Fruit Crops – Dragon Fruit-S

1 horana logo

ඩ්‍රැගන් පෘට් (Dragon Fruit)

උද්භිද විද්‍යාත්මක නාමය – හයිලොසෙරස් පොලිරයිසස් (Hylocereus polyrhizus) -මදය රතු වර්ගය

අතු දාරයන්හි සුදු පැහැති මායිම් දක්නට නැත.

 කුලය – කැක්ටේසියේ (Cactaceae)

මෙක්සිකෝව, මධ්‍යම හා දකුණු ඇමරිකානු වනාන්තර ප්‍රදේශ නිජබිම කරගත් ඩ්‍රැගන්පෘට් ශාකය ආධාරක මත වැඩෙන පතෙ‍ාක් විශේෂයකි. මෙය ඔ‍ෟෂධීය පළතුරැ බෝගයක් මෙන්ම ගෘහාශ්‍රිතව වගාකළහැකි අලංකාර විසිතුරැ බෝගයක්ද වේ. කඩුපුල් මලට සමාන රෑපාකාරයක් සහිතව මෙහිහට ගන්නා පුශ්පය ඉතා දර්ශණීය වන අතර එය නිශා රැජින (Nobel woman or Queen of the Night) ලෙසද හඳුන්වයි. ඩ්‍රැගන්පෘට්හි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ හේතුවෙන් ශරීරය තුළ නිපදවෙන අහිතකර විශ සංඝටක උදාසීන කිරීමට, රැධිර ගත සීනි මට්ටම පාලනය, පිළිකා ඇතිවිමේ අවධානම අඩුකිරීමට හා අධි රැධිර පීඩනය පාලනයට ඉවහල් වේ. එමෙන්ම විටමීන් සී, කැල්සියම්, පොස්පරස් බහුලව අඩංගුවන බැවින් අස්ථි දත් හා නීරෝගී සමක් පවත්වා ගැනීමට උපකාරීවේ.

වග‍ා  ප්‍රභේද
කැක්ටේසියේ කුලයේ හයිලොසෙරස් විශේෂ (Hylocereus spp) හා සෙලිනිසෙරස් විශේෂ (Selenicereus spp) වල ප්‍රභේද හා දෙමුහුන් ප්‍රභේද ලෝකයේ විවිධ රටවල ආර්ථික වගා ලෙස විශේෂයෙන් වගා කෙරේ. මේ සියල්ල පොදුවේ ඩ්‍රැගන් පෘට් ලෙස සැලකුවද විශේෂයෙන් ඩ්‍රැගන් පෘට් ලෙස සදහන් වන්නේ හයිලොසෙරස් අන්ඩේටස් (Hylocereus undatus) ය.

 

හයිලොසෙරස් අන්ඩේටස් (Hylocereus undatus) – මදය සුදු වර් ගය

බහුලව වග‍ාකරනු ලබන ප්‍ර‍භේදයයි.

මෙය විසිතුරු ශාකයක් ලෙසද ජනප්‍රියය.
ඉදුණු ඵලය ග්‍රෑම් 300 හෝ ඊට වැඩිය.
ඵලයේ පොත්ත රතුපාටය. මදය සුදු පාට වන අතර විනිවිද පෙනේ.
කදේ කටු අඩුය.

අතු දාරයන්හි සුදු පැහැති මායිම් දක්නට ඇත.

ඩ්‍රැගන් පෘට් (Dragon Fruit), පිතායා (Pitaya) ස්ටෝබෙරි පෙයාස්, (Strawberry Pear) යන නම් වලින්ද සදහන් වන්නේ මෙම විශේෂයයි.

හයිලොසෙරස් පොලිරයිසස් (Hylocereus Polyrhizus) -මදය රතු වර්ගය

මෙහි ඵලයේ බර ග්‍රෑම් 400ක් පමණ වන අතර එහි පොත්ත රතුපාටය.
මදය තද රතුපාටය.
කදේ කටු වැඩිය.

අතු දාරයන්හි සුදු පැහැති මායිම් දක්නට ඇත.

