Fruit Crops – Avacado-S

1 horana logo

අලිගැට පේර (Avacado)

කුලය – ලෝරේසි

පොලොක්


බටහිර ඉන්දියානු කාන්දයට අයත් ප්‍රභේදයකි.
ගෙඩිය ඉදෙන අවස්ථාවේදීත් එහි කොල පැහැය නොවෙනස්ව පවතී.
ප්‍රමාණයෙන් විශාල ගෙඩි හටගනී. සාමන්‍ය බර ග්‍රෑම් 600 කි. හැඩය ඕවලාකාරය. පිට පොත්ත සිනිදුය.
මදයේ අඩංගු මේද ප්‍රමාණය 3-8% වැනි අඩු ප්‍රමාණයකි.
ගොඩි මේරීමට මාස 7 1/2 ක් 9 පමණ ගත වේ.

ග්‍රොට්ෆරිස්

මෙක්සිකෝව හා බටහිර ඉන්දීය කාණ්ඩවල දෙමුහුමකි.
විශාල ගෙඩි හටගනී. ගෙඩියක සාමන්‍ය බර ග්‍රෑම් 600‍පමණ වෙයි.
මදයේ අඩංගු මේද ප්‍රමාණය 5-10% පමණවේ.
ගෙඩියේ හැඩය ඕවලාකාර වන අතර එහි පැහැදිලිව වෙන් වූ පළලින් අඩු ප්‍රදේශයක් ඇත.
ගෙඩි ඉදෙන විට පිට පොත්ත දම් පැහැයට හැරේ.
ගොඩි මේරීමට මාස 6 1/2 ක් 8 පමණ ගත වේ.

පේරාදෙණිය දම් පැහැ දෙමුහුම්

ස්වභාවිකව හටගත් මව් ගසකින් බිහිවූ පරපුරකි.
මෙම ප්‍රභේදය දැන් අප රටේ එතරම් පහසුවෙන් සොයා ගත නොහැක.
රවුම් හැඩති මධ්‍යම ප්‍රමාණයේ ගෙඩි ඉදෙන විට දම් පැහැයට හැරේ.
ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 300-350 පමණ වේ.

ෆර්ටේ


මෙක්සිකානු හා ගෝතමාලානු කාණ්ඩ අතර දෙමුහුමකි.
කුඩා ප්‍රමාණයේ සිට මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක් ඇති ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 225-350 පමණ වේ. තුනී පිට පොත්ත රළුය, එහි කුඩා කහපාට තිත් විහිදී තිබේ.
මදයේ අඩංගු මේද ප්‍රමාණය 18%-26% පමණ වේ.
යුරෝපීය වෙළඳපොලේ ඇති ජනප්‍රියම ප්‍රෙභ්දය වේ.


සිමන්ඩ්ස්


බටහිර ඉන්දියානු කාන්ඩයට අයත් ප්‍රභේදයකි.
තරමක් විශාල ගෙඩි ඕවලාකාරය. ග්‍රෑම් 450 පමණ බරය. පිට පොත්ත සිනිදුය. දිලිසෙන සුළුය.
ගෙඩි ඉදෙන විට පිට පොත්ත කහ පැහැති කොළ පැහැයට හැරේ.

ටවර් -02


ගෙඩියේ හැඩය රවුම් දිගටි වන අතර සාමාන්‍ය බර 375 ග්‍රෑම් පමණ වේ.
ගෙඩිය ඉදෙන අවස්ථාවේදී පිට පොත්තේ කොළ පැහැය නොවෙනස්ව පවතී.

බූත් – 07


ගෝතමාලානු හා බටහිර ඉන්දීය කාණ්ඩ දෙක අතර දෙමුහුමකි.
අධික අස්වැන්නක් ලබා දේ.
ඉදෙන අවස්ථාවේදී පිට පොත්ත කොල පැහැතිය.

