ETC-TRAINING-ISTI -Agunakolapelessa – si

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය යටතේ ඇති ප්‍රධාන පුහුණු ආයතනයකි. නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ යටතේ පුහුණු වැඩසටහන් පුහුණු කාර්ය මණ්ඩලයක් මගින් ද, පුහුණු ක්ෂේත්‍ර ආදර්ශන පවත්වාගෙන යාම තාක්ෂණ සේවයේ නිලධාරීන් සහ ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය මගින් ද, ආයතනික කටයුතු කාර්යාලයිය කාර්ය මණ්ඩලයක් මගින් ද  පවත්වාගෙන යාම සිදුකරයි. හෙක්ටයාර් 08 ක වපසරියකින් යුතු ආයතන පරිශ්‍රය තුළ කාබනික පොහොර නිෂ්පාදන ඒකකය, වී . අතිරේඛ ආහාර බෝග , පළතුරු, එළවළු සහ අල බෝග පුහුණු ආදර්ශන ක්ෂේත්‍ර ලෙස පවත්වාගෙන යනු ලබයි.   

අඟුණකොලපැලැස්ස සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයෙහි මෙහෙවර වනුයේ ක්ෂේත්‍ර ව්‍යාප්ති කාර්ය මණ්ඩලයේ වෘත්තීයමය නිපුණතාව නංවාලීම පිණිස ඔවුන් නව තාක්ෂණය සම්බන්ධයෙන් යාවත්කාලීන කිරිම හා කෘෂිකාර්මික අංශයෙහි වෙනස්වන තත්ත්ව සඳහා ඔවුන් අඛණ්ඩව පුහුණු කිරිමයි. මෙම ආයතනය මඟින් ප්‍රධාන වශයෙන් දකුණු ප්‍රදේශයෙහි (ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වල හා හම්බන්තොට අන්තර් පළාත් ප්‍රදේශයේ ) කෘෂිකාර්මික අංශයෙහි නිලධාරින් සඳහා සේවා සංස්කරණ පුහුණු ලබාදීම සිදු කරයි. ප්‍රේරන පුහුණුව, සංස්කරණ පුහුණුව හා පෙරකන්න පුහුණුව යනාදිය සුලභව පවත්වනු ලබන පුහුණු වර්ග වේ. ඉහත පුහුණු වලට අමතරව සේවා සංස්කරණ පුහුණු ආයතන පරිශ්‍රයේ පවත්වනු ලබන ක්ෂේත්‍ර ආදර්ශද නවීන කෘෂිකාර්මික තාක්ෂණය ජනප්‍රිය කරලීමට ඉවහල් වේ. ආයතනයේ පසු අස්වනු හා ආහාර සැකසුම් ඒකකය විසින් නිලධාරින් හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ආහාර තාක්ෂණික පුහුණු පවත්වාගෙන යනු ලබයි.

මීට අමතරව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය මඟින් බෝග සායන වලදී ගොවීන්ට ශාක ආරක්ෂණය පිලිබඳ උපදේශන සේවා සපයනු ලබයි. පුහුණු වලට අතිරේක අඟුණකොළපැලැස්ස සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී සය මාසික පුහුණුවක් හා රැකියාවේ නියුක්තව සිටියදී ලබන සය මාසික පුහුණුවක් සහිතව පැල තවාන් සංවර්ධන සහායක පාඨමාලාවක්ද (ජාතික වෘත්තීය සුදුසුකම් 3/4 මට්ටම) පවත්වනු ලැබේ.

අපගේ ඡායාරූප එකතුව

24-512

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

Mr.

අප අමතන්න

මෙම  වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් අපගේ මුල්  පිටුව වෙත පහත සබැදි මගින් යොමු වන්න.