දුර්වල ස්වපරාගනයක් පෙන්වන නිසා කෘතිම පරාගනය සිදුකළ යුතුයි




සෙලිනිසෙරස් මෙගලින්තස් (Selenicereus megalanthus)

මෙහි ඉදුණු ඵලයේ පොත්ත කහපාටය. මදය සුදු පාටය.

ඉහත වර් ග දෙකට වඩා ඵලයේ ප්‍රමාණය කුඩාය.

කහ පිතායා (Yellow Pitaya) ලෙස මෙය හදුන්වයි.

කදේ කටු වැඩිය.

ඉහත විශේෂ තුනෙහිම ඵලයේ මදයෙහි විසිරුණු කුඩා කළුපාට ඇට ඇත.

ඩ්‍රැගන් පෘටි පතොක් කුලයේ ශාකයක් වුවද එයට නියගය, දුර්වල පාංශු තත්ව හා අඩු උෂ්ණත්වය දැරීමේ හැකියාවක් නැ‍ත. එබැවින් වගාවට වඩාත් උචිත වන්නේ 20 – 30 oC උෂ්ණත්වය පවතින වැඩි ආර් ද්‍රතාවය සහිත නිවර් තන දේශගුණයකි. මෙම ශාක රාත්‍රී කාලයේ පමණක් ප්‍රභාසංස්ලේෂණය සඳහා CO2 ලබා ගන්නා නිසා ශාක ජල අවශ්‍යතාවය සාපේක්ෂව අඩුය. එබැවින් අවම මිලි ලීටර් 500 වාර් ශික  වර්ෂාපතනයක් හා උපරිම මිලි ලීටර් 2500 වාර් ශික  වර්ෂාපතනයක් හා පැහැදිලි වියලි හා තෙත් දේශගුණික තත්ව මාරුවෙන් මාරුවට තිබීම වඩා යෝග්‍යය වේ. අධික උෂ්ණත්වය හා තද සුර් යාලෝකය දිගුකලක් පැවතීම ශාකයට හිතකර නොවන අතර එමඟින් ශාක වියනට හානිවියහැකි අතර වියළි කලාපයේ වගාකිරීම සඳහා සෙවන ශාක ලෙය කෙසෙල්, ග්ලිරිසීඩීයා සමඟ වගා කිරීමෙන් හානිය අවම කරගත හැක.

පස හා ජලය

ඩ්‍රැගන් පෘට් වගාව සදහා හොදින් ජල වහනය වන පසක් තිබීම අත්‍යවශ්‍යය. එසේම ශාකය කාබනික ද්‍රව්‍ය සදහා හොදින් ප්‍රතිචාර දක්වන අතර පසේ වැලි 10 – 30 % පමණ තිබීම ඉතා හොදය. මෙම ශාකය වැලි සහිත පසේද සාර්ථකව වැවේ. තවද තරමක ලවණ සහිත පස සඳහා ඔරොත්තුදීමේ හැකියාවක් ඇති අතර තරමක ආම්ලික  ප‍ස සඳහා බෝගය වඩා ප්‍රියකරයි.

එක් එක් පැළයක් සඳහා කණුවක්ද මුදුනෙහි ආධාරකයක් සඳහා සැකිල්ලක්ද තිබිය යුතුවේ. මෙම ශාකයෙහි ජීවිත කාලය වසර 25 – 30 ක් පමණ වන බැවින් මෙම කණුව හා ආධාරකයේ කල් පැවැත්ම ඉතා වැදගත් වේ.

මීටර් 2×2, 2×3 හෝ 3×3 පරතරයට, දිග පළල ගැඹුර අඩි 2x2x1 වළවල් කපා ගත යුතුයි. එම වළ මැද සිට කණුව සිටුවීම සඳහා තවදුරටත් අඩි 1x1x1/2 ගැඹුරට වළක් කපා ගත යුතුයි. අඩි 7 1/2 උස හා අඟල් 4-6 ක විශ්කම්භයෙන් යුත් කොන්ක්‍රීට් කණුව වලේ මැද ඇති කුඩා වලෙහි තබා එම කුඩා වළ පමණක් පිරෙන තුරු (අඩි 1/2) කොන්ක්‍රීට් තට්ටුවක් දමා ආධාරකය සිටුවා ගත යුතුවේ.

