ETC-examination division – si

විභාග අංශය

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල විසින් පවත්වනු ලබන කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ  ජාතික හා උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනීම සඳහා  වු විභාග  පැවැත්වීම, ඩිප්ලෝමා  පුහුණුලාභින්ගේ  ඇගයීම කටයුතු සිදු කිරීම හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්ය්‍ය මණ්ඩලවල කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීමේ වගකීම  ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ විභාග අංශයට පැවරී ඇත.

 

මෙහෙවර

විධිමත් ඇගයීම් ක්‍රියාවලියක් තුළින් කෘෂිකාර්මික අංශයේ මානව සම්පත් සංවර්ධනය හා එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා දායක වීම.

අරමුණු

  • තරඟ විභාග පැවත්වීම මඟින් කෘෂිකර්ම  උසස් ජාතික ඩිප්ලෝමා /ජාතික ඩිප්ලෝමා පාඨමාලාවන්  හැදැරීම  සඳහා යෝග්‍ය සිසුන් පිරිසක් තෝරා ගැනීම.
  • ඩිප්ලෝමා පාඨමාලාවන් වල  ඇගයීම් කටයුතු සිදු කිරීම තුලින් දැනුමෙන් කුසලතාවයෙන් හෙබි ඩිප්ලෝමාධාරීන් බිහි කිරීමට දායකත්වය සැපයීම. 
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම තුලින් ඔවුන්ගේ වෘත්තිය සංවර්ධනය(Career development and job satisfaction  )  ඇති කිරීමට දායකත්වය සැපයීම
  • අවශ්‍යාතාවය පරිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවිධ  සේවා ඛාණ්ඩවල පුරප්පාඩු පිරවීම සඳහා තරඟ විභාග පැවැත්වීම තුලින් ඒ සඳහා සුදුසුකම්ලත් නිලධාරී පිරිසක් තොරා ගැනීම.

ක්‍රියාකාරකම්

  • වාර්ෂික විභාග දින දර්ශනය සකස් කිරීම.
  •  ජාතික / උසස් ජාතික ඩිප්ලෝමා පාඨමලා සඳහා සිසුන් බඳවා ගැනීම සහ රජයේ නිලධාරීන් බඳවා ගැනීම සඳහා විභාග පැවත්වීම 
  • ඩිප්ලෝමා පාඨමාලා වල   ඇගයීම කටයුතු සංවිධාන කිරීම හා ඇගයීම් සිදු කිරීම.
  • කාර්යක්ෂමතා කඩඉම් විභාග සංවිධානය කිරීම හා පැවැත්වීම.
  • ප්‍රශ්න පත්‍ර සැකසුම්කරුවන්, ප්‍රමාණකරුවන් හා උත්තර පත්‍ර පරීක්ෂකවරු තෝරා ගැනීම හා පත් කිරීම.
  • උත්තරපත්‍ර පරික්ෂා කිරීම පිළිබදව පරික්ෂණ මණ්ඩලය සඳහා වැඩසටහන් පැවත්වීම.
  • ඩිප්ලෝමා පාඨමාලා වල අවසාන ප්‍රතිඵල සැකසීම.
  • ඩිප්ලෝමා පාඨමාලා වල අවසාන ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විධායක මණ්ඩල රැස්වීම් සංවිධානය කිරීම
  • ප්‍රතිඵල නිකුත් කිරීම
  • ප්‍රතිඵල වාර්තා පවත්වා ගැනීම
  • ඩිප්ලෝමා සහතික පත්‍ර නිකුත් කිරීම.
  • ඩිප්ලෝමා පාඨමාලා වල  ප්‍රතිඵල තහවුරු කිරීම.
24-512

අතිරේක අධ්‍යක්ෂ (විභාග)

ඒ.කේ.ජයවර්ධන මිය

අප අමතන්න