ETC-agri.school-labuduwa -si

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය-ලබුදුව

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ලබුදූව ශ්‍රී ලංකා කෘෂිකර්ම  විද්‍යාලය පිහිටා ඇති අතර එය  1994 දී ආරම්භ කර ඇත. මින්  පෙර මෙම ආයතනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානය (ඩී.ඒ.ටී.සී. ලබුදූව) ලෙස භාවිතා විය. මෙම ආයතනය පිහිටුවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රටේ කෘෂි ආර්ථික සංවර්ධනයට සමගාමීව කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අවශ්‍යකරන මධ්‍යම කළමනාකරණ මට්ටමේ මානව සම්පත අඛණ්ඩව බිහිකිරීමයි.

භෞතික හා මානව සම්පත් පුළුල් වීමත් සමඟ ලබුදූව ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා  බෝග නිෂ්පාදනය, ගෙවතු වගාව, සත්ව පාලනය, කෘෂිකාර්මික ඉංජිනේරු විද්‍යාව , පැලෑටි ආරක්ෂණය, ගොවිපල කළමනාකරණය, කෘෂිකාර්මික අලෙවිය සහ අලෙවිකරණ කළමනාකරණය යන විෂය දැනුම,හුරුව හා කුසලතාවයෙන් සමන්විත, රැකියා නිපුණතාවයෙන් යුතු ඩිප්ලෝමාධාරීන්  සිය දෙනෙකු පමණ වාර්ෂිකව බිහිකරනු ලැබේ.

මේ වන විට,ලබුදූව කෘෂිකර්ම විද්‍යාලය සඳහා, ශ්‍රී ලංකාවේ දකුණු, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත් වලින් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් දෙපිරිසම ඇතුලත්කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. තවද ලබුදූව කෘෂිකර්ම විද්‍යාලය 1998 සිට ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුහුණු ආයතනයක් ලෙස තෘතීයික වෘත්තීය හා අධ්‍යාපන කොමිසමේ (TVEC ) හි ලියාපදිංචි කර ඇත.  2015 වසරේ සිට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) හඳුන්වා දෙන ලදී.

මේ වන විට වාර්ෂිකව ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) -05 සහ 06 මට්ටමේ කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික සහ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කරන ලද සිසුන් 100 දෙනෙකු පමණ කෘෂිකර්ම ක්ෂේත්‍රයට දායාද කරනු ලබයි.

කෘෂිකර්ම විද්‍යාල පරිශ්‍රය හෙක්ටයාර 2.5 ක පමණ භූමි භාගයකින් සමන්විත වන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ආයතන සංකීර්ණය තුල පිහිටීම හේතුවෙන්  (ලබුදූව වී පර්යේෂණ ආයතනය, රජයේ ගොවිපල සහ බීජ සහතික කිරීමේ මධ්‍යස්ථානය ආදී) ඩිප්ලෝමා අපේක්ෂකයින්ට එම ආයතනවල භෞතික හා මානව සම්පත් තම අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කරමින් වඩාත්  ඵලදායී  පුහුණුවක්  ලබාගැනීමට අවස්ථාව හිමිව ඇත. 

අරමුණු

  • ජාතික වෘත්තීය සුදුසුකම් 05 මට්ටමේ ( NVQ- 5 ) කෘෂිකාර්මික නිෂ්පාදන තාක්‍ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හා  ජාතික වෘත්තීය සුදුසුකම් 06 මට්ටමේ ( NVQ 6 ) උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව  සඳහා වාර්ෂිකව සිසුන්  ඇතුළත් කර ගැනීම.
  • තත්ත්ව කළමනාකරණ පද්ධතියේ අඛණ්ඩ වැඩිදියුණු කිරීම්  තුළින්  තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම විසින්  සෑම වසර 3 කට වරක් පිරිනමනු ලබන අදාල සහතිකය ලබා ගැනීම.
  • සෑම වසර 3 කට වරක් කෘෂිකාර්මික නිෂ්පාදන තාක්‍ෂණය පිළිබඳ දැනට පවතින ජාතික හා උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ප්‍රතීතනය ලබා ගැනීම
  • සෑම අධ්‍යයන වර්ෂයකම සාර්ථකව ආයතනික පුහුණුව අවසන් කළ සිසුන් සඳහා  රැකියාස්ථ පුහුණුව(OJT) ලබාදීමට අවශ්‍ය පහසුකම් සැලසීම.

ක්‍රියාකාරකම්

  • මාස හයක කෘෂිකාර්මික සංවර්ධන සහකාර සහතික පත්‍ර පාඨමාලාව පැවැත්වීම.
  • ජාතික වෘත්තීය සුදුසුකම් 05 මට්ටමේ (NVQ 05) කෘෂිකාර්මික නිෂ්පාදන තාක්‍ෂණය පිළිබඳ  ජාතික ඩිප්ලෝමා පාඨමාලාව පැවැත්වීම.
  • ජාතික වෘත්තීය සුදුසුකම් 06 මට්ටමේ (NVQ 06)කෘෂිකාර්මික නිෂ්පාදන තාක්‍ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව පැවැත්වීම.
  • විවිධ රාජ්‍ය නිලධාරීන්ට සහ ගොවි කණ්ඩායම්වලට කෘෂිකාර්මික දැනුම ලබා දීමේ අරමුණින් කෘෂිකාර්මික වැඩමුළු සංවිධානය කර පැවැත්වීම .

සේවාවන්

  • හඳුනාගත් ක්‍රියාකාරී අරමුණු කාලානුරූපව යාවත්කාලීන කිරීම සහ 2/1 ගොනුවේ ලැයිස්තුගත කර අවසන් කිරීම (වාර්තා පාලනය කිරීම)
  • ගෙවතු වගාව, මල් වගාව, කොම්පෝස්ට් නිෂ්පාදනය, රෝග පාලනය සහ තවාන් කළමනාකරණය වැනි ප්‍රායෝගික කෘෂිකාර්මික දැනුම ලබා දීම සඳහා රජයේ නිලධාරීන් සහ ගොවි කණ්ඩායම් සඳහා කෘෂිකාර්මික වැඩමුළු සහ ප්‍රායෝගික පුහුණු පාඨමාලා සංවිධානය කර පැවැත්වීම.
  •  කාන්තා වවසායකත්වය පදනම් කරගත් ගොවි කාන්තාවන් සඳහා ආහාර නිෂ්පාදන ප්‍රායෝගික වැඩමුළු  පැවැත්වීම.
  • ලබුදූව හෙළ බොජුන් හල්  නඩත්න්තු කිරීම සහ එමගින් සිදු කරනු ලබන සියළුම කටයුතු අධීක්ෂණය කිරීම

අපගේ ඡායාරූප එකතුව

24-512

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ / විදුහල්පති

ජී.ජී.වී. ශ්‍යාමාලි මිය

අප අමතන්න