 පරතරය (මීටර්)

 කණු ගණන හෙක්. 1ට (පැළ 2 බැගින් කණුවකට)

කණු ගණන අක්. 1ට (පැළ 2 බැගින් කණුවකට )

 2 x 2

 2500 (පැළ 5000)

 1000 (පැළ 2000)

 3 x 3

 1100 (පැළ 2200)

 440 (පැළ 880)

 2 x 3

 1665 (පැළ 3330)

 666 (පැළ 1332)


  1. මිලි මීටර් 12 කම්බි 2ක් කොන්ක්‍රීට් කනුවේ මුදුනත එකිනෙකට ලම්භකව සවිකිරීමෙන් තැනූ ආධාරකය මත තබන ලද බාගෙට කැපූ ලොරි හෝ බස් ටයරයක් යොදාගෙන පන්දලම සාදා ගන්න.

 

 

 

  1. මෝටර් බයිසිකල් ටයරයක් භාවිතා කර සෑදූ පන්දලමක්

 

 

 

මෙහිදී ටයරය ඇතුළතින් වටේට යෙදූ කම්බියක් හා එකිනෙකට ලම්භකව යෙදූ කම්මි 2කින් කොන්ත්‍රීට් කණුවට සම්බන්ධ වේ

3. කොන්ක්‍රීට් වලින් තනන ලද කොන්ක්‍රීට් පන්දලම වඩාත් ශක්තිමත් අතර නැවත භාවිතයටද ගත හැක. නමුත් මෙම පන්දලම සඳහා වැඩි වියදමක් දැරීමට සිදු වේ.

එක් එක් පැළයක් සඳහා කණුවක්ද මුදුනෙහි ආධාරකයක් සඳහා සැකිල්ලක්ද තිබිය යුතුවේ. මෙම ශාකයෙහි ජීවිත කාලය වසර 25 – 30 ක් පමණ වන බැවින් මෙම කණුව හා ආධාරකයේ කල් පැවැත්ම ඉතා වැදගත් වේ.

මීටර් 2×2, 2×3 හෝ 3×3 පරතරයට, දිග පළල ගැඹුර අඩි 2x2x1 වළවල් කපා ගත යුතුයි. එම වළ මැද සිට කණුව සිටුවීම සඳහා තවදුරටත් අඩි 1x1x1/2 ගැඹුරට වළක් කපා ගත යුතුයි. අඩි 7 1/2 උස හා අඟල් 4-6 ක විශ්කම්භයෙන් යුත් කොන්ක්‍රීට් කණුව වලේ මැද ඇති කුඩා වලෙහි තබා එම කුඩා වළ පමණක් පිරෙන තුරු (අඩි 1/2) කොන්ක්‍රීට් තට්ටුවක් දමා ආධාරකය සිටුවා ගත යුතුවේ.

 පරතරය (මීටර්)

 කණු ගණන හෙක්. 1ට (පැළ 2 බැගින් කණුවකට)

කණු ගණන අක්. 1ට (පැළ 2 බැගින් කණුවකට )

 2 x 2

 2500 (පැළ 5000)

 1000 (පැළ 2000)

 3 x 3

 1100 (පැළ 2200)

 440 (පැළ 880)

 2 x 3

 1665 (පැළ 3330)

 666 (පැළ 1332)


  1. මිලි මීටර් 12 කම්බි 2ක් කොන්ක්‍රීට් කනුවේ මුදුනත එකිනෙකට ලම්භකව සවිකිරීමෙන් තැනූ ආධාරකය මත තබන ලද බාගෙට කැපූ ලොරි හෝ බස් ටයරයක් යොදාගෙන පන්දලම සාදා ගන්න.

 

 

 

  1. මෝටර් බයිසිකල් ටයරයක් භාවිතා කර සෑදූ පන්දලමක්

 

 

 

මෙහිදී ටයරය ඇතුළතින් වටේට යෙදූ කම්බියක් හා එකිනෙකට ලම්භකව යෙදූ කම්මි 2කින් කොන්ත්‍රීට් කණුවට සම්බන්ධ වේ

3. කොන්ක්‍රීට් වලින් තනන ලද කොන්ක්‍රීට් පන්දලම වඩාත් ශක්තිමත් අතර නැවත භාවිතයටද ගත හැක. නමුත් මෙම පන්දලම සඳහා වැඩි වියදමක් දැරීමට සිදු වේ.

