Field Crops – Blackgram – Sinhala

උඳු

Vigna mungo
Family – Fabaceae

හැදින්වීම
අප රටේ විශේෂයෙන්ම වියළි හා අතරමැදි කලාපවල බහුලව වගා කරයි. එය අඩු ජල ප්‍රමාණයක් යටතේ සාර්ථකව වගා කළ හැකිය. නියඟයට ඔරොත්තු දෙන හැකියාව වැඩිය. අප රටේ වගා කරනු ලබන, අසල්වැසි ඉන්දියාව සමග තරගකාරී මිලකට නිපදවිය හැකි බෝග කිහිපයෙන් උඳු ද එක් බෝගයක් වේ. ප්‍රෝටීන්, විටමින් සහ ඛණිජ වලින් පොහොසත් මාෂ බෝගයකි.
Blackgram
උඳු වගාව
වියළි පාරිසරික තත්ත්වයන් හා 20-35 °C අතර උෂ්ණත්වයක් සුදුසු වේ. වියළි හා අතරමැදි කලාපයන් ඉතා යෝග්‍ය වේ. වගාවේ ආරම්භයේ සිට මල් හටගන්නා අවස්ථාව දක්වා පසේ මනා තෙතමනයක් තිබීම සාර්ථක වගාවකට හේතු වේ. කරල් මෝරන විට වියළි කාලගුණ තත්ත්ව තිබීම හොදය. සාමාන්‍ය උෂ්ණත්වය 25 – 32 °C අතර පරාසයක හොදින් වර්ධනය වේ. කඩින් කඩ ඇති වන නියගයන්ට ද ඔරොත්තු දේ.
හොදින් ජලය බැස යන හා වැලිමය ලෝම පස්වල මෙන්ම මැටි අධික පස් වල ද වගා කළ හැක. නමුත් මැටි අධික පසක වගා කරන විට ජලවහනය හොදින් සිදු වන ලෙස පස සකස් කළ යුතුය. පී.එච්. අගය 6.0 සිට 7.0 සුදුසු වේ.
අස්වනු නෙලන විට වියලි කාළගුණයක් පවතින පරිදි මහ කන්නයේ වගාව පිහිටුවීම නොවැම්බර් මැද දක්වා ප‍්‍රමාද කිරීමත් රෝග හා පළිබෝධ හානි අවම කිරීම සදහා යල කන්නයේ දී වර්ෂාවත් සමග එනම් අපේ‍්‍රල් මුල් සතියේ වගාව පිහිටු වීම වැදගත් වේ.
එම්.අයි. 01
දින 85 – 90 අස්වැන්න නෙලා ගත හැක. ප‍්‍රමාණයෙන් විශාල බීජ කළු පැහැතිය. කරල් වල බූව පවතී. අර්ධ අපරිමිත වර්ධනයක් පෙන්වයි. අස්වැන්න හෙක්.ටොන්. 1.8-2ක් පමණ ලබා ගත හැක. පත්‍ර විචිත්‍ර වෛරස් රෝගයට පාත්‍රී වේ.
අනුරාධ
පුෂ්ප කහ පැහැති වේ. කළු පාට, සිලින්ඩරාකාර සාපේක්‍ෂව කුඩා බීජ වේ. දින 75 – 80 දී අස්වැන්න නෙලා ගත හැක අස්වැන්න හෙක්.ටොන්. 1.5ක් පමණ ලබා ගත හැක. පත්‍ර විචිත්‍ර වෛරස් රෝගයට පාත්‍රී වේ.
එම්.අයි.බී.ජී. 3
2020 වර්ෂයේදී නිර්දේශ කල ප්‍රභේදයකි.දින 85-90 කින් අස්වැන්න නෙලා ගත හැක. පත්‍ර විචිත්‍ර වෛරස් රෝගයට මධ්‍යස්ථ ලෙස ඔරොත්තු දේ.අස්වැන්න හෙක්.ටොන්. 2.2-2.5 ක් පමණ ලබා ගත හැක.
එම්.අයි.බී.ජී. 4
2020 වර්ෂයේදී නිර්දේශ කල ප්‍රභේදයකි.දින 70-75 කින් අස්වැන්න නෙලා ගත හැක. පත්‍ර විචිත්‍ර වෛරස් රෝගයට ඔරොත්තු දේ.අස්වැන්න හෙක්.ටොන්. 2-2.2 ක් පමණ ලබා ගත හැක.