හෑස් (Hass)


  • ඉහල පෝෂණ ගුණයකින් හා ඖෂධීය ගුණයෙන් යුක්තය.
  • මේදය 10% පමණ ඇත.
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 275 -375 පමණ වේ.
  • මෙම ප්‍රභේදයේ ගෙඩිවල පොත්ත ඝනකම්ය.
  • පලතුරු මැස්සාගේ හානියට ප්‍රතිරෝධීය.
  • පසු අස්වනු හානිය අඩුය.
  • විදේශීය වෙළඳපලෙහි විශාල ඉල්ලුමක් ඇත.

දේශගුණික අවශ්‍යතා
මෙය තෙත් කලාපීය ප්‍රදේශ සදහා වඩා යෝග්‍ය බෝගයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 1500 ට පමණ දක්වා වූ ප්‍රදේශ වල හොදින් වගා කල හැක. සමහර ප්‍රභේද වියළි කලාපයේ ජල සම්පාදන පහසුකම් යටතේ වගා කිරීමට හැකියාව තිබෙන බව පෙනේ. සාමාන්‍යයෙන් දිවා සහ රාත්‍රී උෂ්ණත්ව පරතරය අංශක 4-8 පමණ වූ සෙන්ට්‍රිගේඩ් 30 ට අඩු උෂණත්වයක් තිබීම වගාව සදහා ඉතා සුදුසුය. තවද වාර්ෂික වාර්ෂාපතනය මිලිමීටර් 1200-1300 තිබීමද වගාවේ සාර්ථකත්වට වැදගත්ය. වියළි කලාපය අලිගැට පේර වගාවට නුසුදුසුය.

පස
හොදින් ජලය බැස යන ලෝම පස වගාව සදහා වඩා සුදුසුය. ජලය රදා පවතින පස් වල ඉතා පහසුවෙන් මුල් වලට රෝග වැළදේ. ශාක අවට ප්‍රදේශයේ දිනකට හෝ දෙකකට පමණ වඩා ජලය රදා පැවතියහොත් ගස් මැලවී යාමට පුළුවන. පසේ තිබිය යුතු Phඅගය 5.7 පමණ වේ.

වගා කිරීමට සුදුසු ප්‍රදේශ
මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල වැනි දිස්ත්‍රක්ක වල මෙය වැඩි වශයෙන් වගා කෙරේ. එයට අමතරව ගම්පහ, කොළඹ, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කයන්හි මෙම වගාව හොඳින් ව්‍යාප්ත කළ හැකිය.

ඉඩම පිරිසිදු කර සුදුසු පාංශු සංරක්ෂණ ක්‍රම යොදා
අඩි 2 x 2 x 2 ගැඹුරැති වලවල් සකසා ඒවා මතුපිට පස්, වියළි ගොම හෝ කොම්පෝස්ට් 1:1 අනුපාතයට මිශ්‍රකර සිටුවීමට සති 02 පමණ පෙර මතුපිට පස් හා ‍ කොම්පෝස්ට් පොහොර යොදා සිටුවීමට දින 2කට පෙර පලතුරු සඳහා නිර්දේශිත මූලික රසායනික පොහොරද එක්කර එම මිශ්‍රණයෙන් පුරවාගන්න. වර්ෂා කාලය සමඟ පැළ සිටුවීම ආරම්භ කිරීම වඩා සුදුසුය.

සිටුවීම සදහා බීජ හෝ බද්ධ පැළ යොදා ගත හැකිය. බීජ පැළ සිටුවීම මගින් ඇති කරගත් වගාවන්හි උසස් ඵලදාවක් හෝ වැඩි ගුණාත්මයක් සහිත ගෙඩි ලබා ගැනීම පිළිබදව ඇති හැකියාව පිළිබදව හෝ නිශ්ච්ත වශයෙන් තීරණය කළ නොහැකිය. දැනට ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන අලිගැට පේර ගස් බොහෝමයක් මේ අන්දමට බීජ පැළ වලින් ඇතිවූ ඒවාය.