රෝපන ද්‍රව්‍ය සකසා ගැනීම

සිටුවීමට අවශ්‍ය පැල පහත ලෙස නිපදවාගත හැක.

දඩු කැබලි පැල කිරීමෙන්  සාමාන්‍යයෙන් පැල නිපදවාගනී. බීජ පැල කිරීමෙන්ද පැල නිපදවාගත හැකි වුවද ආර්ථික වගාවන්ට මේවා යොදාගනු නොලැබේ. හේතුව ඵල හටගැනීමට දිගු කාලයක් ගතවීමත් මව් ශාකයේ තිබුණු ලක්ෂණ පැලවල වෙනස් විය හැකි නිසාත්ය.

දඩු කැබලිවලින් පැල නිපදවා ගැනීම

 

තෝරාගත් ඵල දරණ මව්ශාකවලින් රෝග පළිබෝධ හානි නොවූ දඩු ලබාගත යුතුය.

මේවා සෙ.මී. 15 – 20 පමණ දිග කැබලිවලට කපා බදුන් කිරීමට පෙර දින දෙකක් පමණ වියලි ස්ථානයක ගබඩාකර තැබිය යුතුය. එහිදී එම අතු කැබලි පොළවට අාසන්න කැපුම් තලය එකඅතට පිහිටන සේ තබාගත යුතුයි.

ඉන්පසුව මෙම දඩු කැබලි හොදින් ජලවහනය වන බදුන් මිශ්‍රණයකින් පිරවු බදුන්වල සිටවනු ලැබේ. බදුන් පිරවීම සදහා වියලි ගොම හෝ කොම්ප‍ෝස්ට් : මතුපිට පස් : වැලි : 1 : 1 : 2 මිශ්‍රණයක් යෝග්‍යය. මෙම බදුන් සාමානය තෙතමන තත්වයේ සෙවනේ තැබීමෙන් දඩු දඩු කැබලිවල මුල් අද්දවා ගනු ලැබේ.

දඩු කැබලිවල අතු රිකිලිද වැඩීමෙන් පසු ඒවා පරිසරයට හුරුකිරීමෙන් අනතුරුව සිටුවීමට යොදාගනී.

සිටුවීම

මුල් ඇද්දවු දඩු කැබලි සිටුවීම සදහා මීටර් 2 x 2 පරතරයට සෙ.මී. 60 x 60 x 30 ප්‍රමාණයට වලවල් කපාගත යුතුය. එම වලවල් මතුපිට පස්, දිරූ ‍ගොම හෝ කොම්පෝස්ට් කිලෝ ග්‍රෑම් 10 – 15 හා සුපර් පොස්පේට් ග්‍රෑම් 100 සහිත මිශ්‍රණයකින් පුරවා දඩු සිටවනු ලැබේ. පසේ ජල වහනය දුර්වල නම් වලේ පතුලට කුඩා ගඩොල් කැබලි තට්ටු 1 – 2 දමා ඉහත මිශ්‍රණයට අමතරව වැලි ප්‍රමාණයක් ද කලවම්කර වල පුරවාගන්න.

ගස් පුහුණු කිරීම

මෙම ශාකය අධාරකයක උපකාරයෙන් ඉහලට වැඩෙන නිසා පැලය ආසන්නයේ 5′ – 6′ උස ලී හෝ කොන්ක්‍රීට් කනුවක් සිටුවිය යුතුය. වැඩෙන කද කනුවට ගැට ගසමින් ශාකය ඉහලට වැඩීමට සැලැස්විය යුතුය. කදේ වැඩෙන වායව මුල් මගින් ශාකය ආධාරකයට තදින් අල්ලා ගැනීම සිදුවේ. ඉහලට වැඩෙන කදෙන් හටගන්නා පාර්ශ්වික කදන් සීමා කලයුතු අතර ප්‍රධාන ප්‍රධාන කදන් 2/3 පමණක් වැඩීමට ඉඩදේ. එනිසා කනුව මත වැඩෙන ප්‍රධාන කදන් වල පහත පාර්ශ්වික කදන් වරින් වර ඉවත් කලයුතුය.

