ETC-inter provincial-Polonnaruwa -si

අන්තර් පළාත් කාර්යාලය -පොලොන්නරුව

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මුළු භුමි ප්‍රමාණයෙන් 44809 ha ප්‍රමාණයක කෘෂිකාර්මික කටයුතු වල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යෙදී සිටින අතර 43000 ha ප්‍රමාණයක් මහවැලි අධිකාරිය සතුවේ, තමන්කඩුව, ලංකාපුර, ඇළහැර, හිඟුරක්ගොඩ හා මැදිරිගිරිය යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ අන්තර් පළාත් බල ප්‍රදේශයට අයත් වන අතර පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ, කවුඩුල්ල හා මින්නේරි යන මහාවාරි ජලාශ ද විවිධ සුලුවාරි වැව් ද අයත් වේ.

අන්තර් පළාත් බල ප්‍රදේශය කෘෂිකාර්මික තාක්‍ෂණය විසරණය කිරීම සඳහා කලාප තුනකටත් කෘෂිකර්ම උපදේශක මධ්‍යස්ථාන අටකටත්, කෘෂිකර්ම උපදේශක බල ප්‍රදේශ 35 කටත්  බෙදා ඇත.  මෙම ප්‍රදේශයේ ප්‍රධාන ලෙස වී වගාව කරන අතර  අතිරේක ආහාර භෝග වලින් ලොකුළුණු, රටකජු, බඩඉරිගු සාපේක්ෂව වැඩිපුර වගා කෙරේ.

පොළොන්නරුව අන්තර් පළාත් බල ප්‍රදේශය කලාප 2 කට බෙදා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක වරුන් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතට පත් කර ඇත.
  කලාප I
කලාප I හී අධීක්ෂණ කටයුතු සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, බී.එම්.ජී.එස්.බස්නායක මහතා විසින් සිදු කරයි. එම කලාපයට පහත සඳහන් කෘෂිකර්ම උපදේශක මධ්‍යස්ථාන අයත්වේ.

  1. හිඟුරක්ගොඩ කෘෂිකර්ම උපදේශක මධ්‍යස්ථාන
  2. ගිරිතලේ කෘෂිකර්ම උපදේශක මධ්‍යස්ථාන
  3. ඇලහැර කෘෂිකර්ම උපදේශක මධ්‍යස්ථාන
  4. නවනගරය කෘෂිකර්ම උපදේශක මධ්‍යස්ථාන

කලාප II

කලාප IIහී අධීක්ෂණ කටයුතු සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, වී.එම්. ජයලත් මෙනවිය විසින් සිදු කරයි.  එම කලාපයට පහත සඳහන් කෘෂිකර්ම උපදේශක මධ්‍යස්ථාන අයත්වේ.

  1. මැදිරිගිරිය කෘෂිකර්ම උපදේශක මධ්‍යස්ථාන
  2. සේවාගම කෘෂිකර්ම උපදේශක මධ්‍යස්ථාන
  3. පුලස්තිගම කෘෂිකර්ම උපදේශක මධ්‍යස්ථාන
  4. ගල් අමුණ කෘෂිකර්ම උපදේශක මධ්‍යස්ථාන

ආයතනය මගින් සිදු කරන ව්‍යාපෘති

  • මහවැලි ගංගා  ද්‍රෝණිය ආශ්‍රිත ගොවි ප්‍රජාව දේශගුණික විපර්යාස වලට අනුහුරු කරවීමේ ව්‍යාපෘතිය, ලංකාපුර හා මැදිරිගිරිය ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශවල ක්‍රියාත්මක කරනු ලබයි.
  • ඵලදායිතාව ඉහල නැංවීම හා වාරි පද්ධති කාර්යක්ෂමතා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති (PEISEIP) මැදිරිගිරිය , ගිරිතලේ, ඇලහැර , හිඟුරක්ගොඩ , ඇලහැර, හිඟුරක්ගොඩ යන ප්‍රදේශ වල ක්‍රියාත්මකයි.
  • කෘෂිකාර්මික ක්ෂේත්‍රය නව්‍යකරණ ව්‍යාපෘතිය(ASMP)-ඇලහැර , මැදිරිගිරිය , පුලස්තිගම ,සේවාගම හිඟුරක්ගොඩ යන ප්‍රදේශවල නියමු ව්‍යපෘතියක්  ලෙස ක්‍රියාත්මක කරනු ලැබේ.
  • පිබිදෙමු පොළොන්නරුව  ව්‍යාපෘතිය දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කරනු ලබයි.