බද්ධ පැළ නිපදවා ගැනීම සදහා අංකුර බද්ධය හා රිකිලි බද්ධය යන බද්ධ ක්‍රම දෙකම ප්‍රධාන ලෙස යොදා ගනී.

බීජයක් ප්‍රරෝහණයවී හටගන්නා පැළයට සති 6-8 කදී පමණ රිකිලි බද්ධය කල හැකිය. නමුත් අංකුර බද්ධය සදහා ග්‍රාහක පැලය යෝග්‍ය තත්ත්වයට පත්වන්නේ සති 28-32 ගතවූ පසුවය.


ග්‍රාහක පැළ නිපදවා ගැනීම

  • ග්‍රාහක පැළ නිපදවා ගැනීමට යොදා ගන්නා බීජ විශාල වන තරමට සුදුසුය.
  • එහි බීජ බර ග්‍රෑම් 50-60 වත් විය යුතුය.
  • ගෙඩි වලින් ඉවත් කල පසු ජීවියතාවය අඩුවන නිසා හැකි ඉක්මනින් බීජ සිටුවීම සුදුසුය.
  • බීජ සිටුවීමට පෙර කැප්ටාන් ද්‍රවණයක විනාඩි 05ක් පමණ ගිල්වා තබන්න.
  • පොලිතීන් මළු වල හෝ තවානක සිටුවා පසුව දිරිමත් පැළ පමණක් පොලිතීන් බදුන්වල සිටුවිය හැක.


තවාන් පාත්ති වල බීම සිටුවීමේ පරතරය සෙන්ටිමීටර් 20 x 2-3 බීජ පළලින් වැඩි කෙළවර පැතලි පුෂ්ඨය යටට සිටින සේ හා උල් හැඩයක් සහිත පැත්තෙන් 1/3 ක කොටසක් කපා දමා එම පෘෂ්ඨය ඉහළට සිටින සේ සිටුවිය යුතුය. එවිට ඉක්මනින් බීජය ප්‍රරෝහණය වේ. පැලවීමට දින 28 – 52 පමණ ගතවේ.


පොලිතීන් බදුන්

අලිගැට පේර පැළ බදුන් කිරීම සදහා සෙ.මී. 20 පමණ විශ්කම්භයක් ඇති සෙ.මී. 30 පමණ උස්වූ පොලිතීන් බදුන් සකසා ගන්න. මේ සදහා යොදා ගත යුත්තේ ගේජ් 300 පමණ වු පොලිතීන්ය. පොලිතීනයේ වර්ණය කළු හෝ විනිවිද පෙනෙන සුළු හෝ විය හැකිය.


බදුන් මිශ්‍රණය

අලිගැට පේර සදහා පහත බදුන් මිශ්‍රණ යොදා ගත හැක.

මතුපිට පස්

වැලි

කොම්පෝස්ට්

 

1

2

3

 
    

මතුපිට පස්

වැලි

කොම්පෝස්ට්

කොහුබත්

1

3

1

1/2

    

මතුපිට පස්

වැලි

කොම්පෝස්ට්

ලී කුඩු

1

2

1

1

1

1

1

1

1

    

මතුපිට පස්

වැලි

කොම්පෝස්ට්

රටකජු පොතු

1

2

1

1

පැල වර්ධන වේගවත් කර ගැනීම සදහා පොලිතීන් බදුන් 150 පමණ සදහා යන බදුන් මිශ්‍රණයට එන්.පී.කේ. පොහොර කිලෝ ග්‍රෑමයක් කලවම් කර ගත හැක. එසේම මසකට වරක් රසායනික පොහොර මිශ්‍රණය ග්‍රෑමයක් පමණ ප්‍රමාණයක් එක් බදුනකට දැමීමද පැළ වල වේගවත් වර්ධනයට හේතු වේ.