ආධාරකයේ මුදුනේ 2′ පමණ අරය ඇති රවුම් කම්බි රාමුවක් සකසා ගතයුතු අතර කනුවට උඩින් වැඩී පහතට එල්ලෙන අතු මේ රවුම මත සමතුලිත පදුරක් ලැබෙන ලෙස පුහුණුකර ගත යුතුය.

මල් හටගැනීම

ඩ්‍රැගන් පෘට් වල මල රාත්‍රීයට පිපෙන අතර එය සුදට හුරු ක්‍රීම් පැහැතිය. පෙනුමෙන් කඩුපුල් මලකට සමාන වන මෙය පිපෙන විට ඇති සුවද කෘමීන් ආකර්ශකය කර ගැනීමට හේතුවේ. අප රටේ අතරමැදි කලාපයේ මල් පිපීම අප්‍රේල්/මැයි සිට ආරම්භ වේ.

ඵල හටගැනීම

ඩ්‍රැගන් පෘට් ශකයේ මල් පොහොට්ටු (Buds) හටගෙන දින 40-50 පමණ නැතිනම් මල් පිපී දින 30 – 35 දී ඵල මේරීම සිදුවේ. ඵල වාරය නොවැම්බර් පමණ වන තෙක් පවතින අතර ඒ කාලය තුලදී 5 – 6 වතාවක් ඵල නෙලාගත හැක.

නොමේරූ ඵලයේ පොත්ත දිලිසෙන සුළු කොළපාට වන අතර එය මේරීමත් සමග රතු පැහැයට හැරේ. මෙම පැහැයට හැරී දින 4 – 5 පමණ ඵල නෙලීම වඩාත් සුදුසු වුවත් අපනයනය කිරීමේදී රතු පාටට හැරී දිනකට පසු ඵල නෙලා ගැනීම සුදුසුය. අප රටේ අතරමැදි කලාපයේදී ඵලයක බර ග්‍රෑම් 300 – 600 පමණ වේ. වසරකට සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකින් කිලෝ ග්‍රෑම් 10,000 පමණ වේ.

මල් පරාගනය

ඩ්‍රැගන් පෘට් මදය සුදු Hylocereus undatus ප්‍රභේදය ස්වාභාවිකව පරාගනය සිදුවේ. මෙහි ස්වපරාගනය සිදුවන නමුත් රාත්‍රී කාලයේ කුඩා වව්ලන්, සලබයන් මඟින් පරපරාගනය සිදුවන බැවින් ප්‍රමාණයෙන් විශාල ගෙඩිලබා ගත හැකියි.  නමුත් රතු මදය  සහිත Hylocereus polyrhizus ප්‍රභේදය ස්ව අසංගත තාවයක් පෙන්වන බැවින් ස්වපරාගනය ඉතා අවම ලෙස සිදු වේ. එබැවින් රතු ප්‍රභේදයේ මල් හැලීම ප්‍රකට අතර   ස්වපරාගනය මඟින් ඉතා කුඩා ඵල ඇතිවේ. මෙම ගැටළුවට පිළියමක් ලෙස රතු ප්‍රභේදයේ මල් සුදු ප්‍රභේදයේ මල් වලින් ලබා ගන්නා පරාග මඟින් පරාගනය සිදුකලහැක. මෙ‍‍ම ප්‍රභේද දෙක එකට වගාකිරීමෙන් මෙම ගැටළුව විසදාගත හැකිය. නමුත් ‍ ප්‍රභේද දෙකෙහිම මල් එකව‍ර හට නොගන්නා අවස්ථාවලදී සුදු ප්‍රභේදයේ මල් පරාග සාමාන්‍ය ශීතකරණයක උෂ්ණත්වය 5 oC යටතේ දින කිහිපයක් තබාගෙන පරාගනය සඳහා යොදාගත හැක. තවද සුදු ප්‍රභේදයේ මල් ‍සොයාගැනීම ගැටළු සහිත විට රතු ප්‍රභේදයේ පිපීමට ආසන්න මල් කැකුලකින් ලබාගන්නා පරාග මඟින් ‍පිපීඇති රතු ප්‍රභේදයේ මල් පරාගනය කළහැකිය. එහිදී එකම ශාකයකින් ලබා ගන්නා පරාග මඟින් වෙනත් රතු ප්‍රභේදයේ ශාකයක් පරාගනය නොකිරීමට සැළකිලිමත් විය යුතුය. මෙම කෘත්‍රිම පරාගන කටයුතු උදෑසන 9ට පෙර සිදුකළ යුතුවේ.

