ETC-TRAINING-ISTI -Gannoruwa-sinhala

සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය - ගන්නෝරුව

ගන්නෝරුවේ පිහිටි සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය (ISTI) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම පුහුණු ආයතනය වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති කාර්ය මණ්ඩලයේ නිපුණතා ප්‍රවර්ධනය සඳහා කෘෂිකර්මාන්තය  පිළිබඳ නව  තොරතුරු, නවෝත්පාදන සහ නවීන තාක්ෂණය පිළිබඳ ඔවුනට අවශ්‍ය සේවාවස්ථ පුහුණු ලබාදීමේ වගකීම මෙම ආයතනය  වෙත පැවරී ඇත. මෙම ආයතනය  මගින් ලබා දෙනු ලබන පුහුණු පාඨමාලා ඔවුන්ගේ කාර්යය සාධනය වැඩි දියුණු කීරීම සඳහා මහෝපකාරී වේ.

ඉහළ ගුණාත්මක බවින් යුත්  පලතුරු පැල නිෂ්පාදනය, එළවළු බෝග නිෂ්පාදනය, එළවළු තවාන් පාලනය, අතිරේක ආහාර බෝග නිෂ්පාදන තාක්ෂණය, ක්ෂුද්‍ර ජලසම්පාදනය සහ ආරක්ෂිත කෘෂිකර්මාන්තය, මී මැසි පාලනය සහ බිම්මල් වගාව යනාදි පාඨමාලා මෙම ආයතනය විසින්  පවත්වනු ලබන පුහුණු පාඨමාලා වලින් කීපයක් ලෙස ගෙන හැර දැක්විය හැකිය. මීට අමතරව මානව සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍යම වන්නාවු ව්‍යාප්ති ක්‍රමවේද සහ පුහුණු ක්‍රමවේද වැනි පුහුණු වැඩසටහන්ද ව්‍යාප්ති කාර්ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි කාර්තුමය වශයෙන් සැලසුම් කරන පුහුණු වැඩසටහන්ද පවත්වාගෙන යනු ලබයි. පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඇගයීම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ පුහුණුකරුවන් විසින් සිදු කරනු ලැබේ. ඉලක්කගත කණ්ඩායමේ පුහුණු අවශ්‍යතා අනුව වැඩසටහන් සහ විෂයමාලා සකස් කරනු ලැබේ.

 

ව්‍යාප්ති කාර්ය මණ්ඩල සංවර්ධන පුහුණු වැඩසටහන් වලට අමතරව ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය මගින් ගොවීන් හා ව්‍යවසායකයින් සඳහා ක්ෂුද්‍ර ජල සම්පාදනය, ආරක්ෂිත කෘෂිකර්මාන්තය, මී මැසි පාලනය, බිම්මල් වගාව සහ ආහාර තාක්‍ෂණය සහ අගය එකතු කිරීම පිළිබඳ පුහුණු ද පවත්වයි.

සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ ආදර්ශ ගොවිපල සෑම විටම ගොවීන්, පාසල් ළමුන්, ඩිප්ලෝමා සහ විශ්ව විද්‍යාල සිසුන් සඳහා කෘෂිකාර්මික තාක්ෂණයන් පිළිබඳ දැනුම හා කුසලතා වැඩි දියුණු කිරීම සඳහා විවෘතව පවතී.

ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය මගින් තරුණ හා පාසල් හැරගිය අය සඳහා NVQ 3/4 මට්ටමේ භූ දර්ශන තාක්‍ෂණ ශිල්පී පාඨමාලාවක් ද පවත්වනු ලබන අතර එය මාස 06 ක ආයතනික පුහුණුවක් සහ මාස 06 ක රැකියා පුහුණුවකින් සමන්විත වේ.

