ETC-Bee_development_unit – si

මී මැසි සංවර්ධන ඒකකය - බිඳුණුවැව

ශ්‍රී ලංකාවේ මී මැසි පාලනය වැඩි දියුණු කිරීමේ අරමුණින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු අංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආයතනය ලෙස මෙම ආයතනය ආරම්භ කර ඇත. බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ බිඳුණුවැව ප්‍රදේශයේ ආයතනය පිහිටුවා ඇත.

මෙහෙවර:-

නිවැරදි තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ පුහුණුව හා ආදර්ශන තුලින් මී මැසි පාලනය හා පරාගන ක්‍රියාවලියේ වැදගත්කම පෙන්වාදෙමින් ගොවීන් හා උනන්දුව දක්වන සියළුම පිරිසට අවශ්‍ය දැනුම හා සේවාවන් ලබාදීම.

ආයතනය ලබාදෙන සේවාවන්

පුහුණු කටයුතු
    • මී මැසි පාලන පුහුණු වැඩසටහන්

අප ආයතනයේ පුහුණු කාර්ය මණ්ඩලය විසින් මී මැසි පාලනය පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබාදෙන අතර පුහුණු වැඩසටහන් දින 01, දින 02 හා 03 වශයෙන් පුහුණුලාභීන්ගේ අවශ්‍යතාවය පරිදි සංවිධානය කෙරේ. එම පුහුණුව තුලින් මී මැසි පාලනය ආරම්භ කිරීමට අවශ්‍ය මූලික ප්‍රායෝගික දැනුම සපුරාගත හැකිවේ. රජයේ හා රාජ්‍ය නොවන ආයතන වල නිලධාරීන්, ගොවීන්, සිසුන් හා උසස් අධ්‍යාපන ආයතන වල සිසුන්ට පුහුණුව සඳහා සහභාගී විය හැකිය.

  • NVQ මට්ටමේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා අවශ්‍ය ආයතනික ප්‍රායෝගික පුහුණුව ලබාදීම.
  • විශ්ව විද්‍යාල අවසන් වසර සිසුන් සඳහා අවශ්‍ය පර්යේෂණ සහිත ආයතනික ප්‍රායෝගික පුහුණුව ලබාදීම.
    • මී මැසි පාලන උපකරණ නිෂ්පාදන පුහුණු වැඩසටහන්

උපකරණ නිෂ්පාදනය සඳහා කැමැත්තක් දක්වන අයට උපකරණ නිෂ්පාදනය පිළිබඳ දින 02ක පුහුණුවක් ලබාදීම.

මී මැසි පාලන උපකරණ හා මී පැණි නිෂ්පාදනය

ආයතනය සතු වඩු වැඩපල මඟින් මී මැසි පෙට්ටි, දුම් විසුරණ හා ගේට්ටු තහඩු වැනි මෙවලම් නිෂ්පාදනය කර අලෙවිය හා ආයතනය මඟින් ක්ෂේත්‍ර යේ නඩත්තු කරනු ලබන මී මැසි ජනපද වලින් ලබා ගන්නා මී පැණි අලෙවිය සිදුකිරීම.

ආයතන පරිශ්‍රය නැරඹීම

ආයතන පරිශ්‍රය ප්‍රදර්ශන ඒකකයක් ලෙස සකස් කර ඇති අතර දෛනිකව පැමිණ නැරඹිය හැකි අතර, මී මැසි පාලනය පිළිබඳ කෙටි දැනුවත් කිරීම් සිදුකිරීම හා ප්‍රායෝගිකව දැක බලාගැනීමට පැමිණෙන්නන්ගේ ගැටළු වලට උපදෙස් ලබාදීම ආයතනයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය හරහා සිදුකිරීම.

ව්‍යාප්ති කටයුතු

මී මැසි පාලනයට අදාල තාක්ෂණික දැනුම ජනතාවට ලබාදීමට හැකිවන පරිදි ක්ෂේත්‍ර මට්ටමින් දිවයින පුරා පුහුණු වැඩසටහන් පැවැත්වීම, බාහිර ආයතන වල ව්‍යාපෘති සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ව්‍යාපෘති හරහා දිවයිනේ විවිධ ප්‍රදේශ වල මී මැසි පාලන ව්‍යාප්ති කටයුතු සිදුකිරීම හා ප්‍රදර්ශන පැවැත්වීම මඟින් මී මැසි පාලනය සියළු දෙනාම දැනුවත් කිරීම. මෙම සේවාවන්ට අමතරව,

  • දුරකථන හා ලිපි හා මඟින් ලැබෙන ගැටළු වලට පිළිතුරු සැපයීම.
  • මී මැසි පාලන උපකරණ මිලදී ගැනීමට අදාළ නිෂ්පාදකයින් සම්බන්ධීකරණය.
  • මී මැසි පාලනය ආශ්‍රිත නිෂ්පාදනයන් (මී පැණි, මී ඉටි, මී මැසි ජනපද) සඳහා වෙළඳපොළ සම්බන්ධීකරණය සිදුකිරීම.
  • මී මැසි පාලනය පිළිබඳ දිවයිනේ දත්ත හා තොරතුරු එක්රැස් කිරීම.
ගෝචර ශාක නිෂ්පාදනය හා බෙදා හැරීම

මී මැසි ජනපද ව්‍යාප්ත කිරිමේදී ඔවුන්ගේ වර්ධනය සඳහා අවශ්‍ය මල් පැණි හා පරාග ලබා ගත හැකි ශාක වගා කිරීම ද වැදගත් වේ. ඒ සඳහා වැදගත් ශාක වර්ග නිෂ්පාදනය කර ලබා දීම ආයතනයේ තවත් එක් සේවාවකි.   

විවිධ පර්යේෂණ

මී මැසි පාලනය සිදුකරගෙන යාමේදී ඇතිවන ගැටළු සඳහා ක්ෂේත්‍රයේදී පර්යේෂණ සිදුකර ලබාගන්නා විසඳුම් සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම. 

ඡායාරූප එකතුව

24-512

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

ජී.ජී.ආර්. විමුක්ති මහතා

අප අමතන්න