Selenicereus megalanthus

 

අවාරයේ ඩ්‍රැගන් පෘට් මල් උත්තේජනය කිරීම

සාමාන්‍යයෙන් ස්වභාවික පරිසර තත්ව යටතේ දෙසැම්බර් සිට ම‍ාර් තු දක්වා ඩ්‍රැගන් පෘට් මල්හට ගැනීමක් සිදුනොව්. එම කාලය අවාරය ලෙස හඳුන්වන අතර එයට හේතුවන්නේ ඩ්‍රැගන් පෘට් ශාකයන්හි ප්‍රභාසංව්දී තාවයයි. මෙම ශාකයන්හි මලි හට ගැනීමට පැය 12 ඉක්මවූ දිගුදිවාකාලයක් පැවතිය යුතුයි. එහෙත් ආලෝකය කෘතිමව ලබා දීමෙන් ඩ්‍රැගන් පෘට් ශාකයන්හි මල් හට ගැනීම උත්තේජනය කලහැක. මේ සඳහා වොට් 100ක ආ‍ලෝකයක් (100-Watt Equivalent) ලබාදෙන CFL  හෝ LED  බල්බ යොදාගත හැකියි.

 

කෘත්‍රිම අdලෝකය ලබාදීම

මෙම බල්බ ඩ්‍රැගන් පෘට් කණු හතරකට මැදින් එකක් වන ලෙස ශාක වියනින් අඩියක් පමණ ඉහලින් ස්ථානගත කළයුතුය. තනි පේළියේ වගාවකදී ගස් දෙකක් අතරට එක් බල්බයක් යෙදිය හැක. මෙසේ බල්බයන් ස්වයංක්‍රීයව පාලනය කරගැනීම සඳහා timers යොද‍ාගත හැක. කෘතිම අාලෝකය සැපයීම රාත්‍රී 7 සිට රාත්‍රී 10 දක්වා  හෝ රාත්‍රී 11 සිට අළුයම 2 දක්වා හෝ සිදුකිරීම ප්‍රමාණවත් වේ. මෙසේ අඛන්ඩව දින 18ක් ආලෝකය සැපයීම සිදු කර දින 3ක් අාලෝකය සැපයීම නවතා දැමීමෙන් මල් උත්තේජනය සිදුකළහැක.මෙ‍‍ම ක්‍රියාවලිය නොවැම්බර් මස සිට ජනවාරි මාසය අවසන් වන තුරැ සිදුකළ යුතුය. නැවත පෙබරවාරි මස සිට අප්‍රේල් මස 15 වන තුරැ අාලෝකය සැපයීම සඳහා  දින 12ක් අඛන්ඩව ආලෝකය සැපයීම හා දින 3ක් අාලෝකය සැපයීම නවතා තබන වාර ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතුය.

වසර පුරා ඵලදැරීමට ගස පුහුණු කිරීම

සාමාන්‍ය ස්වාභාවික තත්ව යටතේ මල්හට ගැනීම අලුත් අතු වල පමණක් සිදුවන අතර කෘත්‍රිම ආලෝකය මඟින් අලුත් අතු වල මෙන්ම ‍‍මේරෑ අතුවලද මල්හට ගන්නා බැවින් කප්පාදුව මඟින් ඉවත්කළ යුත්තේ  ආලෝකය ලබා ගැනීමට අපහසු ශාකවියන ඇතුළතින් පිහිටා ඇති අතු, රෝගී වූ අතු සහ දුර්වලව වැඩුණු අතු පමණි.

