත.

            Aspidiotus destructar

            Coccus virids

            Saissetia nigra

  • පතුවල යටි පැත්තේ, ළපටි රිකිලි හා ගෙඩි මත ජීවත් වේ.
  • යුෂ උරා බීමෙන් ගසට හානි කරයි.
  • මේ නිසා පත්‍ර හා රිකිලි කහ පාටවී යයි.
  • පත්‍ර කුඩාවී මිය යයි.
  • ගෙඩි කුඩා වෙයි.

මර්දනය

         පත්‍ර මත සිටින කූඩිත්තන්

පැගිරි කුලයේ ශාක – පලිබෝධ

පලතුරු මැස්සා Bractocera kandiensis

  • විනිවිද පෙනෙන පියාපත් සහ කහ පැහැ හිසක් සහිත කෘමියෙකි.
  • බොහෝ විට පැසුනු ගෙඩිවලට හානි කරයි.
  • ගෙඩි සිදුරු කර බිත්තර දමයි.
  • බිත්තර වලින් පිටවන කීටයන් නිසා හානිය සිදුවේ.
  • හානියට පත් ගෙඩි අතින් තදකල විට සතුන් සිදුරු කර ඇති ස්ථාන වලින් යුෂ පිටතට පැමිණේ.
  • හානිය නිසා ළපටි ගෙඩි හැලී යයි.
  • තරමක් මෝරා ඇති ගෙඩි තුළ ඉහඳ පණුවන් දැකගත හැකිය.
  • හානියට පත්වූ ගෙඩි ගබඩා කර තැබූ විට කීටයා ගෙඩියට ගමන් කළ ස්ථානයෙන් කුණුවීම ආරම්භ වේ.

 

මර්දනය

  • ගස් යට වැටී ඇති ගෙඩි එකතුකර පොලිතීන්ව බෑගයට එකතුකර කට තදින්ල ගැටගසා අව්වෙ තබන්න.
  • මීතයිල් ඉයුජිනෝල් (පලතුරු මැස්සාගේ පෙරොමෝන) නැමැති රසායන ද්‍රව්‍ය සහිත උගුල් ක්ෂේත්‍රෙය් තැනින් තැන තැබීම.
  • ප්‍රොටීන ඇම කෘමිනාශකයක් සමග මිශ්‍ර කර ගසක ස්ථානීයව යෙදීමෙන්

මීතයිල් ඉයුජිනෝල් උගුල

 

පැගිරි කුලයේ ශාක – පලිබෝධ

ඵල විදින සලඹයින් Othreis fullonia (Eudocima fullonia)

සුහුඹුල් සළඹයා

 

රතු දුඹුරු පැහැ කීටයා

ඌනතා රෝග

  • ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් දැකිය හැක්කේ සින්ක් ඌණතා රෝගයයි.
  • විශේෂයෙන් නාරං වර්ග වල මෙම ඌනතාවය දැකිය හැක.
  • සින්ක් ඌනතාවය ඇති වූ ගස්වල ගෙඩි හට ගැනීම සීග්‍ර ලෙස අඩු වේ.
  • පස වියළීමේදී පසේ ඇති සින්ක් ගසට ලබාගත නොහැකි තත්වයට පත්වීමෙන් ඌණතාවය ඇතිවේ.

රෝග පාලනය

  • සින්ක් සල්පේට් ග්‍රෑම් 25 -30 ක් ජලය ලීටර් 15 – 16 ක දියකර වර්ෂයකට දෙවරක් ගසට ඉසීමෙන් ඌනතාවය මගහරවා ගත හැක.

සින්ක් ඌනතාවය ඇති ශාකයක්

පිළිල ශාක

  • ගස්වල කඳන් මත වැඩෙන පිළිල වගාවට විශාල ලෙස හානි කරයි.
  • කුරුල්ලන් පිළිල ශාකවල ගෙඩි කෑමෙන් බීජ ඔවුන්ගේ හොටයේ තැවරේ.
  • ඔවුන් වෙනත් ගසකට ගොස් හොටය ඇතිල්ලීමේදී එම ගසේ පිළිල ශාක බීජ තැන්පත් වේ.
  • පසුව මෙම බීජ පැළවී කඳ මත වැඩේ.
  • මෙම ශාකවල කොටස් ධාරක ශාකයේ කඳ තුළට වැඩී එයට අවශ්‍ය ජලය හා ඛණිජ ද්‍රව්‍ය ධාරක ශාකයෙන් ලබාගනී.
  • මේ නිසා ධාරක ශාකය දුර්වල වී පරිහානියට පත්වේ.

පිළිල කඳ මත වැඩී ඇති ආකාරය

රෝග පාලනය

  • පිළිල ශාක හටගත් අතු කපා ඉවත් කිරීම.
  • පිළිල ශාක ගලවා ඉවත් කිරීම.

පිළිල කඳ මත වැඩී ඇති ආකාරය

ජමනාරං වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)