පැල බදුන් කිරීම

බීජ පැලවී සති 2-3 පමණ ගතවූ පසුව පොලිතීන් බදුන් වල සිටුවන්න. තවානේ ඇති පැල වලට මුල් කුනුවීමේ රෝගය වැලදී තිබුනහොත් බදුන්වල සිටුවීමෙන් පසුවද මෙම රෝගය බෝවීමට පුළුවන. එම නිසා පැළ දිලීර නාශක ද්‍රවනයක විනාඩි 05 පමණ ගිල්වා සිටුවන්න. බඳුන් පැල සෙවණ සහිත ස්ථානයක වර්ධනය වීමට ඉඩදීම සුදුසුය.

පැළ බදුන් කර සති 6-8 ගතවූ පසු රිකිලි බද්ධය සදහා සුදුසු තත්ත්වයකට පත්වේ. මෙසේ බද්ධ කිරීමට යෝග්‍ය අවස්ථාව වන්නේ පැලයේ කදේ වර්නය රතු පැහැයේ සිට කොල පැහැයට හැරෙන අවස්ථාවේදීය.



බද්ධ කිරීම

අනුජ තෝරා ගැනීම

යෙදාගත හැකි බද්ධ ක්‍රම

1 ලපටි අවධියේ කුඤ්ඤ බද්ධ ක්‍රමය (බීජ පැල සති 2-3 වයසේදී බද්ධ කිරීම)

2 සාමාන්‍ය කුඤ්ඤ බද්ධ ක්‍රමය

3. පැලැස්තර බද්ධ ක්‍රමය (සති 6 දී පමණ)

තෝරාගත යුත්තේ මව් ශාක වලින් ලබා ගන්නා අනුජ වශයෙන් ලබා ගන්නා රිකිලි කපාගත යුත්තේ සෘජුව වර්ධනය වන, හොදින් හිරු එලියට නිරාවරනය වූ අතු වලිනි. තෝරා ගන්නා රිකිල්ලේ කෙළවර පත්‍ර හොදින් මෝරා තද කොල පැහැතිව තිබීම වැදගත්. බද්ධ කරන රිකිලි ආවරණය වනසේ විනිවිද පෙනෙන පොලිතීන් යොදා ගැනීම හෝ ප්‍රොපගේටරයක් තුල තැම්පත් කිරීම සිදුකල හැක.

බීජ සිටුවීමේ අවස්ථාවේ සිට පැලයක් බද්ධ කර ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු තත්ත්වයට පත්වීම සදහා මාස 4-6 පමණ කාලයක් ගතවේ.

පරතරය

මීටර් 6.5 x 8 හෝ 8 x8 අතර වෙනස් කළ හැකිය.

මේ පරතර සදහා අක්කරයකට පැළ 60-80 සංඛ්‍යාවක් අවශ්‍ය වේ.

පැළ සිටුවීම

වර්ෂා කාලයේදී පැළ සිටුවන්න. පැළ සෘජුව වර්ධනය වීමට ආධාරකයක් සිටුවා පැළය එයට ප්‍රවේශමෙන් ගැටගසන්න. පස වියළි යෑම වැළැක්වීමට වසුනක් යොදන්න.

ජල සම්පාදනය
පැලය හොඳින් වර්ධනය වන තෙක් පසේ තෙතමනය තිබීම අත්‍යාවශ්‍ය. වියළි කාලයේ ජල සම්පාදනය කළ යුතුය. පැලය අවට පස වියළීයාම වලකා ගැනීමට වියළි තණකොළ හෝ පිඳුරු වැනි ද්‍රව්‍යකින් වසුනක් යෙදිය යුතුය.

වල් පැලෑටි පාලනය

ගස් පේලි අතර ඇති වල් වීසිකැත්තකින් වරින් වර කපාගන්න.

රසායනික පොහොර නිර්දේශය

රසායනික පොහොර යෙදීමට අවම වශයෙන් සති 02 පමණ පෙර එක් ගසකට ඩොලමයිට් කි.ග්‍රෑම් 02 පමණ යොදන්න.

රසායනික පොහොර වලට අමතරව හැකි සෑම විටම කාබනික පොහොර යොදන්න.