ආයතනය මගින් සිදු කරන ක්‍රියාකාරකම්

වී වගාව ආශ්‍රිත ක්‍රියාකාරකම්

  • යාය 2 වැඩ සටහන ක්‍රියාත්මක කිරීම
  • වර්ෂාව ආරම්භය සමඟ සී සෑම සඳහා ගොවින් යොමු කරවීම
  • පොහොර කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා පත්‍ර වර්ණ දර්ශක භාවිතයට ගොවින් හුරු කිරීම

අතිරේක බෝග වගාව ආශ්‍රිත ක්‍රියාකාරකම්

  • උපරිම අස්වනු ආදර්ශන පැවැත්වීම
  • ක්ෂුද්‍ර ඡල සම්පාදනය යටතේ වගා කිරීමට ගොවීන් පෙළඹවීම
  • වගා මලු ආශ්‍රිත වගාව ප්‍රචලිත කිරීම

එළවලු හා පලතුරු වගාව ආශ්‍රිත ක්‍රියාකාරකම්

  • GAP සහතික ලබා දීම සඳහා සුදුසු තත්වයට ගොවිපල් සැකසීම 
  • පළතුරු ගම්මාන ඇති කිරීමට කටයුතු කිරීම.

ගොවි කාන්තා  ක්‍රියාකාරකම්

  • ගොවි කාන්තා සමිති පිහිටුවීම
  • හෙළ බොජුන් අලෙවිසැල් පිහිටුවීම

ආදායම් උත්පාදන අංශය ආශ්‍රිත ක්‍රියාකාරකම්

  • මී මැසි පාලනය
    • මී මැසි පාලන ගම්මාන ඇති කිරීම
  • බිම්මල් නිෂ්පාදනය
    • පුහුණු වැඩසටහන් පැවැත්වීම 

ගෙවතු සංවර්ධන අංශය ආශ්‍රිත ක්‍රියාකාරකම්

  • නව ගෙවතු ඇති කිරීම 
  • පුහුණු වැඩසටහන් පැවැත්වීම

ආයතනය මගින් සිදු කරන සේවාවන්

  • පර්යේෂණ අංශය හා සම්බන්ධ වෙමින් නවීන කෘෂි තාක්ෂණය ගොවි ජනතාව අතර ප්‍රචාරණය කිරීම මගින් නිෂ්පාදන ඵලදායිතාවය ඉහළ නැංවීම
  • කෘෂි රසායන අලෙවිසැල් ලියාපදිංචි කිරීම, පරික්ෂා කිරීම හා ඒවා විධිමත්ව පවත්වා ගෙන යාමට කටයුතු කිරීම.
  • විවිධ කෘෂිකාර්මික ව්‍යාපෘති සිදු කරමින් ගොවි ජනතාවගේ ආදායම ඉහළ නැංවීමට කටයුතු කිරීම.
  • අවශ්‍ය අවස්ථාවලදී වෙනත් ආයතන සඳහා තාක්ෂණික දැනුම ලබා දීම වගා කටයුතු සඳහා තාක්ෂණික උපදෙස් ලබා දීම.
  • පස් පරීක්ෂා කර පොහොර නිර්දේශ ලබා දීම.
  • බීජ හා රෝපන ද්‍රව්‍ය සම්බන්ධීකරණය කිරීම
  • කෘෂි ව්‍යවසායකයින් දැනුවත් කිරීම.
    • දේශීය ආහාර නිෂ්පාදනය
    • ව්‍යාපාරික ගොවිපල් ඇති කිරීම.
  • වගා හානි තක්සේරු ලබා දීම.
  • කෘෂි යන්ත්‍රෝපකරණ පුහුණු ලබා දීම.
  • තරුණ ගොවි සමාජ ක්‍රියාත්මක කිරීම.
  • නව ප්‍රභේද අත්හදා බැලීම ක්‍රියාත්මක කිරීම.
  • වෙනත් ආයතන සඳහා කෘෂිකාර්මික පුහුණු ලබා දීම.
  • බෝග සායන පැවැත්වීම
  • කාන්තා ව්‍යාප්ති වැඩසටහන් සිදු කිරීම.
  • ජාතික ආහාර හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහාය වීම.
  • පශු අස්වනු තාක්ෂණික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • අස්වනු සමීක්ෂණ කටයුතු සිදු කිරීම.
  •  

අපගේ ජායාරූප එකතුව

24-512

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ(අන්තර් පළාත්)

ආර්.පී.උපාලි මයා

අප අමතන්න
මෙම  වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් අපගේ මුල්  පිටුව වෙත පහත සබැදි මගින් යොමු වන්න.