පොහොර යෙදවීම

ඩ්‍රැගන් පෘට් වනාශ්‍රිත පතොක් කුලයේ ශාකයක් නිසා කාන්තාර තත්ත්ව යටතේ වැඩෙන පතොක් ශාක වලට වඩා පොහොර හා ජලය යෙදීම අවශ්‍යය. මෙම බෝගය වගා කිරීම සදහා යොමුවුයේ මෑතකදී නිසා එයට අවශ්‍ය පොහොර තවම නිර්දේශ කර ඇත. නමුත් පහත පොහොර ප්‍රමාණයන් යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

කාබනික පොහොර
ඩ්‍රැගන් පෘට් ශාකය වර්ධනයට පසේ හොදින් කාබනික පොහොර තිබීම වැදගත්ය. එනිසා වසරකට ගසකට යොදන කාබනික පොහොර කිලෝ 15 සිට වසරින් වසර කිලෝ 2 බැගින් වැඩිකර උපරිමය කිලෝ 20 දක්වා වැඩි කිරීම යෝග්‍යය. මෙම කාබනික පොහොර ප්‍රමාණය මාස 6කට වරක් යෙදීම ප්‍රමාණවත්වේ.



රසායනික පොහොර
ඵල නොදරන මුල් කාලයේදී පොහොර යෙදීම. පැල සිටුවා මාසයකට පසු හා සෑම මාස 04 කට වරක් ගසකට පහත මිශ්‍රණය යොදන්න.

  • යුරියා – ග්‍රෑම් 72
  • සුපර් පොස්පේට් – ග්‍රෑම් 88
  • මියුරියේට් ඔෆ් පොටෑෂ් – ග්‍රෑම් 40


ඵල දරණ ගස් සඳහා පොහොර
ඵල දරණ ගස් සඳහා පොහොර යෙදීමේදී අඩු නයිට්‍රජන් ප්‍රමාණයකුත් වැඩි පොටෑෂ් ප්‍රමාණයකුත් යෙදීම උසස් අස්වැන්නක් ලබාගැනීම වැදගත්ය. මෙම අවස්ථාවේ පොහොර යෙදීමේදී මල් පිපීම ආරම්භ වීමට පෙර (අප්‍රේල්) ඵල වර්ධනය වන අවධියේ (ජුලි / අගෝස්තු) හා අස්වනු නෙලා අවසානයේ (දෙසැම්බර්) පහත මිශ්‍රණය වරකට ගසකට යොදන්න. අවාරයේ ගෙඩිලබා ගන්නේ නම් මෙම මිශ්‍රණය මාස 4කට වරක් යෙදිය යුතුය.

  • යුරියා – ග්‍රෑම් 50
  • සුපර් පොස්පේට් – ග්‍රෑම් 50
  • මියුරියේට් ඔෆ් පොටෑෂ් – ග්‍රෑම් 100

වසරකට ගසකට යොදන මුළු පොහොර ප්‍රමාණය වසරක් පාසා ග්‍රෑම් 200 බැගින් වැඩිකරමින් කිලෝ 1 1/2 ක් උපරිමයක් දක්වා පොහොර වැඩි කරන්න.

ජල සම්පාදනය

හොද අස්වැන්නක් ලබාගැනීමට වියලි කාලයේදී ජලය සම්පාදනය කිරීම අවශ්‍යය. එසේම වියලි කලාපයේ වගා කරන්නේ නම් අතිරේක ජල සම්පාදනය අවශ්‍යය.

පරාගනය සිදුවී දින 35-40 අතර කාලයකදී උපරිම ලෙස මේරූ පසුව අස්වනු නෙලා ගත යුතුය. 