සාර්ථක ප්‍රථිපල ලබාගැනීමට පොහොර යෙදිය යුත්තේ මල් හට ගැනීමට පෙර හා ඵල හටගෙන මාසයක් පමණ ගතවූ පසුවය.

ආකාරයයොදන කාලයවර්ගයප්‍රමාණය
හුණු යෙදීමසිටුවීමට සති 02 පෙරඩොලමයිට්ග්‍රෑම් 500 වලකට
කාබනික පොහොර යෙදීමසිටුවීමට සති 2 පෙරකුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට්කිලෝ ග්‍රෑම් 10
රසායනික පොහොර වර්ගය සහ ප්‍රමාණය
ග්‍රෑම් ගසකට
පෝෂක ප්‍රමාණය
ග්‍රෑම් පැලයකට
  යුරියාTSPMOP NP 2O5K 2 OMgO
සිටුවීමට පෙර 120225100556360
පළමු අවුරුද්දමාස 4 වරක් 407535192121
02වන අවුරුද්ද මාස 4 වරක් 8015070374242
03වන අවුරුද්ද මාස 4 වරක් 11022590506354
ගෙඩි හටගන්නා ගස් සදහා
ප්‍රධාන අස්වැන්න ගත් විට 45055026010020712615624
මල් හටගැනීමෙන් පසු 15055026069126156

මල් හටගැනීම හා පරාගනය

වගා කර ඇති ස්ථානය, කාළගුණය, ප්‍රභේදය සහ පසුගිය වසරේ ලබා දුන් අස්වැන්න වැනි කරුණු මත අලිගැට පේර ගසක මල් හට ගැනීම තීරණය වේ.

මල් වල ක්‍රියාකාරීත්වය අනුව ප්‍රධාන කාණ්ඩ දෙකකට අලිගැට පේර ශාක බෙදා තිබේ.

මෙයින් “A” දර්ශයට අයත් ශාකවල මල් විවෘත වු දින උදය වරුවේ එහි ස්ත්‍රී ලිංගික කොටස් ක්‍රියාකාරී වන අතර, මෙම කාලය තුලදී වෙනත් මල් වලින් පිට වන පරාග කලංකය මත රදවා ගෙන පරාගනය සම්පූර්ණ කර ගනී. නමුත් මෙම මල් වල පරාගධානි ක්‍රියාකාරී බවට පත්වන්නේ පසු දින සවස් වරුවේදීය.

“B” දර්ශයට අයත් ශාකවල ස්ත්‍රී ලිංගික කොටස් ක්‍රියාකාරී වන්නේ සවස් වරුවේ මල් විවෘත වූ විටය. එවැනි මල්වල පරාගධානි මගින් පසු දින උදය වරුවේදී පරාග මුදා හරී.

මේ හේතුව නිසා අලිගැට පේරවල ස්වභාවිකවම ස්වපරාගනය වීම වැලකී තිබේ හෝ සීමාවී තිබේ. එම නිසා ගෙඩි හටගැනීමට නම් මේ ආකාර දෙකටම අයත් ගස් සිටුවිය යුතුය.

නමුත් සිසිල්, අදුරු කාළගුණයකදී ස්ව පරාගනය සිදුවීම දක්නට ලැබේ. එවිට එක් ගසක් තිබීමෙන් වුවද ගෙඩි හොදින් හට ගනී.

ඒ නිසා මෙවැනි ගසක් හඳුනාගත විට අංකුර බද්ධ පැල නිපදවා ගැනීම සඳහා යොදා ගැනීම අතිශයින් වැදගත්ය.

පුහුණු කිරීම හා කප්පාදු කිරීම

පැළයක් සිටුවීමෙන් පසුව එයට මනා හැඩයක් ලැබෙන ආකාරයට සකස් කර ගැනීමට කටයුතු කල යුතුය. ගස් ක්‍රමයෙන් වර්ධනය වන විට පොළව සමග ස්පර්ෂ වන අතුද, දුර්වල අතු ආදිය කපා ඉවත් කරන්න. සෑම දිශාවකටම අතු විහිදීමට සලස්වන්න.

