ETC-inter provincial offices – si

අන්තර් පළාත් බල ප්‍රදේශ

මහා වාරිමාර්ග යෝජනා ක්‍රමවල පෝෂක ප්‍රදේශවල පිහිටා ඇති අන්තර් පළාත්  ප්‍රදේශ හයක්  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ විෂය පථයට අයත් වේ. අම්පාර, අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල, පොලොන්නරුව සහ මහනුවර යන දිස්ත්‍රික්කවල කොටස් අන්තර් පළාත් ප්‍රදේශ ලෙස වෙන් කර ඇත.

කෘෂිකාර්මික දැනුම වැඩි දියුණු කිරීම, කුසලතා වැඩි දියුණු කිරීම සහ ජාතික ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි ගොවීන්ගේ ආකල්ප වර්ධනය කිරීම සහ ආදායම ඉහළ නැංවීම තුළින් ගොවීන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා අන්තර් පළාත් හයේ ව්‍යාප්ති කාර්ය මණ්ඩලය සිය සේවය ගොවීන්ට ලබා දේ.

ජලාශයන්හි ජල හිඟය හේතුවෙන් කන්න දෙකෙහිම වගා කරන ලද භුමි ප්‍රමාණයන් අඩු වීමක් දක්නට ලැබේ. වර්ෂය තුළ අනෙකුත් ක්ෂේත්‍ර බෝග වල වගා කරන භුමි ප්‍රමාණය වැඩි කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ. ප්‍රධාන වශයෙන් බඩ ඉරිඟු, මුං ඇට, රටකජු, තල , කව්පි,සෝයා බෝංචි, මිරිස්, කුරක්කන්, උඳු , ලොකු ළූණු සහ රතු ළූණු යන බෝග පහත අන්තර් පළාත් ප්‍රදේශයෙහි වගා කරනු ලැබේ.

අරමුණු

  • ගුණාත්මක බීජ වී නිෂ්පාදනය වැඩි දියුණු කිරීම
  •  GAP සහතික කිරීමේ වැඩසටහන ප්‍රධාන වශයෙන් එළවළු සහ පලතුරු බෝග සඳහා මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක වේ
  • අතිරේක ආහාර බෝග (එළවළු සහ පලතුරු) වල දේශීය නිෂ්පාදනය වැඩි කිරීම සහ ආනයන අඩු කිරීම. සෘතුමය හා කාලානුරූපී වගාව වැඩි දියුණු කිරීම මගින් වසර පුරා නිෂ්පාදනය සහතික කිරීම.
  • ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ගොවීන්ට නව තාක්ෂණයන් හඳුන්වා දීම
  • පාංශු රසායනාගාරයේ කටයුතු ශක්තිමත් කිරීම
  • ගෙවතු වගාව සම්බන්ධ පවුල් ගණන වැඩි කිරීම
  • කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම
  • දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම
  • මී මැසි ගම්මාන වැඩි කිරීම

සේවාවන්

  • ව්‍යාප්ති වැඩසටහන්
  • විවිධ කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
  • ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම හා සම්බන්ධීකරණය කිරීම
  • ගොවීන් සඳහා කෘෂිකාර්මික පුහුණුව
  • පලතුරු භෝග ප්‍රවර්ධනය හා අලෙවිකරණය සම්බන්ධීකරණය කිරීම.සහ අගය එකතු කළ නිෂ්පාදන
  • පළිබෝධනාශක අලෙවිකරණ අලෙවිසැල් ලියාපදිංචි කිරීම සහ යාවත්කාලීන කිරීම, පළිබෝධනාශක අලෙවිකරණ සහකාර පුහුණු සඳහා යොමු කිරීම
  • ආයතන සම්බන්ධීකරණය කිරීම
  • අලෙවිකරණ උපාය මාර්ග හඳුන්වා දීම
  • කාන්තා ගොවි කෘෂිකාර්මික ව්‍යාප්ති වැඩසටහන්
  • වගා කිරීමට සුදුසු භෝග, ක්ෂේත්‍ර සංස්ථාගත කිරීමට සුදුසු කාල සීමාව සහ උපරිම ආදායම සඳහා වගා කළ යුතු ප්‍රමාණය පිළිබඳව ගොවීන්ට තොරතුරු සැපයීම