මෙහෙවර

ශ්‍රී ලාංකික ගොවි ප‍්‍රජාවගේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන්ගේ කෘෂි ව්‍යවසායකයින්ගේ සහ කෘෂි අධ්‍යාපනය ලබන සිසුන්ගේ නව කෘෂි තාක්‍ෂණය පිළිබඳ දැනුම හුරුව සහ කුසලතා වර්ධනය කිරීම තුළින් ආකල්පමය වෙනසක් ඇති කිරීමට අවශ්‍ය පුහුණු වැඩසටහන් සම්මන්ත්‍රණ වැඩමුළු සහ ක්ෂේත‍්‍ර ආදර්ශන පැවැත්වීම මඟින් දේශීය කෘෂිකාර්මික සංවර්ධනයට සක්‍රීයව දායකවීම.

අරමුණු

  • දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති කාර්ය මණ්ඩලයට තම රාජකාරි කාර්යක්‍ෂමව සිදු කිරිමට අවශ්‍ය දැනුම හා හුරුව ලබා දීමට අවශ්‍ය පහසුකම් සැපයීම
  • ව්‍යාප්ති නිලධාරින් සඳහා කෘෂි තාක්‍ෂණ විෂයයන් පිළිබඳ නව තාක්‍ෂණික ශිල්ප ක‍්‍රම ඇතුළත් පුහුණු වැඩසටහන් සංවිධානය කර පැවැත්වීම තුලින් ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය කර කෘෂි තාක්‍ෂණික ව්‍යාප්තිය කාර්යක්‍ෂම කිරිම
  • නවීන තාක්‍ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල කාර්ය මණ්ඩලයන්, අධ්‍යයන ආයතනවල සිසු සිසුවියන් හා ගොවි ජනතාව සඳහා කෘෂි තාක්‍ෂණික දැනුම ලබා දීම

ක්‍රියාකාරකම්

  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,ගොවීන් සහ ව්‍යවසායකයින්ට කෘෂිකාර්මික තාක්ෂණික පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.
  • පුහුණු අවශ්‍යතා හදුනාගැනීම සහ සුදුසු පුහුණු වැඩසටහන් සකස් කිරීම
  • පුහුණූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදේශාත්මක සම්පත්, ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම
  • තාක්ෂණික නොවන පුහුණු වැඩසටහන් පැවැත්වීම

ඒකකය මගින් සිදුකරන වැඩසටහන් 

  • ආරක්ෂිත ගෘහ තුල බෝග වගාව
  • තවාන් පාලනය
  • මී මැසි පාලනය
  • බිම්මල් වගාව
  • ආහාර තාක්ෂණය
  • ක්ෂුද්‍ර ජල සම්පාදනය
  • ඉසින යන්ත්‍ර භාවිතය
  • කොම්පොස්ට් නිෂ්පාදනය

සේවාවන්

කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ නිලධාරින් සඳහා පවත්වනු ලබන පුහුණු වැඩසටහන්
  • එළවඵ බෝග නිෂ්පාදනය හා එළවඵ තවාන් පාලනය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • පලතුර වගාව හා තවාන් පාලනය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • වෙනත් ක්ෂේත්‍ර බෝග නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • ක්ෂුද්‍ර ජල සම්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • ආරක්ෂිත කෘෂිකර්මය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • මී මැසි පාලනය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • බ්ම්මල් වගාව පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • ආහාර තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • පසු අස්වනු තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • ගෙවතු වගාව පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • ව්‍යාප්ති ක්‍රමවේද පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • පුහුණු ක්‍රමවේද පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • විද්‍යාත්මක ලේඛන සැකසීම (scientific writing) පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • ව්‍යාපෘති වාර්තා සැකසීම පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම
  • මුදල් රෙගුලාසි පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම
ගොවි මහතුන් සහ ව්‍යවසායකින් සඳහා පවත්වනු ලබන පුහුණු වැඩසටහන්
    • ක්ෂුද්‍ර ජල සම්පාදනය
    • ආරක්ෂිත කෘෂිකර්මය
    • මී මැසි පාලනය
    • බ්ම්මල් වගාව
    • ආහාර තාක්ෂණය හා අගය එකතු කිරීම
    • ගෙවතු වගාව

අපගේ ඡායාරූප එකතුව

24-512

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (පුහුණු)

ඒ.ජී. කරුණාරත්න මහතා

අප අමතන්න