ඵල මෝරන විට ඵලයේ පිටත ඇති පිහාටු වැනි කොටස් ක්‍රමයෙන් කුඩා වේ. මෙම තත්ත්වයට පත්වූ ඵල නෙලා ගැනීම සුදුසු වේ. අස්වනු නෙලීම සඳහා මල් කතුරක් (සෙකටියර්) භාවිතය වඩා උචිතය 

ගබඩා කිරීම

ඩ්‍රැගන් පෘට් ඵලය 5 oC හා 90% HR යටතේ දින 40 පමණ ගබඩාකර තැබිය හැක. මෙයට වඩා ඉහල උෂ්ණත්වයේ ගබඩා කිරීමෙන් ඵලයේ ගුණත්වය සීඝ්‍රයෙන් පහත වැටේ.

 

මෙම ශාකය සාපේක්ෂව රෝග හා පළිබෝධවලින් අඩු බෝගයක් නමුත් ගස්වල කඳ කුණුවීම හා දුඹුරු ලප ඇතිවීම දැකිය හැක. මේවායින් වැලකීමට නියමිත පරතරයට අනුව පැළ සිටුවීම, අනවශ්‍ය අතු ඉවත් කිරීම, අධික ලෙස ජලය නොයෙදීම හා වර්ෂා කාලයේදී හැකි පමණ ජලය බැස යාමට සැලැස්වීම වැදගත් වේ.


ඇන්ත්‍රැක්නෝස් රෝගය

මුලින්ම කදෙහි දාරයේ නටු සහිත ස්ථාන වල දුඹුරු ඕවලාකාර තරමක් ගිලුණු පැල්ලම් ඇතිවී ක්‍රමයෙන් එම පැල්ලම් යාවී කහ පැහැවී දාර ඔස්සේ එම කුණුවීම පැතිරේ. රෝග කාරක දිලීරයේ බීජානු වැහි බිංදු හා සුළඟ මඟින් නිරෝගී ශාක කරා ව්‍යාප්ත විය හැකිය. මෙම රෝගය දැනට අනෙකුත් වගාවන්හි ඇන්ත්‍රැක්නෝස් රෝගය සඳහා නිර්දේශ කර ඇති දිලීර නාශක භාවිත කළ හැක. (මැනෙබ්, මැන්කොසෙබ්, කාර්බෙන්ඩසීම්)


කඳ පුල්ලි රෝගය

කඳෙහි මී.මී. 1 පමණ කුඩා කහ පැහැති තරමක් ගිලුණු ලප ඇතිවී ඒවා ක්‍රමයෙන් මි.මී. 4 පමණ විශාල වී රතු පැහැවී පසුව දුඹුරු පාටට හැරේ. ක්‍රමයෙන් කඳ කුණුවීමට භාජනය වන අතර අවසානයේ හානි වූ ප්‍රදේශ කබොලු බවට පත්වේ. ගෙඩි වලද මෙම රෝගී තත්ත්වය ඇතිවීමට පුළුවන. මදය රතු පැහැති ප්‍රභේදය මෙම රෝගයට අධික පාත්‍රීතාවයක් පෙන්වයි. හානිවු කොටස් ඉවත් කර විනාශ කිරීම හා අසාදිත එවැනි ශාක වලින් පැළ නිපදවීම නොකළ යුතුය.


පලතුරු මැස්සාගේ හානිය

ගෙඩි පලතුරු මැස්සාගේ හානියට ලක්වීමටද පුලුවන. එම හානි ඇති ප්‍රදේශ වල පලතුරු මැස්සා මර්ධනය සඳහා නිර්දේශිත ක්‍රම අනුගමනය කළ යුතු වේ. ඒ සඳහා ඵල ආවරණය කිරීම, හානියට ලක්වූ ඵල අඩි 2ක් පමණ ගැඹුරින් වැළලීම හෝ කළු පොලිතීන් බෑග්වල දමා ගැටගසා ඉවත් කිරීම, ප්‍රෝටීන ඇම භාවිතය, ෆෙරමෝන උගුල් (මීතයිල් ඉයුජිනෝල්) භාවිතා කළ හැකිය.

තවද ඉදුණු ගෙඩි වලට කුරුල්ලන්, කූඹින් වැනි සතුන්ගෙන්ද හානි සිදුවිය හැක. ගෙඩි වලට ආවරණය යෙදීම මඟින් මෙම හානි බොහෝ දුරටට මඟහරවාගත හැකි වේ.

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)