ETC-women agriculture extension – si

කාන්තා කෘෂිකාර්මික ව්‍යාප්ති ඒකකය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ “ව්‍යාප්ති හා පුහුණු” අධ්‍යක්ෂ අංශය යටතේ කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකය ක්‍රියාත්මක කරනු ලබයි.පේරාදෙණියේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටා ඇති  ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ, කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති මූලස්ථානය පිහිටා ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ අන්තර් පළාත් හා පළාත් යන කෘෂිකර්ම බල ප්‍රෙද්ශ දෙකම ආවරණය වන සේ දිස්ත්‍රික්ක මට්ටමින් “විෂයභාර නිලධාරීන්” (කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති විෂයට අදාලව) ද,ප්‍රාදේශීය මට්ටමේදී කෘෂිකර්ම උපදේශක නිලධාරීන්ද මඟින් කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති වැඩසටහන ක්‍රියාත්මක වේ.

අරමුණ

කාන්තාව කේන්ද්‍ර කර ගත් පවුල් ඒකකයන්හි පෝෂණීය තත්ත්වය, ආර්ථික හා සමාජයීය තත්ත්වය වැඩි දියුණු කිරීම තුළින් රටේ සංවර්ධන ක්‍රියාවලියේදී කෘෂිකාර්මික නිෂ්පාදන හා සේවා අංශයන්ගේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම.

 

සේවාවන්

  • දේශීය ආහාර ප්‍රවර්ධනය සහ හෙළ බොජුන් හල් ආරම්භ කර පවත්වා ගෙන යාම.
  • කෘෂිකර්මය පාදක කර ගත් කාන්තා ව්‍යවසායිකාවන් බිහි කිරීම.
  • දීපව්‍යාප්තව සිටින කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති විෂයභාර නිළධාරීන්ට නොයෙක් අංශයන්හි ප්‍රවීන දේශකයන් මගින් පුහුණු අවස්ථාවන් ලබාදී ඔවුන්ගේ විෂය දැණුම දියුණු කිරීම.
  • දිවයින පුරා ස්ථාපනය කර ඇති කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති සංවිධාන ලියාපදිංචි කිරීම.
  • ප්‍රචාරක වැඩසටහන් හා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • ඡායාරූප එකතුව

    24-512

    සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

    එච්.එම්.එම්.ධනරංජනී හේරත් මිය

    අප අමතන්න