පාලන කටයුතු සහ අස්වැන්න නෙලීම පහසු කර ගැනීමට උස සාමාන්‍යයෙන් 4 1/2 – 5 1/2 පමණ මට්ටමක පවත්වා ගත යුතුය.

අතුරු බෝග වගාව

අලිපේර ගස් වර්ධනය වී පත්‍ර වියන ක්ෂේත්‍රය පුරා පැතිරීමට වසර ගණනක් ගතවේ. එබැවින් පළමු වසර 4-5 කාලය තුලදී ක්ෂේත්‍රෙය් සාර්ථකව අතුරු බෝග වගා කළ හැකිය. මේ සඳහා එළවළු ධාන්‍ය (ඉරිඟු) වෙනත් ක්ෂේත්‍ර බෝග (මිරිස්, තල, රටකජු) සහ පලතුරු බෝග (පැපොල්, අන්නාසි, කෙසෙල්, වැල්දොඩම්) යොදාගත හැකිය. එවැනි වගාවන් කිරීම අලිපේර පැල වල වර්ධනයටද උපකාරී වේ. අතුරු බෝග අලිපේර පේලි 2ක් අතර මැදට වන සේ පිහිටුවීම වඩා සුදුසුය.

වයස අවුරුදු 30 ඉක්මවූ පොල් වගාවක් තුල පොල් ගස් පේලි 2ක් අතර මැද මීටර් 6.5 – 8 පරතරයට අලිපේර තනි පේලියක් ලෙස පිහිටවා ගත හැකිය.

අස්වනු නෙලීම

අලිගැට පේර ගෙඩි ගසේ තිබියදී ඉදීම සිදු නොවේ. ගසේ මල් හට ගැනීමේ සිට සති 4-6 පමණ කාලයක් තුල මේරීම සිදු වේ. එම නිසා බොහෝ ගස් වල විවිධ වර්ධන අවස්ථාවල ඇති ගෙඩි දක්නට ලැබේ. නිසි මට්ටමට මෝරා ඇති ගෙඩි නෙලා ගත් විට සතියකදී පමණ ඉදීමට පටන් ගනී. හොදින් වැඩුණු ගෙඩි නෙලා ගත යුත්තේ නටුවේ කොටසක් ගෙඩියට සම්බන්ධ වන ආකාරයටය. එවිට ගෙඩි කුණුවීමට ඇති ඉඩකඩ අඩුය.

අස්වැන්න

ගසකින් ලබා ගත හැකි අස්වැන්න ප්‍රමාණය වගා කර ඇති ප්‍රභේද, ගසේ වයස හා දේශගුණික සාධක හා මනා නඩත්තු කටයුතු අනුව විශාල වශයෙන් වෙනස් වේ.

පළිබෝධ පාලනය

අතු විදින ගුල්ලා

තවාන් පැළ වලට දරුණු හානියක් ඇති කරන නිසා පැළ මැරී යයි.

වැඩෙන ගස් වල අතු සහ රිකිලි ආදිය මිය යාමට ඉඩ ඇත.

 
 

පාලනය

වැඩුණු ගස් වල මැරී යන කොටස් කපා පුළුස්සන්න.
තවානේ පැළ බඳුන් වලට ෆිප්‍රොසල් වැනි කෘමිනාශකයක් යෙදිය යුතුය.


පලතුරු මැසි විශේෂ

පලතුරු මැසි හානිය නිසා ගෙඩි වල මතුපිට බිත්තර දැමීම නිසා දුරුවල ලප ඇති වේ. ආසාදිත ලපටි ගෙඩි විකෘති හැඩ ගනී. ඒවා පසුව හැලී යයි. ගෙඩිය ඉදෙන අවස්ථාවේ ඒ තුල කීටයා වර්ධනයවී මාංශලය කා දමයි. මේ නිසා අපරිනතව හෙඩි හැලේ. ගෙඩියේ හානි වූ ස්ථාන වල කැලැල් හටගන්නා නිසා ඵලය තුල කුණුවීම නිසා අස්වැන්න අපතේ යයි. ආසාදිත ගෙඩිවල වෙළද අගය අඩුවෙයි.

