ETC-Extension-division – si

ව්‍යාප්ති අංශය

ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ ව්‍යාප්ති අංශය කෘෂිකාර්මික තාක්ෂණයන් කෘෂිකර්මාන්තයට අදාළ සියලුම පාර්ශවකරුවන් වෙත අඛණ්ඩව බෙදා හරිනු ලබන්නේ අන්තර් පළාත් ප්‍රදේශ හයක් ලෙස විසිරී ඇති ප්‍රධාන වාරිමාර්ග යෝජනා ක්‍රමවල විවිධ ව්‍යාප්ති ප්‍රවේශයන් මගිනි. (අම්පාර, අනුරාධපුර, හම්බන්තොට, මහනුවර, මොණරාගල, පොලොන්නරුව). කන්න රැස්වීම්  පැවැත්වීම, “හෙල බොජුන්”, වෙළඳසැල් සහ යෙදවුම් බෙදා හැරීම වැනි ව්‍යාප්ති ක්‍රියාකාරකම් සහ සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා වන ප්‍රතිපත්තිමය මැදිහත්වීමට අමතරව විශේෂ ව්‍යාපෘති ඔස්සේ දිවයින පුරා කෘෂි තාක්ෂණය ව්‍යාප්ත කරනු ලබයි. ව්‍යාප්ති හා සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා  ක්ෂේත්‍ර භෝග,වී වගාව, පලතුරු හා එළවළු, පැලෑටි ආරක්ෂණය, මී මැසි පාලනය, කාන්තා කෘෂිකර්ම ව්‍යාප්තිය, තරුණ ගොවි සමාජය, ශාක පෝෂණය හා කාබනික පොහොර, දේශගුණික තිරසාර කෘෂිකර්ම හා වාරි කළමනාකරණය, ජංගම කෘෂිකර්ම ව්‍යාප්තිය, දුම්කොළ වගා පාලනය) ලෙස උප ඒකක පිහිටුවා ඇත.

අපගේ කාර්යය භාරය

දේශීය ආහාර නිෂ්පාදනය හා ප්‍රවර්ධනය උදෙසා වන  අන්තර් පළාත් සහ දිස්ත්‍රික් ව්‍යාප්ති වැඩසටහන් සහ වෙනත් ආශ්‍රිත සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.

අරමුණු

  • නවීන ව්‍යාප්ති හා සන්නිවේදන ක්‍රමවේදයන් අනුගමනය කරමින් දිවයින පුරා විසිරී ඇති ව්‍යාප්ති මධ්‍යස්ථාන වලට  කාර්යක්ෂම ව්‍යාප්ති සේවාවක්  ලබා දීමට හැකිවන පරිදි අවශ්‍ය පහසුකම් සැපයීම
  • ජාතික මට්ටමින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයුම්කරණය, අධීක්ෂණය සහ පසු විපරම් කිරීම තුළින් බෝග  නිෂ්පාදනය හා නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම.
  • ගොවි කාන්තා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන් තුළින් කාන්තාවන්ගේ ආදායම ඉහළ නැංවීම
  • තරුණ ගොවි සමාජ ව්‍යාපාරය  තවදුරටත් ශක්තිමත් කිරීම සහ ක්ෂේත්‍ර මට්ටමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම, මෙහෙයුම්කරණය හා අධීක්ෂණය කිරීම තුළින් තරුණ තරුණියන් කෘෂිකාර්මික අංශයට යොමු කිරීම.

ක්‍රියාකාරකම්

  • අතිරේක අධ්‍යක්ෂ(ව්‍යාප්ති) යටතේ ඇති ඒකක අධීක්ෂණය සහ සම්බන්ධීකරණය කිරීම 
  • අන්තර් පළාත් බල ප්‍රදේශවල වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීම 
  • ප්‍රගති සමාලෝචන රැස්වීම් / පෙර කන්න  රැස්වීම් සහ වෙනත් අදාළ රැස්වීම් පැවැත්වීම
  • ක්ෂේත්‍ර චාරිකා
  • තාක්ෂණික කටයුතු පවත්වාගෙන යාම

ඒකක

  • අන්තර් පළාත් කාර්යාල
    1. අම්පාර
    2.  අනුරාධපුර
    3. හම්බන්තොට
    4. මහනුවර
    5. මොණරාගල
    6. පොළොන්නරුව
  • උද්‍යාන විද්‍යාව සහ ශාක ආරක්ෂණය
  • කාන්තා කෘෂිකාර්ම ව්‍යාප්තිය
  • තරුණ ගොවි සමාජ
  • මී මැසි සංවර්ධන ඒකකය
  • දේශගුණික තිරසාර කාෂිකර්ම හා වාරි කළමනාකරණය
  • ශාක පෝෂක හා කාබනික කෘෂිකර්ම
  • අතිරේක ආහාර භෝග
  • ජංගම කෘෂිකර්ම  ව්‍යාප්ති
  • වී භෝග
  • පස සංරක්ෂණ
24-512

අතිරේක අධ්‍යක්ෂ(ව්‍යාප්ති)

ජේ.ආර්.සුදසිංහ මයා

අප අමතන්න