හොදින් ප්‍රරෝහනය වන බීජ  එක හිලකට එක බීජය බැගින් පේලියට දැමීම සඳහා හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 12-15 ක් පමණ අවශ්‍ය වේ.

එක හිලකට  බීජ දෙක බැගින් පේලියට දමා දින 10කින් පැල තුනීකිරීම සිඳුකරන්නේනම්  හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 25-30 ක් පමණ අවශ්‍ය වේ.

  • එක් වලක පැළ 02ක් සිටුවන විට පැළ අතර සෙ.මී. 60 පේළිය තුළ සෙ.මී.
  • එක් වලක පැළ 01ක් සිටුවන විට පැළ අතර සෙ.මී. 30 පේළිය තුළ සෙ.මී.
  • පැල අතර (කුඹුරු ඉඩම්වල) –සෙ.මී. 45

භූමිය වල්පැළ වලින් තොරව පස සෙ.මී. 20 ක් පමණ ගැඹුරට හොඳින් පෙරලා කැට පොඩිකර ජලවහනය හොඳින් සිදුවන සේ නියමිත පරතරයට සකස් කරගත් වැටි වල හෝ පේලියට බීජ සිටුවීමට සුදුසුය. එක් ස්ථානයකට බීජ 02 බැගින් සෙ.මී. 1.5 ක් ගැඹුරින් සිටුවීම.

එක හිලකට බීජ දෙකක් දමන්නේනම් , පැළ වලට දින 10 – 12 ක් වූ විට එක් ස්ථානයක එක් පැළයක් සිටින සේ වැඩි පැළ ඉවත් කිරීම.

  • බීජ ප‍්‍රරෝහනය, කරල් පිරීම යන අවධිවල ජල සැපයීම අනිවාර්ය වේ.
  • බීජ සිටුවා මුල් සති 03 – දින 03, 04 කට වරක් සහ පසුව දින 07 කට වරක්.
  • කරල් වියළීම හා මේරීම සිදු වන කාළය තුළ දී ජල සම්පාදනය සීමා විය යුතුය.
පොහොර යොදන අවස්ථාවයූරියා
(කි.ග‍්‍රෑ./හෙක්.)
ත‍්‍රිත්ව සුපර් පොස්පේට්
(කි.ග‍්‍රෑ./හෙක්.)
මියුරියේට් ඔෆ් පොටෑෂ්
(කි.ග‍්‍රෑ./හෙක්.)
බීජ වැපිරීමට පෙර3510075
දින 30 පසු30

සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

කාබනික පොහොර යෙදීම

කේෂ්ත්‍රයේ බිම් සකස් කිරීමට මාසකට පමණ පෙර කොල පොහොර හෙක්ටයාරට ටොන් 10 ක් යොදා සීසෑම සිඳු කරන්න

බෝගය වර්ධක අවධිය වන තෙක් දෙවරක් වල් මර්ධනය කිරීම සුදුසු වේ. ශාක විසින්ම හොදින් වර්ධනය වූ පසු ස්වභාවිකව වල් මර්ධනය සිදු වේ.

රෝග – සර්කස්පෝරා පත‍්‍ර පුල්ලි රෝගය, පිටි පුස් රෝගය, ඇස්කොකයිටා අංගමාරය
පළිබෝධ – බෝංචි මැස්සා, සුදු මැස්සා, කුඩිත්තා, මයිටාවන්, පත‍්‍ර කනින්නන්, පැළ මැක්කන්, පණු හානිය, බිබිලි කුරුමිණියා, කරල් විදින මකුණන්, කරල් විදින දළඹුවන්, රනිල ගුල්ලා

  • මේරීම ආරම්භයේ කරල් දුඹුරු කළු පැහැයට හැරේ.
  • වගාවේ 90% පමණ කරල් කළු පැහැ වී ඇති විට දෑකැති මඟින් සම්පූර්ණ ගස කපා ගත යුතුය.
  • හොඳින් වියලූණු පසු කොල මඩින යන්ත‍්‍ර හෝ ට‍්‍රැක්ටරයක් මඟින් පාගා බීජ වෙන් කර දින 02 පමණ හොඳින් අව්වේ වියලා ගැනීම.
  • ගුල්ලන්ගේ හානිය වළක්වා ගැනීමට හොඳින් වියලූ බීජ පිරිසිදු කර පොලිතීන් මලූවල අසුරා තැබීම.

හෙක්ටයාරයකට ටොන් 1.2 – 2.5