පාලනය
මේ සදහා මීතයිල් ඉයුජිනෝල් ෆෙරෝමොන් නම් රසායනික ද්‍රව්‍ය අඩංගු උගුල් කිහිපයක් වගාව තුල තැබීමෙන් පිරිමි මැස්සන්ගේ ගහණය පාලනය කළ හැකිය.

ආසාදිත ගස් යට වැටී ඇති හා අගස් වල ඇති ගෙඩි එකතු කොට වල දැමීම හෝ විනාශ කිරීම.
ලපටි කාලයේදීම ගෙඩි වලට කඩදාසි ආවරණය යෙදීම.


රෝග පාලනය

මුල් කුණු වීම

පයිටොප්තෙරා සිනමෝම් නම් පාංශු දිලීර නිසා හටගත හැකි දරුණු රෝගයකි. දිලීරය පසේ ජීවත් වෙමින් අළුත් මුල් වලට හානි පමුනුවයි. හානිය දරුනු වූ විට මැරී යයි. පසේ ජලවහන දුර්වල වූ විට ක්ෂේත්‍රෙය් ඇති ශාක වලට රෝගය ඇති වේ.

පාලනය
පසේ ජලවහනය දියුණු කිරීම
පාංශු දිලීර නාශකයක් ගස වටා ඇති ප්‍රදේශයේ පස තෙමී යන සේ යොදන්න.
පැල මුලට පස් එකතු කොට පාදස්ථ කොටස ආවරණය කිරීම, වසුන් යෙදීම හා සනීපාරක්ෂක කටයුතු සිදු කිරීම.

 
 

ඇන්ත්‍රැක්නෝස් රෝගය

උණුසුම් තෙත් කාළගුණික තත්ත්ව යටතේදී ගෙඩි හා පත්‍ර වලට හානි පැමිණිය හැක. ඵල මත අඟල් 1/2 තරම් කළ පැහැති වටකුරු ලප ඇති වේ. එම ලප වල මධ්‍යය ගිලුණ ස්වභාවයක් ගන්නා අතර ලප තුල පැලුම් ඇති වේ. තෙත් කාලගුණ තත්ත්ව වලදී එම ලප තුල දම් පැහැදි බීජාණු දක්නට ලැබේ.

පාලනය
මේ සදහා තඹ අඩංගු දිලීර නාශකයක් ගෙඩි හටගැනීමට ආරම්භ වූ අවස්ථාවේ සිට කිහිපවරක් යෙදීමෙන් පාලනය කරගත හැකිය.

 


ගෙඩි කුනු වීම

අස්වැන්න නෙලා ගැනීමෙන් පසු ගෙඩි වලට වැළදිය හැකි රෝගයකි. දිලීර ගණනාවක්නිසා මෙය හට ගනී. නෙලා ගත් ගෙඩි වල නටුව ආසන්න ප්‍රදේහයේ පිට පොත්ත හා මදය කුණු වීමට පටන් ගනී.

 

පාලනය

මේ රෝගය පාළනයට ගෙඩිය නටුව සමග නෙලා සුදුසු දිලීර නාශකයක ගිල්වා වෙලද පොලට යවන්න.
ගස්වල දුරුවල හා මැරුණු අතු කප්පාදුව.
බෝගයේ අවශේෂ, රෝග හා පළිබෝධ හානි නිසා ක්ෂේත්‍රයේ වැටී ඇති ගෙඩි විනාශ කොට ක්ෂේත්‍රයේ සනීපාරක්ෂක තත්ත්වය දියුණු කිරීම.

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)